Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකාව අද සටන් බිමට

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි එක්දින තරගය අද (18දා) අබුඩාබිහිදී පැවැත්වේ.
තරගාවලියට අවතීර්ණ වීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වී ඇති අතර, පාකිස්තානය ජය ගතහොත් තරගාවලි ජය පාකිස්තානයට හිමිවේ.
පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීද පෙර පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
පාකිස්තානු පන්දු රකින්නන් උඩ පන්දු 2ක් අත් හැරීමෙන් පසු සටනක් දුන් නායක උපුල් තරංග ශතකයක් රැස් කළද එය පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
තරංග ඉනිම අවසන් වනතුරු කඩුල්‍ලේ රැඳී සිටිමින් ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා ලෙස වාර්තා ‍පොතට එක්විය.
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වන අතර, චාමර කපුගෙදර සහ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කිරීම පිළිබඳ අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය සාර්ථක දස්කම් දැක්වුවද පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් පරාජය වීමට සිදුවී තිබේ.
මේ අතර අද තරගයටද පාකිස්තානය සුපුරුදු කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත් ඉමාඩ් වසීම් වෙනුවට වේගපන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීම ගැනද අවධානය යොමුකර ඇති බව වාර්තාවේ.
පළමු තරග දෙකේදී ශතක රැස් කරමින් ලකුණු අතර සිටින බාබර් අසාම් ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවට හිතකරවේ.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 4.30ට දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
 
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනන්ජය, ජෙෆ්රි වැන්ඩසේ
 
පාකිස්තානු එක්දින සංචිතය
 
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, රුමාන් රීස්, ජුනේඩ් ඛාන්, හැරිස් සොහෙල්, ඉමාම් උල් හක්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2505

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1643

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 879

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1902

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5544

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3480

Please publish modules in offcanvas position.

Web Analytics