Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දියාව ලකුණු 124කින් පාකිස්තානය පරාජය කරයි

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බර්මින්හැම්හිදී පැවැති ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 124ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 48කදී කඩුලු 3ක් දැවී ලකුණු 319ක් වාර්තා කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයටද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට පන්දුවාර 41කදී ලකුණු 289ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන්ට පන්දුවාර 33.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 164ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ආරම්භක පිතිකරු යුගළය වූ රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් පළමු කඩුල්ල සඳහා ලකුණු 136ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
රෝහිත් ෂර්මා පන්දු 119කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 91ක් ලබා දුවද්දී දැවී ගිය අතර, ෂිකර් ධවාන් පන්දු 65කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 68ක් වාර්තා කළේය.
ඉන්පසු පිටියේ එක්වූ නායක විරාත් කෝලි සහ යුවරාජ් සිං ඉන්දීය ලකුණු පුවරුව ඉහළ නංවමින් දෙවැනි කඩුල්ලට ලකුණු 56ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත් වූහ.
එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු 29කදී අර්ධ ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා බවට පත්විය. ඔහුගේ ඉනිම අවසන් වන විට පන්දු 32කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 53ක් ලබා සිටියේය.
ඉන්පසු නායක කෝලිට එක්වූ හර්දික් පාන්ඩයා ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 6කදී පිට පිට හයේ පහර 3ක් සමගින් ලකුණු 20ක් වාර්තා කළේය.
ඉන්දීය ඉනිම අවසන් වනතුරු එක් අන්තයක රැඳී සිටි නායක කෝලි පන්දු 68කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 81ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තානු ආරම්භක පිතිකරු අසාර් අලී ලකුණු 50ක් රැස් කළ අතර, මොහොමඩ් හෆීස් ලකුණ 33ක් වාර්තා කළේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ උමේෂ් යදාව් ලකුණු 30ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, හර්දික් පාන්ඩයා සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින්ද, බුවනේෂ්වර් කුමාර් එක් කඩුල්ලක්ද බිඳ හෙලූහ.{jcomments on}

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 687

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1258

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1094

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 843

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5525

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3646

Please publish modules in offcanvas position.