Coss Ear2
lakbima.lk
COSS Ear 1

ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වෙයි

මාස 15 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා පිලට සිදුවූ අතර ඉන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ෆෝඩ් නිවාඩු ලබා සිය රට බලා ගොස් තිබුණි. 
ඉන් පසු සිය ඉල්ලා අස්වීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත භාරදී තිබූ අතර එය පිළිගැනීමට තීරණය විය. ෆෝඩ් 2019 ලෝක කුසලාන තෙක් ගිවිසුම් ගතව සිටියේය.
ෆෝඩ් යටතේ ශ්‍රී ලංකාව පසුගිය වසරේ ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම වූ ඕස්ට්‍රේලියාව තරග 3-0 කින් පරාජය කිරීමට සමත්වූ අතර ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 තරගාවලියෙන් තරග 2-1 ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
ෆෝඩ්ගේ ඉවත්ව යාම පිළිබඳව කනගාටුව පළකරන බවත් ඔහු ලබාදුන් සහයට ස්තූතිවන්ත වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
“ඔහු ශ්‍රී ලංකා පිලට ලබාදුන් සියලුදේට ස්තූතියි. ඔහු අපිට අවශ්‍ය අවස්ථාවේ සහය දුන්නා. ඔහු හොඳ මහත්මයෙක්. ඉවත්ව යාම ගැන කනගාටුයි. ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න සුබ පතනවා” යැයි සුමතිපාල මහතා පවසයි.
පසුගිය මාස 15 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් සමග වැඩ කිරීමට ලැබිම සතුටට කරුණක් බවත් ශ්‍රී ලංකාව පිළිබඳව මතකයන් සැමදා තම හදවතේ ඇති බවත් ෆෝඩ් පවසයි. ඉදිරිය පිළිබඳව තමා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුබ පතන බවද ෆෝඩ් පවසයි.
ශ්‍රී ලංකාවේ මීළඟ තරගාවලිය වන සිම්බාබ්වේ තරගාවලිය ලබන 30 දා ගාල්ලේදී ආරම්භ වෙයි.

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 631

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1150

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1011

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 779

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5437

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3591

Please publish modules in offcanvas position.