Coss Ear2
lakbima.lk
COSS Ear 1

තරගාවලියේ පෙරමුණ ගන්න දෙපිලම සූදානමින්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (6දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගය වසර දෙකකට පසු සූරිය වැවදී පැවැත්වෙන  පළමු ක්‍රිකට් තරග වෙයි.
දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වෙයි.
තරගාවලියේ පළමු තරග දෙක ගාල්ලේදී පැවැති අතර පළමු තරගයේ ජය සිම්බාබ්වේටත් දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවටත් හිමිවීම නිසා තරගාවලිය 1-1 ලෙස සමවී තිබේ.
අද තරගයෙන් ජය ගෙන තරගාවලියේ පෙරමුණ ගැනීමට දෙපිලම සූදානමින් පසුවෙන බැවින් තියුණු තරගයක් ඇතිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව සූරියවැවදී එක්දින තරගවලදී සම දස්කම් දක්වා ඇති අතර එහිදී තරග 16 කට ක්‍රීඩා කර තරග 7ක් ජයගෙන තරග 6ක් පරාජයවී තරග 3ක් විසඳුමකින් තොරව අවසන්වී තිබේ.
පළමු තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත් වුවද දෙවැනි තරගයේදී ඔවුන් පාලනය කිරීමට සඳකැන් සහ වනිඳු  සමත්වූහ.
මේ අනුව අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වෙනස් සැලසුමකට අනුව පහරදීමට සිම්බාබ්වේ පි‍ලේ අපේක්ෂාව වී තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පි‍ලේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර චාමර කපුගෙදර සහ නුවන් කුලසේකර සංචිතයට කැඳවා තිබේ. පළමු තරගයට ක්‍රීඩා කළ ලහිරු මධුසංඛ සහ අමිල අ‍පොන්සුට සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ.
තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා නායක මැතිව්ස් පවසන්නේ අද තරගයට දෙවැනි තරගය ජයගත් ජයග්‍රාහී කණ්ඩායමම ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවයි.
“අපි දෙවැනි තරගය දිනපු කණ්ඩායම එක්කම මෙම තරගයට යනවා. වේග පන්දු යවන්නන් දෙදෙනකු සංචිතයට කැඳවූයේ ක්‍රීඩාංගණයේ තත්ත්වය ගැන හිතලයි. වෙනසක් සිදුවීමට ඉඩකඩ අඩුයි” යැයි මැතිව්ස් පවසයි.
දිනේෂ් චන්දිමාල් වෙනුවට චාමර කපුගෙදර කැඳවීම පිළිබඳව නැගූ පැනයට පිළිතුරු දුන් මැතිව්ස් පැවැසුවේ මැද පෙළ පිතිකරුවෙකුගේ අවශ්‍යතාව මත කපුගෙදර කැඳවූ බවයි. 
“චන්දිමාල් ක්‍රීඩා කරන්නේ අංක 4යි. දැන් අංක 4ට උපුල් තරංග ඉන්නවා. හදිසියකදී අවශ්‍ය වන්නේ මැදපෙළ පිතිකරුවෙක්. ඒ නිසයි තේරීම් කමිටුව මෙම තීරණය අරගෙන තියෙන්නේ.” යැයි මැතිව්ස් පවසයි.
තරගය පිළිබඳව අදහස් දක්වන සිම්බාබ්වේ නායක ක්‍රීමර් පවසන්නේ ක්‍රීඩාංගණය විශාල බැවින් සිය දඟ පන්දු යවන්නන් යොදවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට තම පිල සූදානමින් පසුවන බවයි.
“ දෙවැනි තරගයේදී රිවර්ස් ස්වීප් සහ ස්වීප් පහරවල්වලින් පිතිකරුවන් දැවී ගියා. ඒකෙන් අපි පාඩමක් ඉගෙන ගත්තා. මේ තරගයේදී වෙනස් උපක්‍රමයක් අනුගමනය කරනවා.” යැයි ක්‍රීමර් පවසයි.
 
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, නුවන් කුලසේකර, ලහිරු කුමාර
 
සිම්බාබ්වේ සංචිතය
ග්‍රැහැම් ක්‍රීමර් (නායක), කේ‍ර්ග් අර්වින්, හැමිල්ටන් මසකඩ්සා, වෙලින්ටන් මසකඩ්සා, සොලමන් මයර්, පීටර් මුවර්, ක්‍රිස් මෝෆු, කෙනත් මුසකන්ඩා, රිචඩ් එංගාරවා, ඩොනල්ඩ් ටිරිපානෝ, මැල්කම් වොලර්, ෂෝන් විලියම්ස්, චමූ චිබාබා, ෂිකන්ද රාසා, රයන් බර්ල්, ටෙන්ඩායි චටාරා
 
මංගල ධර්මප්‍රේම සූරියවැව සිට

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2174

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1567

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3114

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1819

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6580

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3971

Please publish modules in offcanvas position.