Coss Ear2
lakbima.lk
COSS Ear 1

රවිඳු සංජන දෙවැනි ශතකය රැස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී සිය දෙවැනි ශතකය රැස් කිරීමට ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාලයේ රවිඳු සංජන සමත් විය.

රවිඳු සංජන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව පන්දු 234කදී හතරේ පහර 19ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 168ක් රැස් කළේය.

තවත් තරගයකදී යාපනය ශා. පැට්රික් විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දක්වමින් ඉනිම දෙකේදී ලකුණු 33කට කඩුලු 12ක් දවාලීමට කොළඹ ශා. ජෝශප් විද්‍යාලයේ දකුණත් පිට දඟ පන්දු යවන අශාන් ඩැනියෙල් සමත්විය.
ඩැනියෙල් මුල් ඉනිමේදී ලකුණු 6ට කඩුලු 5ක් බිඳ හෙලූ අතර, දෙවැනි ඉනිමේදී ලකුණු 27ට කඩුලු 7ක් බිඳ හෙළීය.

ශා. ඇලෝසියස් - ගම්පහ බණ්ඩාරනායක
බණ්ඩාරනායක: පළමු ඉනිම - 85 (පන්දුවාර 30)
ළහිරු රොෂේන් 27, කවික ඩිල්ෂාන් 5/19, හරීන් බුද්දිල 2/5, කවිඳු මධුරංග 2/12
ශා. ඇලෝසියස්: පළමු ඉනිම - 282/6 (පන්දුවාර 80.1) රවිඳු සංජන නොදැවී 168, පසිඳු නානායක්කාර 50, ජනිඳු ජයවර්ධන 2/52, හචිත හේමප්‍රිය 2/55
බණ්ඩාරනායක: දෙවැනි ඉනිම - 67 (පන්දුවාර 29.2) පසිඳු බණ්ඩාර 21, හරීන් බුද්දිල 3/18, නිදුක මල්සිත් 2/8, කවික ඩිල්ෂාන් 2/14, රවිඳු සංජන 2/18
ඇලෝසියස්ට ඉනිමක සහ ලකුණු 130ක ජයක්.
ශා. ජෝශප්-යාපනය ශා. පැට්රික්
ශා. ජෝශප්: පළමු ඉනිම - 258/8 (පන්දුවාර 63.5) ජෝහෑන් ද සිල්වා 62, සචින්ත මහින්දසිංහ නොදැවී 59, ඩිනාල් අනුරුද්ධ 45, කැමරන් දුරුගේ 42, යෙසිත් රූපසිංහ 26, ජේ. අනෝජන් 3/68
ශා. පැට්රික්: පළමු ඉනිම - 38 (පන්දුවාර 22.3) අශාන් ඩැනියෙල් 5/6, දුනිත් වෙල්ලාලගේ 4/10
ශා. පැට්රික්: දෙවැනි ඉනිම - 75 (පන්දුවාර 23.4) අශාන් ඩැනියෙල් 7/27
ශා. ජෝශප් විද්‍යාලයට ලකුණු 312ක ජයක්.
මහනුවර ත්‍රිත්ව-මාතර ශා. සර්වේෂස්
සර්වේෂස්: පළමු ඉනිම - 138 (පන්දුවාර 59.2) සඳරු නෙත්මිණ 28, කවිෂ්ක සේනාධීර 4/48, තිසරු ඩිල්ෂාන් 3/29, විමුක්ති නෙතුමාල් 3/41
ත්‍රිත්ව: පළමු ඉනිම - 272/4 (පන්දුවාර 77) හසිත බෝයගොඩ නොදැවී 130, පූර්ණ වනසේකර 49, ටේ‍රවොන් පර්සිවෙල් නොදැවී 25, ඉමංග සූරියම්‍පොල 25,
සර්වේෂස්: දෙවැනි ඉනිම - 85 (පන්දුවාර 32.2) ශෂික දුල්ෂාන් 27, පසිඳු මනුප්‍රිය නොදැවී 25, විමුක්ති නෙතුමාල් 5/27, කවිෂ්ක සේනාධීර 2/29
ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 49ක ජයක්.

පමෝද් ලසන්ත

IMAGE

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 1579

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 2368

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 5442

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 5169

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 5871

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 10035

Please publish modules in offcanvas position.