Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවු. 23න් පහළ කාන්තා ක්‍රිකට් සංවර්ධන සංචිතයට 30ක්

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ඉහළ නැංවීමේ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නව දැක්ම යටතේ අවුරුදු 23න් පහළ කාන්තා සංවර්ධන සංචිතයට 30 දෙනකු නම් කිරීම පසුගියදා සිදු කෙරුණි.
මෙහිදී අවුරුදු 23න් පහළ පළාත් තරගාවලියේදී දැක්වූ දස්කම් මත තෝරාගත් 68 දෙනකු අතරින් 30 දෙනකු නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණි.
මෙම සංචිතයට තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ දෙමව්පියන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පිළිගැනීම පසුගියදා ක්‍රිකට් ආයතනයේදී සිදු කෙරුණි.
මෙහිදී අදහස් දැක්වූ කාන්තා ක්‍රිකට් සංවර්ධන නිලධාරිනී අප්සාරි තිලකරත්න මහත්මිය පැවසුවේ ක්‍රිකට් සභාපතිවරයාගේ නව දැක්ම අනුව දක්ෂතා ඇති ඕනෑම ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කිරීමට අවස්ථාවක් උදාවී ඇති බවයි.
මෙහිදී තවදුරටත් අදහස් පළකර ඇති අප්සාරි තිලකරත්න මහත්මිය මෙම ක්‍රීඩිකාවන් 30 දෙනා පළාත් පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබිමෙන් පසු අවසානයේදී ජාතික සංචිතයට 20 දෙනකු නම් කිරීමට නියමිත බවත් පැවසුවාය.
මෙහිදී අදහස් දක්වා ඇති උප සභාපති කේ. මතිවානන් මහතා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය
පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවත්, ඉදිරියේදී ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් දස්කම් දක්වනු ඇති බවත් පවසයි.
සංචිතය සඳහා තෝරා ගන්නා ලද ක්‍රීඩිකාවන් 30 දෙනාට මාසිකව රුපියල් 12,000ක දීමනාවක් ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

අවුරුදු 23න් පහළ කාන්තා සංවර්ධන සංචිතය
කාවින්දි පාරමී (දේවපතිරාජ ම.වි.), ලිහිණි අප්සරා (තලාව දකුණ ම.වි.), පියුමි වත්සලා (බෙලිඅත්ත ධම්මපාල බා.වි.), පූජා රෂ්මි (දේවපතිරාජ), සත්‍යා සන්දීපනී (දේවපතිරාජ), උමාෂා තිමේෂිනී (දේවපතිරාජ), ඉරේෂා චතුරානි (දේවපතිරාජ), සචිනි නිසංසලා (දේවපතිරාජ), අමාෂා අංජලී (බාරොන් ජයතිලක ම.වි.), ශෂිකලා සිල්වා (රාගම බැසිලිකා ම.වි.), තාවිකා සෙව්වන්දි (කොළඹ විහාරමහාදේවි බා.), සිත්මි හිරාෂා (නුගේගොඩ අනුලා), සඳනි තිවංකා (මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර),සචිනි නදීෂා (බොරැල්ල ගෝතමී බාලිකා), හරිනි සුලක්ෂණා (නුගේගොඩ අනුලා), දිලිනි ජයවර්ධන (පානදුර ශා. ජෝන්), සචිනි ඩිල්ෂානි (රාගම බැසිලිකා), සඳනි ඩිල්ෂානි (රගම බැසිලිකා), රුවනි මධුෂිකා (ගම්පහ යසෝදරා බාලිකා), කේ.කේ. සුරන්ති (වේල්ස් කුමරි බාලිකා), උදාරා බණ්ඩාර (මහනුවර මහාමායා), ජනූෂි සුධීරා (රත්නපුර සුමන බාලකා), සචිනි දයාරත්න (කටුගස්තොට ශා. අන්තෝනි), තරුෂි රාජකරුණා (නුගවෙල මැදි විදුහල), තිළිණි
කෞෂල්‍යා (කුලියාපිටිය සාරානාත් ම.වි.), කෞෂල්‍යා මධුමාලි (එප්පාවල මැදි විදුහල), සයනි ශෂිකලා (තෙල්දෙණිය ජාතික පාසල), ඉරේෂා ශ්‍යාමලී (රත්නපුර දෑල මහා විදුහල), රූබි රජින්තා (මාත‍ලේ ශා. ජෝන් බාලිකා), ජිනංජලී විජේනායක (මාත‍ලේ ලෙලිඅඹේ ම.වි.)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3129

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2973

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6027

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3598

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2189

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3004

Please publish modules in offcanvas position.

Web Analytics