Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තරගාවලිය සම කිරීමේ වගකීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට පැවරෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (16දා) අබුඩාබිහිදී පැවැත්වේ.
පළමු තරගයෙන් ජයගත් පාකිස්තානය තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
පළමු තරගයේදී ශ්‍රී ලංකාව තුන් ඉරියව්වෙන්ම පරාජය කිරීමට පාකිස්තානය සමත්වූ අතර ලකුණු හඹා යාමේදී පෙර පෙළ බිඳ වැටීම නිසා අවසානයේදී සටනකින් තොරව පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
අද තරගයේදී සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යවී ඇති අතර ඉනිමේ වැඩි වගකීම පිතිකරුවන් වෙත රැඳවී තිබේ.
දික්වැල්ල, තරංග, චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන අසාර්ථක වීම නිසා ලකුණු හඹා යාම අඩපණවීම නිසා පළමු තරගය පරාජය වූ අතර අද තරගයේදී පෙර පෙළින් සුපිරි ඉනිම් කිහිපයක් අත්‍යවශ්‍ය වී තිබේ.
ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන තිසර පෙරේරාද අසාර්ථක වීමෙන් ශ්‍රී ලංකාවට සටනක් දීමට තිබූ අවස්ථාව මගහැරී ගියේය.
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ සිදුවන වෙනස්කම් මතෛක් තීරණය කර නොමැති අතර එය අද පෙරවරුවේදී තීරණය කිරීමට නියමිතව තිබේ.
තරගාවලියට යළි අවතීර්ණ වීමට අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත්වී තිබේ.
පාකිස්තාන පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම යෙදවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තාවේ. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භවේ. 
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනන්ජය, ජෙෆ්රි වැන්ඩසේ
 
පාකිස්තානු එක්දින සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, රුමාන් රීස්, ජුනේඩ් ඛාන්, හැරිස් සොහෙල්, ඉමාම් උල් හක්
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 148

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 176

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 288

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 433

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7046

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4627

Please publish modules in offcanvas position.

X

Right Click

No right click