Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිම්බාබ්වේ එක්දින තරග 3ක් සූරියවැවදී පැවැත්වීමට විධායක කමිටු අනුමැතිය

සිම්බාබ්වේ ක්‍රිකට් පි‍ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයේදී එක්දින තරග 3ක් සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම තරග ලබන ජූලි මස මුලදී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සඳහා සූරියවැව ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමටද විධායක කමිටු අනුමැතිය හිමිවී තිබේ.

මේ අතර චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන විධායක කමිටු සහ ක්‍රිකට් කමිටු සාමාජිකයන් තම පෞද්ගලික වියදමින් සංචාරය කළ යුතු බවද විධායක කමිටුව තීරණය කර තිබේ.

එම තරගාවලිය සඳහා මාධ්‍ය ආයතන 12ක ක්‍රීඩා මාධ්‍යවේදීන් සඳහා ගුවන් ටිකට්පත සහ දීමනාවක් ලබා දීමටද එහිදී අනුමැතිය හිමිවී තිබේ.

මෙම තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ආරාධනයෙන් උප සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් යන මහත්වරුන්ද, මූල්‍ය උපදේශන කමිටුවේ සභාපති නුස්කි මොහොමඩ් මහතාද සංචාරයට එක්වෙති.
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා, ‍ලේකම් මොහොන් ද සිල්වා මහතා, භාණ්ඩාගාරික ෂම්මි සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ලන්ඩනයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ රැස්වීමට සහභාගි වීමට එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ජාතික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රත්නපුර මොණරවිල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 3.7ක්ද, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3.5ක්ද ලබා දීමට මෙහිදී තීරණය වී තිබේ.
මේ අතර වාර්ෂික මුදල් ප්‍රතිපාදන යටතේ පළාත් ක්‍රිකට් සංගමයකට රුපියල් මිලියන 1.5ක්ද, දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයකට රුපියල් ලක්ෂ 5ක්ද, කුඩා දිස්ත්‍රික්ක සඳහා රුපියල් 3,50,000ක්ද ලබා දීමට විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ අතර 2019 ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරග පැවැත්වීමට සිම්බාබ්වේට සහයෝගය ලබා දීමටද ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

මේ අතර ක්‍රිකට් තරග නරඹන්නන් පාලනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය වී ඇති අතර, එයින් නරඹන්නන්ට වඩාත් පහසුවෙන් පැමිණ තරග නැරඹීමට අවස්ථාව උදාකර දීමටද තීරණය වී තිබේ.
ලබන ජූලි මාසයේදී සංවර්ධන සංචිත සමග ක්‍රීඩා කිරීමට ටැස්මේනියා සංවර්ධන සංචිත පිල ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතර, එහිදී එක්දින තරග 3ක් සහ 20-20 තරග 3ක් පැවැත්වෙන බවද එම නිවේදනයේ දැක්වේ.{jcomments on}

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 172

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 197

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 309

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 456

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7064

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4634

Please publish modules in offcanvas position.

X

Right Click

No right click