Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පරාජයේ සියලුම වගකීම් කණ්ඩායමක් ලෙස භාර ගන්නවා

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත්වූ පරාජයේ වගකීම තනි ක්‍රීඩකයකු පිට පැවැරිය නොහැකි බවත්, සියලු වගකීම් කණ්ඩායමක් ලෙස භාර ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නයක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
“අපි පළමු තරගය පිතිකරුවන්ගේ දුර්වලතාවය නිසා දකුණු අප්‍රිකාවට පරාජය වුණා. ඒත් ප්‍රබල ඉන්දියාවට එරෙහි තරගයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වා ඉන්දියාව පරාජය කළා. එහෙත් තීරණාත්මක පාකිස්තානු තරගයේදී සිදුවූ වැරදි කිහිපයක් නිසා තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු වුණා. තරගාවලියේදී ඉගෙන ගත් පාඩම් අනාගතයට ඉතා වැදගත්වේවි යැයි” නායක මැතිව්ස් පවසයි.
මෙහිදී මැතිව්ස් වැඩිදුරටත් පැවැසුවේ ලොව ප්‍රබලතම එක්දින කණ්ඩායමක් වන ඉන්දියාව පරාජය කිරීමට හැකිවීම නවකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි.
පාකිස්තානු තරගයේදී පන්දු යවන්නන් මාරු කිරීම පිළිබඳව විවේචන එල්ලවනවා නේදැයි විමසූ පැනයට පිළිතුරු දුන් මැතිව්ස් පැවසුවේ නායකයකු ලෙස අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය තීරණ ගැනීමට බියක් නොදක්වන බවයි. ඒවායින් ඇතිවන ප්‍රතිඵලවලට තමන් වගකියනා බවත් මැතිව්ස් පැවැසීය.
“ඉන්දීය තරගයේදී කුසල්ට ආබාධයක් හේතුවෙන් ලකුණු 47ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වෙන්න කිව්වේ මමයි. ඒ වෙලාවේ අපිට වැඩිපුර දුවලා ලකුණු ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ තීරණය හරි ගියා. අපි තරගය දිනුවා. ඒත් බැරිවෙලාවත් වැරදුනා නම් බැනුම් අහන්න වෙන්නේ මට. නායකයකු ලෙස ඕනෑම තීරණයක් ගැනීමට පසුබට විය යුතු නැහැ” යැයි මැතිව්ස් පවසයි.
නායකත්වයෙන් ඉවත්වන බවට පළවන සමාජ ජාලා වබේ අඩවි වාර්තා පිළිබඳව විමසූ පැනයට පිළිතුරු දෙමින් මැතිව්ස් පැවැසුවේ එවන් දෙයක් ගැන කතා කිරීමක් හෝ අදහසක්වත් තමන්ට නොමැති බවයි.
දකුණු අප්‍රිකාව සමග තරගයේදී නියමිත කාලයට පන්දු වාර යැවීමට නොහැකි වීමෙන් උපුල් තරංග තහනමකට ලක්වීම පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වය ක්‍රීඩකයක් දැනුවත් කිරීම පිළිබඳව නැගූ පැනයට පිළිතුරු දුන් ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පැවැසුවේ කළමනාකරු, පුහුණුකරු මෙන්ම එම තරගයට ක්‍රීඩා නොකළ නායක මැතිව්ස් ද එම අවස්ථාවේ ක්‍රීඩා පිටියට ඒ පිළිබඳ දැනුවත් කර පණිවුඩ යැවූ බවයි.
එහෙත් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව යැවීමට නොහැකි වූ බව ගුරුසිංහ පවසයි.
මෙම තරගාවලයේදී ලක්ෂාන් සඳකැන් ක්‍රීඩා නොකිරීම පිළිබඳව අදහස් දැක්වූ ගුරුසිංහ පවසන්නේ දඟ පන්දු යවන්නන් යොදා ගැනීමට කිසිදු කණ්ඩායමක් උනන්දු නොවූ බවයි.
“එංගලන්ත තණ තීරු දඟ පන්දු යවන්නන්ට උචිත වූයේ නැහැ. ඉන්දියාව ඇෂ්වින් පවා එළියේ තියලයි ක්‍රීඩා කළේ. තරමක් හෝ සාර්ථක වුණේ ඉම්රාන් තහීර් විතරයි. ඒ නිසා අපි තීරණය කළා වේග පන්දු යවන්නන්ගෙන් ක්‍රීඩා කරන්න.” යැයි ගුරුසිංහ පවසයි.
අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ නොසිටි ධනංජය ද සිල්වා එංගලන්තයට කැඳවීම පිළිබඳව අදහස් දැක්වූ ගුරුසිංහ පැවැසුවේ කපුගෙදර, තරංග මෙන්ම කුසල් ජනිත් ආබාධවලට ලක්වීමෙන් පසු අතිරේක ලැයිස්තුවේ සිටි ධනුෂ්ක කණ්ඩායමට ඇතුළත් කළ බවත්, අසේල ගුණරත්නටද සුළු ආබාධයක් ඇති වීම නිසා පිතිකරුවකුගේ අවශ්‍යතාවය මත එම පියවර ගත් බවයි.
පාකිස්තානු තරගයේදී උඩ පන්දු කිහිපයක් ගිලිහී යාම පිළිබඳව අදහස් දැක්වූ ලසිත් මාලිංග පැවැසුවේ තරගය පරාජය වීමට එම උඩපන්දු අත්හැරීම පමණක් හේතුවක් නොවූ බවයි.
“අපි හොඳට ක්‍රීඩා කළා. උඩපන්දුවක් අත්හැරීම ගැන කරන්න දෙයක් නැහැ. මමත් ඕන තරම් කැච් අතහැරලා තියෙනවා. තරගවල ස්වභාවය ඒකයි. පුහුණුකරුවන්ට බනින එකටත් මගේ කැමැත්තක් නැහැ. පුහුණුකරුවන් මොනවා කිව්වත් පිටිය මැද ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන්.” යැයි මාලිංග පවසයි.
මෙවර තරගාවලියේදී තමාගේ දස්කම් පිළිබඳව සෑහීමකට පත් නොවන බවත්, තරග ජය ගැනීමට යමක් කිරීමට නොහැකි වීම පිළිබඳව කනගාටුවන බවත්, රටේ අවශ්‍යතාවය මත ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමට බලා‍පොරොත්තුවෙන් පසුවන බවත් ලසිත් මාලිංග වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා පැවැසුවේ රටම කනගාටුවන තරමටම අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද කනගාටුවට පත්වන බවයි.
මෙම තරගාවලියේදී ඉන්දියාව වැනි ප්‍රබල කණ්ඩායමක් පැරදවීම අනාගතයට සුබ ලකුණක් බවත්, නවක ක්‍රීඩකයන් එක්දින තරග 80-90ක් පමණ ක්‍රීඩා කරන විට විශිෂ්ට කණ්ඩායමක් බිහිවනු ඇති බවත් ෆෝඩ් විශ්වාසය පළ කරයි. එසේ වුවද පාකිස්තානු පිලට ලබාදුන් සටන අති විශිෂ්ට බව පවසන ෆෝඩ් පන්දු රැකීම දුර්වල වීම පිළිබඳව සිය කනගාටුව පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ තරගාවලියෙන් ඉවත්වීම පිළිබඳව කනගාටුවන නමුත් දැක්වූ උත්සාහය පිළිබඳව සතුටට පත්වන බවයි.
“ක්‍රීඩකයන්, කළමනාකාරීත්වය මෙන්ම පුහුණුකරුවන්ද දැඩි උත්සාහයක් ගත්තා. ඒත් අවාසනාවට දෙවැනි වටයට යන්න
ලැබුණේ නෑ. දැන් එම උත්සාහය ඉදිරියට රැගෙන ගොස් ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය යුතුයි.” යැයි සුමතිපාල මහතා පවසයි.

මංගල ධර්මප්‍රේම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3875

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3623

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6705

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4126

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2566

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3369

Please publish modules in offcanvas position.

Web Analytics