Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සඳකැන්-වනිඳු සහ තරංග ශ්‍රී ලංකා ජය තහවුරු කරති

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (2දා) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 1-1 ලෙස සම කරීමට සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පන්දුවාර 33.4 දී ලකුණු 155 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූ අතර ලකුණු 156 ක ඉලක්කය පන්දුවාර 30.1 දී කඩුලු 3 ක් දැවී පසු කිරීමට පිතිකරුවෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ලක්ෂාන් සඳකැන් ලකුණු 52 ට කඩුලු 4 ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර සිය මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් වාර්තා ‍පොතට එක්වීමට වනිඳු හසරංග සමත්විය.
ලකුණු හඹා යාමේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ උපුල් තරංග පන්දු 86 දී හතරේ පහර 8 ක් සහිතව නොදැවී ලකුණු 75 ක් ලබමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය.
ඉනිම ආරම්භයේදීම සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ නුවන් ප්‍රදීප් පළමු තරගයේදී ශතකයක් ලැබූ සොලමන් මිරේ ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමෙන් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් හිමිවිය.
හැමිල්ටන් මසකඩ්සා සහ කේ‍ර්ග් අර්වින්ගේ ලකුණු 56 ක සම්බන්ධතාව බිඳ දමමින් ලකුණු 41 ක් ලැබූ මසකඩ්සා පිටියෙන් ඉවත් කිරීමට අසේල ගුණරත්න සමත්වීමෙන් පසු අර්වින් ලකුණු 22 කට දවාගත් සඳකැන් සිය කඩුලු ලබා ගැනීම ඇරඹීය.
රාසා, බර්ල් සහ මුවර් පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ සඳකැන් ලකුණු 52 ට කඩුලු 4 ක් ලබාගත් අතර ෂෝන් විලියම්ස් ලකුණු 13 කට දවා ගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත්විය.
ලකුණු 38 ක් ලබාසිටි වොලර් දවාගත් වනිඳු  ඊළඟ පන්දු දෙකේදී ටිරිපානෝ සහ චටාරා දවා ගැනීමෙන් සිම්බාබ්වේ ඉනිම ලකුණු 155 කට අවසන් විය.
ලකුණු හඹා යාමේදී ධනුෂ්ක (8) සහ මෙන්ඩිස් (00) එකම පන්දුවාරයකදී දවා ගැනීමට චටාරා සමත්වීමෙන් ලකුණු 10 ට කඩුලු 2 ක් බිඳ වැටුණි.
ඉන් පසු පිටියේ එක්වූ දික්වැල්ල සහ තරංග ලකුණු 67 ක සම්බන්ධතාවයක් තැබිමෙන් පසු දික්වැල්ල ලකුණු 35 කට දවා ගැනීමට ක්‍රීමර් සමත් විය.
උපුල් තරංගට නායක මැතිව්ස් එක්වූ අතර තරගයේ 31 වැනි පන්දුවාරයේදී ඉලක්කය පසු කළේය. උපුල් තරංග නොදැවී ලකුණු 75 ක් රැස් කළ අතර නායක මැතිව්ස් නොදැවී ලකුණු 28 ක් ලබාගත් අතර සිව්වැනි කඩුල්‍ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 81 ක් විය.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවැනි එක්දින තරගය ලබන 6දා සූරියවැවදී පැවැත්වේ.

සිම්බාබ්වේ

මසකඩ්සා ඇ. හා ප. ගුණරත්න                    41
සොලමන් මිරේ ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්           0
කේ‍ර්ග් අර්වින් ඇ. දික්වැල්ල ප.                  22
ෂෝන් විලියම්ස් ඇ. ප්‍රදීප් ප. ගුණතිලක        13
සිකන්දර් රාසා ඇ. ප්‍රදීප් ප. සඳකැන්               8
රයන් බර්ල් ප. සඳකැන්                               9
මැල්කම් වොලර් ප. වනිඳු                          38
පීටර් මුවර් ප. සඳකැන්                              11
ග්‍රැහැම් ක්‍රීමර් (නොදැවී)                              1
ඩොනල්ඩ් ටිරිපානෝ ක.මු.ක. ප. වනිඳු         0
ටෙන්ඩායි චටාරා ප. වනිඳු                           0
අතිරේක                                                 12
මුළු ලකුණු (පන්දුවාර 33.4කදී සියලු දෙනා දැවී)155
කඩුලු බිඳ වැටීම :- 1-11, 2-67, 3-74, 4-91, 5-102, 6-119, 7-147, 8-155, 9-155, 10-155
පන්දු යැවීම :- ලසිත් මාලිංග 3-1-17-0, නුවන් ප්‍රදීප් 7-0-18-1, දුෂ්මන්ත චමීර 5-0-23-0, ලක්ෂාන් සඳකැන් 10-0-52-4, අසේල ගුණරත්න 5-0-15-1, ධනුෂ්ක ගුණතිලක 1-0-9-1, වනිඳු හසරංග 2.4-0-15-3

ශ්‍රී ලංකාව

නිරෝෂන් දික්වැල්ල ඇ. හා ප. ක්‍රීමර්           35
ධනුෂ්ක ගුණතිලක ප. චටාරා                        8
කුසල් මෙන්ඩිස් ඇ. මුවර් ප. චටාරා               0
උපුල් තරංග (නොදැවී)                              75
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)                     28
අතිරේක                                                  12
මුළු ලකුණු (පන්දුවාර 30.1කදී කඩුලු 3ක් දැවී)158
කඩුලු බිඳ වැටීම :- 1-9, 2-10, 3-77
පන්දු යැවීම :- ටෙන්ඩායි චටාරා 5-0-33-2, සිකන්දර් රාසා 10-0-34-0, ඩොනල්ට් ටිරිපානෝ 1-0-6-0, ග්‍රැහැම් ක්‍රීමර් 9.1-0-46-1, ෂෝන් විලියම්ස් 3-0-20-0, රයන් බර්ල් 2-0-15-0

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3978

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3720

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6790

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4196

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2618

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3425

Please publish modules in offcanvas position.

Web Analytics