Coss Ear2
lakbima.lk
COSS Ear 1

සීමිත පන්දුවාර තරගයකදී කඩුලු 10ම බිඳ හෙලූ පළමු පාසල් පන්දු යවන්නා

ක්‍රිකට් තරගයක ඉනිමකදී කඩුලු 10ම දවාලීමට පන්දු යවන්නෙකුට ඉතාමත් අපහසු කාර්යයකි. සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයකදී මෙම දස්කම කිරීම ඊටත් වඩා අපහසු කාර්යයකි. එවැනි අතිශයින්ම දුර්ලභ වාර්තාගත පන්දු යැවීමක නිරත වෙමින් අවු. 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10ම දවාලීමට ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ ආරම්භක වමත් වේගපන්දු යවන කළණ විචිත්‍ර පෙරේරා සමත්විය.
කළණ ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සීමිත පන්දුවාර තරගයකදී කඩුලු 10ම දවාගත් පළමු පන්දු යවන්නා ලෙස වාර්තා ‍පොතට එක්වී සිටියි. 
පවු‍ලේ වැඩිමලා වූ කළණ 2005 වසරේදී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එක්ව  පුහුණුකරු දිළුම් රාමනායක මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ජාත්‍යන්තර පාසල් ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනුණි. එහිදී කළුතර දිස්ත්‍රික් පුහුණු සැසියකදී දිස්ත්‍රික් පුහුණුකරුවකු වූ ලකී රොජර්ස් මහතාගේ අවධානය දිනා ගැනීමට සමත්විය. 
එතැන් සිට කළණ පෙරේරාගේ පන්දු යැවීමේ රටාව වෙනස්වී වේග පන්දු යවන්නකු බවට පත්විය. කළුතර දිස්ත්‍රික් පුහුණුකරු ප්‍රනීත් පීරිස් මහතාගේ සහ පාසල් පුහුණුකරු නදිත් ජයසිංහ මහතාගේ මගපෙන්වීම ඇතිව වමත් වේගපන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දස්කම් දැක්වීය.
2015 වසරේ අන්තර් පළාත් තරගාවලියේ තරගයකදී උතුරු පළාත් පිලට එරෙහිව ඉනිමකදී කඩුලු 7ක් දවාලමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබිය.
2015 වසරේ පැවැති අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි කළණ පෙරේරා ඉංග්‍රිසි මාධ්‍යයෙන් විශිෂ්ට සම්මාන 7ක් සහ සම්මාන 2ක් සමගින් ඉතා ඉහළින්ම සමත්විය. එලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් තම ක්‍රිකට් දිවියේ වැදගත්ම සන්ධිස්ථානයකට ළඟාවීමට කළණ පෙරේරාට හැකිවිය.
ඉන්පසු 2016 වසරේදී සිට ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයට එක්වූ කළණ උසස් පෙළ විභාගය සඳහා ඉංග්‍රිසි මාධ්‍යයෙන්ම වාණිජ විෂය ධාරාව හදාරමින් සිටියි.
පසුගියදා නිමාව දුටු අන්තර් පළාත් 19න් පහළ ක්‍රිකට් තරගාවලියේදී බස්නාහිර මධ්‍යම පිල නියෝජනය කිරීමට ද කළණ පෙරේරා සමත්විය.
එතැන් සිට කළණගේ පුහුණුකරු ලෙස කටයුතු කරන දිනේෂ් කුමාරසිංහ මහතා,  “2016 වයස අවුරුදු 17න් පහළ තරගාවලියට තමයි පළමුවෙන් කළණ මා යටතට එන්නේ. 2016/17 පළමු පෙළ තරගාවලියේදී තරග 10ක් ක්‍රීඩා කළා එහිදී කඩුලු 20කට වැඩි සංඛ්‍යාවක් ලබාගන්න ඔහු සමත්වුණා. ඒ අනුව 138වැනි රාජකීය - ශා. තෝමස් නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට නවකයකු වරම් ලබා ගත්තා.
එහිදී පළමු ඉනිමේදී කඩුලු 5ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කළණගේ මම දුටුව හොඳම දස්කමයි.
“කළණ කියන්නේ අනාගතයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක්. ඔහු වමතින් වේග පන්දු යවන්නෙක්. ශ්‍රී ලංකාවට වේගපන්දු යවන්නන්ගේ අවශ්‍යතාවක් තියෙනවා. හොඳ වේගයක් තියෙනවා සෑම පන්දුවකම ඒ වගේම විවිධත්වයක් තියෙනවා. ඒ වගේමයි ඉලක්කයක් තියෙනවා. මේ දිනවල කළණ පෙරේරා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් සංචිතයට කැඳවා තිබෙනවා. තවත් වසර 2ක් පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා ඔහුට. අපේ කණ්ඩායමේදී අපි ඔහුව පාවිච්චි කරන්නේ සීමා සහිතවයි. ඒ වගේම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලට එක්වන්න අවස්ථාව ලැබෙයි. කළණ පෙරේරා කියන්නේ දක්ෂතා රැසක් තියෙන කලාතුරකින් හමුවන ශිෂ්‍යයෙක්. මේ ක්‍රීඩකයා රැකබලාගෙන කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ යුතු බව මගේ හැඟීමයි.” යැයි දිනේෂ් මහතා වැඩිදුරටත් පවසයි.
“මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකළේ මගේ තාත්තා (මොහාන්) සහ අම්මා (නිලූකා). ඒ අය ක්‍රිකට් වලට කැමැතියි. ඒ නිසා තමයි මාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කළේ යැයි” කළණ පෙරේදා පවසයි.
“පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ විදුහල්පති මලිත් කුමාරසිංහ සර්, පුහුණුකරුවන් වූ කපිල මහින්ද සර්, නදිත් ජයසිංහ සර්, දිළුම් රාමනායක සර්, ගුරු භවතුන් සියලු දෙනාටමත්, ලකී රොජර්ස් සර් සහ ප්‍රනීත් පීරිස් සර් ඇතුළු දිස්ත්‍රික් පුහුණුකරුවන් සහ පළාත් පුහුණුකරුවන්ටත් ස්තූතිය පළ කරන්න ඕනෑ. වත්මන් පාස‍ලේ විදුහල්පති ගරු මාර්ක් බිලිමෝරියා පියතුමන්ට, ගුරුභවතුන්ට, මගේ වත්මන් ප්‍රධාන පුහුණුකරු දිනේෂ් කුමාරසිංහ සහ ඩිල්ෂාන් මෙන්ඩිස් සර්ලා, අනෙකුත් පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සියලු දෙනාටමත් ස්තූතිය පිරිනමන්න කැමතියි” යැයි කළණ වැඩිදුරටත් පැවැසීය.
“මගේ කුඩා කාලයේදී ඉඳලා කැමතිම පන්දු යවන්නා වුණේ චමින්ද වාස් ක්‍රීඩකයා. අද මට අවස්ථාව ලැබි තිබෙනවා චමින්ද වාස් සර් යටතේ පුහුණුවීම් කරන්න. ඉදිරි වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල නියෝජනය කරන්නත්, මගේ දස්කම් තවදුරටත් වර්ධනය කරගෙන අනාගතයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමටත් තමයි බලා‍පොරොත්තුව.” යැයි කළණ පෙරේරා සඳහන් කළේය.  
 
පමෝද් ලසන්ත
 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2004

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1096

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5104

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2936

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5020

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6243

Please publish modules in offcanvas position.