Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිපුන්ගේ ශතකයෙන් ජෝශප් වාස්ට 6 වැනි ජය

 

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අවු. 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී වෙන්නප්පුව ශා. ජෝශප් වාස් අපරාජිතව සිය 6 වැනි ජයග්‍රහණ වාර්තා කළේය.
ජෝශප් වාස් ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නිපුන් ධනංජය කටුනේරිය ශා. සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පන්දු 123කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 148ක් රැස් කළේය.
මීට අමතරව කුරුණෑගල ශා. ආනා විද්‍යාලයේ  ලසිත් වර්ණකුලසූරිය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව පන්දු 137කදී හතරේ පහර 22ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 150ක් රැස් කළේය.
මෙම තරගවලදී ජෝශප් වාස්, කුරුණෑගල ශා. ආනා, මහනුවර ධර්මරාජ, දෙබරවැව ජාතික පාසල, රත්ගම දේවපතිරාජ, මාතර ශා. සර්වේෂස්, කොළඹ තර්ස්ටන්, කොටහේන ශා. බෙනඩික්ට් සහ කොළඹ නාලන්දා ජය වාර්තා කළේය.
 
ජෝශප් වාස්-කටුනේරිය ශා. සෙබස්තියන් 
ශා. ජෝශප් වාස්: 275/8 (පන්දුවාර 50) නිපුන් ධනංජය නොදැවී 148, ඩිල්ෂාන් පෙරේරා 36, කළණ ප්‍රනාන්දු 35, දමිත් කෝසල 2/61
ශා. සෙබස්තියන්: 178/8 (පන්දුවාර 50) කවිෂ්ක නවෝද් 31, ෂෙනාල් ක්‍රිෂ්මාල් 28, ශලිඳු ලියනපතිරණ 4/27, යොහාන් පීරිස් 2/25
ජෝශප් වාස්ට ලකුණු 97ක ජයක්.
 
කුරුණෑගල ශා. ආනා-කිංග්ස්වුඩ්
ශා. ආනා: 222 (පන්දුවාර 49.2) ලසිත් වර්ණකුලසූරිය 150, ලක්මාල් ද සිල්වා 3/40, ඩී. 
ධනුෂ්ක 2/21
කිංග්ස්වුඩ්: 114 (පන්දුවාර 31.5) හර්ෂණ වික්‍රමසිංහ 36, කවිඳු රණසිංහ 5/30, හිරුෂ ද සිල්වා 2/11
ශා. ආනාට ලකුණු 108ක ජයක්.
 
මහනුවර ධර්මරාජ-මහනුවර විද්‍යාර්ථ 
විද්‍යාර්ථ: 114 (පන්දුවාර 35) මෙදුනක විජේතිලක නොදැවී 41,  උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/23, යසිත සමරරත්න 2/15
ධර්මරාජ: 116/3 (පන්දුවාර 21.5) ච්ෙතිය ඒකනායක නොදැවී 50
මහනුවර ධර්මරාජයට කඩුලු 7ක ජයක්.
 
දෙබරවැව ජාතික පාසල-මාතර රාහුල
රාහුල: 151 (පන්දුවාර 49.5) ළකිඳු චමෝද්‍ය 40, චමුදිත ඩිල්ෂාන් 36, රිෆ්නාස් සුඩීන් 4/28, චතුක මංජුල 3/9, හංසක ලක්ෂාන් 2/17
දෙබරවැව ජාතික පාසල: 156/1 (පන්දුවාර 23) ඉෂාන් අරවින්ද නොදැවී 75, එෂාන් විජේවර්ධන 68
දෙබරවැව ජාතික පාසලට කඩුලු 9ක ජයක්.
 
රත්ගම දේවපතිරාජ-ගාල්ල විද්‍යාලෝක
විද්‍යාලෝක: 159 (පන්දුවාර 46) හංසක කමාෂ් 44, චලික ඔෂාන්ත 27, රමුදිත දිසල් 20, සංජු ලක්ෂාන් 18, සමිත භානුක 3/37, පැතුම් මධුසංක 2/18, කල්ප ච්ෙතිය 2/42
දේවපතිරාජ: 162/9 (පන්දුවාර 36.2) තිසර ඩිල්ෂාන් 31, නවීන් ඩිල්ෂාන් 24, ටෂේන් ඩිලක්ෂණ නොදැවී 18, චාමික සඳරුවන් 16, කවිඳු මධුසංක 15, තප්ත ඉවෝන් 2/18, නදිරු ඉෂාන් 2/26, හංසක කමාෂ් 2/42
දේවපතිරාජයට එක් කඩුල්ලක ජයක්.
 
ශා. සර්වේෂස්-පී. ද එස්. කුලරත්න
ශා. සර්වේෂස්: 226 (පන්දුවාර 48.2) සිසිර ලක්වින් 77, ශෂික දුල්ෂාන් 34, ච්ෙතක දෙනුවන් 22, කල්ප හර්ෂජිත් 2/21
පී. ද එස්. කුලරත්න: 154/8 (පන්දුවාර 50) කුමිඳු නිල්හාර 61, කේෂර නුවන්ත 4/51, නවීන් සාහිත් 3/25
ශා. සර්වේෂස්ට ලකුණු 72ක ජයක්.
 
ශා. පීතර-වෙස්ලි
වෙස්ලි: 109 (පන්දුවාර 30) මොවින් සුබසිංහ 37, රාහුල් ගුණසේකර 20, මොනිල් සිල්වා 3/19
ශා. පීතර 113/3 (පන්දුවාර 20.2)
ෂැනොන් ප්‍රනාන්දු 50, රන්මිත් ජයසේන නොදැවී 39, ශෂී සෝමරත්න 2/15
ශා. පීතරයට කඩුලු 7ක ජයක්.
 
තර්ස්ටන්-වත්තල ශා. අන්තෝනි 
තර්ස්ටන්: 181/9 (පන්දුවාර 50) ටිතිර වීරසිංහ 29, ජයවිහාන් මහාවිතාන 26, ශලක බණ්ඩාර 26, සුපුන් ජයසිංක 3/48
ශා. අන්තෝනි: 121 (පන්දුවාර 49.3) රශ්මික මෙවන් නොදැවී 66, ශලක බණ්ඩාර 4/31, චිත්‍රාල් සිල්වා 2/10
තර්ස්ටන්ට ලකුණු 60ක ජයක්.
 
ශා. බෙනඩික්ට්-කැලණිය ගුරුකුල
ගුරුකුල: 158 (පන්දුවාර 48) ප්‍රවීන් නිමේෂ් 39, ලක්ෂාන් සසංක 23, මහීෂ් තීක්ෂණ 4/22, කවිරු පෙරේරා 2/31, විහඟ රුවනාර 2/28
ශා. බෙනඩික්ට්: 164/6 (පන්දුවාර 27) මහීෂ් තීක්ෂණ නොදැවී 53, ඉමේෂ් ප්‍රනාන්දු නොදැවී 27, බ්‍රයන් ජෝන්පුල්‍ලේ 26, විහඟ රුවනාර 24, ප්‍රවීන් නිමේෂ් 2/25, කවිඳු සදරුවන් 2/32
කොටහේන ශා. බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.
 
කොළඹ නාලන්දා - කොළඹ ඩිලාසාල් 
නාලන්දා: 130/7 (පන්දුවාර 30) රනිඳු ද සිල්වා 50, චමිඳු විජේසිංහ 29, ඉඳුවර පෙරේරා 2/26, නේෂික පෙරේරා 2/30, අයෝජිත් පැතුම් 2/34
ඩිලාසාල්: 94/8 (පන්දුවාර 32.1) ධනංජය පෙරේරා 25, රවිඳු සංදීප 23, රුෂාර භානුක 2/6, චමිඳු විජේසිංහ 2/13
නාලන්දාවට පැරබෝලා ක්‍රමයට ලකුණු 57ක ජයක්.
 
පමෝද් ලසන්ත

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3625

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2405

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3562

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2123

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7206

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4433

Please publish modules in offcanvas position.