Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඩිනාල් පිට පිටම දෙවැනි ශතකය ලබයි

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පිට පිටම දෙවැනි ශතකය රැස් කිරීමට කොළඹ ශා. ජෝශප් විද්‍යාලයේ ඩිනාල් අනුරාධ සමත්විය.
ඩිනාල්ගේ දෙවැනි ශතකය හේතුවෙන් දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල ඉනිමකින් සහ ලකුණු 84කින් පරාජය කළ ශා. ජෝශප්  සිය දෙවැනි පූර් ජය සටහන් කළේය.
එම තරගයේදී ඩිනාල් අනුරාධ පන්දු 98කදී හතරේ පහර 22ක් සමගින් නොදැවී ලකුණු 125ක් රැස් කළේය.
මීට අමතරව පසුගියදා පැවැති තරගවලදී මාතර ශා. තෝමස් විද්‍යාලයේ වෝසිත අත්සර (නොදැවී 110) සහ කොළඹ නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා (නොදැවී 100) ශතක වාර්තා කිරීමට සමත් වූහ.
පසුගියදා රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද විදුහලට එරෙහිව ඉනිම දෙකේදීම කඩුලු 9ක් බිඳ හෙලූ ශා. ජෝශප් විදුහ‍ලේ නුවිනු තිවංක දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිවද ඉනිම දෙකේදී ලකුණු 41කට කඩුලු 9ක් දවාලීය.
 
ශා. ජෝශප්-එස්. ද එස්. ජයසිංහ
එස්. ද එස්. ජයසිංහ මමවි: පළමු ඉනිම - 77 (පන්දුවාර 26.2) නිදුල් දුලන්ත 23, නුවිනු තිවංක 5/29, ෂෙනුක ද සිල්වා 3/8, යෙසිත් රූපසිංහ 2/16
ශා. ජෝශප්: පළමු ඉනිම - 201/2 (පන්දුවාර 31) ඩිනාල් අනුරාධ නොදැවී 125, සදීෂ් ජයවර්ධන 51
එස්. ද එස්. ජයසිංහ දෙවැනි ඉනිම - 40 (පන්දුවාර 17.3) කේෂක සසංක 12, නුවිනු තිවංක 4/12, ජොයෙල් ගුණතිලක 3/14, ෂෙනුක ද සිල්වා 2/9
ශා. ජෝශප්ට ඉනිමක සහ ලකුණු 84ක ජයක්.
 
මාතර ශා. තෝමස් - මාතර ශා. සර්වේෂස්
ශා. සර්වේෂස්: පළමු ඉනිම - 129/9 (පන්දුවාර 60) ෂෙහාන් දිල්හාර 25, සචිර රශ්මික 6/58
ශා. තෝමස්: පළමු ඉනිම - 214/3 (පන්දුවාර 35) වෝසිත අත්සර නොදැවී 110, පතිරණගේ හරිඳු 42, හිරන්ත ලක්ෂාන් 41, අශේන් සඳරු 3/69
මාතර ශා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්.
 
තර්ස්ටන්-ඩී.එස්. සේනානායක
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම - 121 (පන්දුවාර 48.2) මොවිඳු අභිෂේක් 31, මනීන්ද්‍ර ජයතිලක 26, මොහොමඩ් ශිමාෂ් 6/24, ෂොනාල් පරණවිතාන 2/28 
තර්ස්ටන්්: පළමු ඉනිම - 203/9 (පන්දුවාර 47) අභිෂේක් පෙරේරා 54, විහඟ ජයනාම 50, ඉෂිර මතීෂ නොදැවී 27, යසස් බස්නායක 2/20, මනීන්ද්‍ර ජයතිලක 2/48 
තර්ස්ටන් විදුහලට පළමු ඉනිමේ ජයක්.
 
මහින්ද-දේවපතිරාජ
මහින්ද: පළමු ඉනිම - 219/3 (පන්දුවාර 55) කෝසල උදයංග නොදැවී 58, සිතිර හේලිත 55, සඳෙව් ඉඳුවර 44, ච්ෙතිය දිනිඳු නොදැවී 38, නවෝද් පරණවිතන 12
දේවපතිරාජ: පළමු ඉනිම - 83/6 (පන්දුවාර 33) සුධීර වීරරත්න නොදැවී 19, නිතින් චමුද 17, පවන් සංදේෂ් 16, සහන් මධුසංක 15, නවෝද් පරණවිතාන 3/16, කුෂාන් මධුසංක 2/25
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
පිළියන්දල ම.ම.වි.-කේරි
සිරි පියරතන: පළමු ඉනිම - 210/8 (පන්දුවාර 57.4) සවීන් දෙව්මිණ 42, යසිරු දිනෙත් 42, පමෝද් ගිත්මින් 41, රසිඳු හංසක නොදැවී 25, පූර්ණ ජයවර්ධන 6/75
කේරි: පළමු ඉනිම - 123/4 (පන්දුවාර 37) පුබුදු වැල්ලගිරිය 62, අබ්දුල් ශකූර් 34, බුද්ධි මතීෂ 2/33
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 
 
ජෝශප් වාස්-අසෝක
අසෝක: පළමු ඉනිම - 125 (පන්දුවාර 51.3) ලසිත විතානගේ 29, ළහිරු විතානගේ 23, ධනුක නිර්මාල් 5/32, දිනිත් ප්‍රනාන්දු 2/27
ශා. ජෝශප් වාස්: පළමු ඉනිම - 83/3 (පන්දුවාර 24.1) පසිඳු කවීෂ නොදැවී 37, සෙනුර ප්‍රනාන්දු නොදැවී 35, ලසිත විතානගේ 3/27
තරගය විසඳුමකින් තොරව අවසන් විය.
 
නාලන්දා-පානදුර රාජකීය
නාලන්දා: පළමු ඉනිම-183/6 (පන්දුවාර 53.4) රවීන් ද සිල්වා නොදැවී 100, උත්පල රණසිංහ 24, මිලින්ද සංජය 3/49, ප්‍රශාන් කල්හාර 2/31
රාජකීය: පළමු ඉනිම - 55/5 (පන්දුවාර 17.4) ප්‍රශාන් කල්හාර 30, දිනෙත් සමරවීර 2/24
තරගය විසඳුමකින් තොරව අවසන් විය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1276

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2126

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2074

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4909

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4539

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7323

Please publish modules in offcanvas position.

DMC Firewall is developed by Dean Marshall Consultancy Ltd