Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පාකිස්තානු සටනට ශ්‍රී ලංකා පිල 24 දා පිටත්ව යයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පිල ලබන 24 දා ආරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථම වරට දිවා/රාත්‍රී ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර එම තරගය ඩුබායිහිදී පැවැත්වේ.
තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනකුගෙන් සමන්විත සංචිතය නව තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
තරගාවලිය සඳහා තෝරා තිබෙන කණ්ඩායම පිළිබඳව සෑහීමකට පත්වන බවත් සමබර කණ්ඩායමක් ලැබි ඇති බවත් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
මැතිව්ස් ආබාධයකට ලක්වීම කනගාටුවට කරුණක් වන නමුත් තරගාවලියේදී හොඳ සටනක් දීමට බලා‍පොරොත්තු වන බවද චන්දිමාල් කියයි.
මෙම තරගාවලියේ පළමු තරගයට ආබාධයක් හේතුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරන අතර ළහිරු තිරිමාන්න උපනායක ලෙස නම් කර තිබේ.
උපුල් තරංග ටෙස්ට් තරගවලින් මාස 6ක විවේකයක් ගැනීම නිසා ආරම්භක පිතිකරු ස්ථානයකට යළිත් කෞෂාල් සිල්වා කැඳවා තිබේ.
මේ අතර නවක ක්‍රීඩක සධීර සමරවික්‍රම පළමුවරට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබිම විශේෂ සිදුවීමකි.
පසුගිය ශ්‍රී ලංකා ඒ හා අන්තර් ක්‍රීඩා තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ සධීරට සිය හැකියාව පෙන්වීමට මෙම තරගාවලිය හොඳ අවස්ථාවක් වී තිබේ.
මැද පෙළ පිතිකරු රොෂේන් සිල්වා කණ්ඩායමට කැඳවා ඇති අතර සිය ස්ථානය තහවුරු කර ගැනීමට ඔහුටද අවස්ථාවක් හිමි වී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා පි‍ලේ පිතිකරුවන් ලෙස චන්දිමාල්, තිරිමාන්න, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.
වේග පන්දු  යවන්නන් ලෙස සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු ගමගේ නම් කර තිබේ.
දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත්, ලක්ෂාන් සඳකැන් සහ දිල්රුවන් පෙරේරා කැඳවා තිබේ.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තෙවැනි 20-20 තරගය ලාහෝර් නුවර පැවැත්වීමට නියමිතව ඇති අතර ආරක්ෂක තත්ත්වය අනුව අවසන් තීරණය ටෙස්ට් තරගාවලියෙන් පසු ගැනීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලහිරු තිරිමාන්න (උපනායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු ගමගේ,අතිරේක - ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, ලහිරු කුමාර,දසුන් ශානක.

මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2987

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1815

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1396

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3546

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5986

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5253

Please publish modules in offcanvas position.