Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා-ඉන්දියා පුහුණු තරගය අද

කාන්ත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පුහුණු තරගය අද (21දා) චෙස්ටර්ෆීල්ඩ්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා පිල ඉනෝකා රණවීර විසින් මෙහෙයවනු ලබන අතර, ඉන්දීය කාන්තා පිල මිතලි රාජ් විසින් මෙහෙයවනු ලබයි.
මෙම තරගාවලියේ පුහුණු තරග යටතේ පැවැති පළමු පුහුණු තරගයෙන් එංගලන්තය හමුවේ කඩුලු 8ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47.2කදී ලකුණු 155කට දැවී ගිය අතර, එංගලන්තය පන්දුවාර 30.2කදී කඩුලු 2ට ලකුණු 156ක් ලබමින් ජය වාර්තා කළේය.
එංගලන්තය වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ සාරා ටේලර් පන්දු 56කදී හතරේ පහර 5ක් සහිතව නොදැවී ලකුණු 49ක් වාර්තා කළ අතර, ලොරේන් වින්ෆීල්ඩ් (35), ටමී බිමවුන්ට් (31) සහ හීතර් නයිට් (නොදැවී 32) පිත්තෙන් දස්කම් දැක්වූහ.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 33ක්ද, ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 23ක්ද වාර්තා කිරීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් ආන්යා ෂබ්සෝ‍ලේ කඩුලු 3ක්ද, කැත්රින් බ්‍රන්ට් කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
මේ අතර පුහුණු තරග යටතේ ඉන්දියාව මුහුණ දුන් පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබිය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 45.1කදී ලකුණු 130කට දැවී ගිය අතර, නවසීලන්තය පන්දුවාර 26.3කදී කඩුලු 3ට ලකුණු 133ක් වාර්තා කරමින් ජය ගත්තේය.
නවසීලන්තය වෙනුවෙන් රචෙල් පී්‍රස්ට් ලකුණු 52ක්ද, සුසී බේට්ස් ලකුණු 30ක්ද, කෙටී මාටින් නොදැවී ලකුණු 29ක්ද වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව වෙනුවෙන් පූනම් රාවත් ලකුණු 33ක්ද, මෝනා ම‍ෂේරාම් නොදැවී ලකුණු 30ක්ද ලබා ගත්තේය.
නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ඇනා පීටර්සන්, එරින් බර්මින්හැම් සහ ඇනා රෝව් කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ. 
 
ශ්‍රී ලංකා - එංගලන්ත
 
පුහුණු තරගය 
ශ්‍රී ලංකාව පන්දුවාර 47.2කදී - 155යි
නිපුනි හංසිකා 3, හසිනි පෙරේරා 20, චමරි ‍පොල්ගම්‍පොල 1, චමරි අතපත්තු 33, දිලිණි මනෝදරා 9, ප්‍රසාදිනී වීරක්කොඩි 23, ශෂිකලා සිරිවර්ධන 17, ඒෂානි කෞෂල්‍යා 14, ශ්‍රීපාලි වීරක්කොඩි 0, චන්දිමා ගුණරත්න 20, උදේෂිකා ප්‍රබෝධනී 6, කැත්රින් බ්‍රන්ට් 44/2, ෂබ්සෝ‍ලේ 27/3
 
එංගලන්තය පන්දුවාර 30.2කදී - 156/2යි
වින්ෆීල්ඩ් 35, බිමවුන්ට් 31, සාරා ටේලර් නොදැවී 49, හීතර් නයිට් නොදැවී 32, ඉනෝකා රණවීර 21/1, ඕෂධී රණසිංහ 25/1

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1022

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1547

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4416

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2578

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1429

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2301

Please publish modules in offcanvas position.

Web Analytics