Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ෂෙරොන්-විනුක-ඉසිවර ශතක වාර්තා කරති

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී සිය දෙවැනි ශතක රැස් කිරීමට කළුතර සිරිකුරුස විද්‍යාලයේ ෂෙරොන් ලක්ෂිත සහ කොළඹ මහානාම විද්‍යාලයේ විනුක රූබසිංහ සමත්වූහ.
කොළඹ වේළුවන විද්‍යාලයට එරෙහිව දක්ෂ පිතිහරඹයක් දියත්කළ ෂෙරොන් ලක්ෂිත පන්දු 78කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 128ක් රැස් කළ අතර, පානදුර ශා. ජෝන් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 109ක් රැස් කිරීමට විනුක රූබසිංහ සමත්විය.
තවත් තරගයකදී කොළඹ රාජකීය විද්‍යාලයේ ඉසිවර දිසානායක වත්තල ශා. අන්තෝනි විදුහලට එරෙහිව ශතකයක් වාර්තා කළ අතර, මේ වන විට ශතක දෙකක් රැසකර සිටින කොළඹ ශා. ජෝශප් විද්‍යාලයේ ඩිනාල් අනුරාධ තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය. 
දෙවිඳු කැකිරිදෙණිය (කොළඹ මහානාම), ගිෂාන් බාලසූරිය (කොළඹ රාජකීය), ෂෙනාල් ප්‍රනාන්දු (වත්තල ශා. ජෝශප්)  සහ ශාලික කසුන් (කළුතර සිරිකුරුස) පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මෙම තරගවලදී කොළඹ රාජකීය විද්‍යාලය වත්තල ශා. අන්තෝනි විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 79ක ජයක් ලැබිය.
 
රාජකීය-වත්තල ශා. අන්තෝනි 
ශා. අන්තෝනි: පළමු ඉනිම - 86 (පන්දුවාර 26.4) චාමික රොද්‍රිගෝ 28, සඳුන් අමන්ත 4/03, ගිෂාන් බාලසූරිය 2/7, ෂොනාල් අමරසේකර 2/8, කණික දයාරත්න 2/17                                                                                    
රාජකීය: පළමු ඉනිම -236/2 (පන්දුවාර 39) ඉසිිවර දිසානායක නොදැවී 101, කවිඳු රුක්මාල් 72, ෂෙහාන් හේරත් 40
ශා. අන්තෝනි: දෙවැනි ඉනිම - 70 (පන්දුවාර 33.5) සංකිත දිසානායක 20, ගිෂාන් බාලසූරිය 5/14, කණික දයාරත්න 3/11
රාජකීය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 79ක ජයක්.
 
වෙස්ලි-කෝට්ටේ ශා. තෝමස් 
ශා. තෝමස්්: පළමු ඉනිම - 59 (පන්දුවාර 35.1) ජෙහාන් ඩේවිඩ් 20, තෙනුක පෙරේරා 4/7, ශාහිල් ඩයස් 3/6
වෙස්ලි: පළමු ඉනිම - 248/6 (පන්දුවාර 32.4) ශාහිල් ඩයස් 67, මුස්ති මයිසන් 51, ඇන්තනී යොහාන් 43
වෙස්ලි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
කළුතර සිරිකුරුස - කොළඹ වේළුවන
සිරිකුරුස: පළමු ඉනිම - 228/3 (පන්දුවාර 43) ෂෙරොන් ලක්ෂිත 128, අහමඩ් ආතීෆ් 40, තුහින ප්‍රනාන්දු 33, නිර්මල ශාමල් නොදැවී 19, තරුෂ චමෝද් 2/70
වේළුවන: පළමු ඉනිම - 116 (පන්දුවාර 33) තරුෂ චමෝද් 76, අවිෂ්ක රන්දික 23, ශාලික කසුන් 5/32, පැතුම් සිල්වා 2/11, නිර්මාල් ශානක 2/42 
කළුතර සිරිකුරුසයට පළමු ඉනිමේ ජයක්.
 
මහානාම-පානදුර ශා. ජෝන්
මහානාම: පළමු ඉනිම - 253/3 (පන්දුවාර 44.5) විනුක රූබසිංහ නොදැවී 109, පසන් ගුණවර්ධන 50, පවන් රත්නායක නොදැවී 38, සචිර රශ්මිත 34, සංජය රවිෂාන් 3/84
ශා. ජෝන්: පළමු ඉනිම - 113 (පන්දුවාර 51.1) සංජය රවිශාන් 25, දෙවිඳු කැකිරිදෙණිය 6/11, සචිර රශ්මිත 2/15
මහානාමයට පළමු ඉනිමේ ජයක්.
 
ශා. ජෝශප්-මීගමුව මාරිස්ටෙලා
මාරිස්ටෙලා: පළමු ඉනිම - 88 (පන්දුවාර 35.4) රවිඳු දිලක්ෂ 20, ඩිනාල් අනුරාධ 5/28, ජේඩ්න් මාකලන්ද 3/20
ශා. ජෝශප්: පළමු ඉනිම - 148 (පන්දුවාර 47.2) ඩිනාල් අනුරාධ 88, තාරුක මුතුහර 20, ආදිත්‍ය රාජපක්ෂ 4/42, රුවින් ද සිල්වා 3/16, නිශාන් ද සිල්වා 3/17
මාරිස්ටෙලා: දෙවැනි ඉනිම - 56/0 (පන්දුවාර 12) පසිඳු පෙරේරා නොදැවී 30, තිළිණ ඩිල්ෂාන් නොදැවී 23
ශා. ජෝශප්ට පළමු ඉනිමේ ජයක්.
 
කොළඹ ආනන්ද-කළුතර තිස්ස
ආනන්ද: පළමු ඉනිම - 109/5 (පන්දුවාර 46.2) විනුර විජේබණ්ඩාර 30, මහෝෂධ ප්‍රනාන්දු 26, අනුධ ජයවීර 23, විසල් ශ්‍රීමෙවන් 14, ධනුක නිශාද් 2/26
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
මැසිනෝද්-ඉසිපතන
මැසිනෝද්: පළමු ඉනිම - 241/8 (පන්දුවාර 54.2) අශේන් සිල්වා 84, සිහින සිතුමිණ 71, මිතුල් සෙනරත් 53, ළිසුර විනාත් 2/7, ශවිඳු උත්සර 2/59
ඉසිපතන: පළමු ඉනිම - 147/5 (පන්දුවාර 50) ශවිඳු උත්සර නොදැවී 44, මන්දීල විනාල් 27, දනිරු ලෝමිත නොදැවී 26, සිහින සිතුමිණ 2/42
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
ගුරුකුල-වත්තල ශා. ජෝශප්
ගුරුකුල: පළමු ඉනිම - 113 (පන්දුවාර 56.3) සිතිජ චමෝද් 47, ෂෙනාල් ප්‍රනාන්දු 5/39, අභීත කෞෂාන් 2/23
ශා. ජෝශප්: පළමු ඉනිම - 68/6 (පන්දුවාර 33.1) චරිත රූමන් නොදැවී 27, දේශාන් තනුජක 3/10, විහඟ ඉරංජන 2/6
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1840

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2171

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4974

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2967

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1726

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2601

Please publish modules in offcanvas position.

Web Analytics