Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සූරියවැව ක්‍රීඩාංගණය ගොඩගැනීමට ලක්ෂ 200ක් වෙන් කළා - ක්‍රිකට් සභාපති

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රමිතිය පිළිබඳව ගැටලු තිබෙන බැවින් ලබන ජූලි මාසයේදී සිම්බාබ්වේ  සංචාරයට පෙර ක්‍රීඩාංගණය යථා තත්ත්වයට පත් කිරීමට රුපියල් ලක්ෂ 200ක් වැය කිරීමට සැලසුම් කොට ඇති බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (21දා) සූරියවැවදී පැවැසීය.
අතහැර දමා තිබූ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් එසේ පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිකට් සභාපතිවරයා,
“සූරියවැව ක්‍රීඩාංගණය භාර ගැනීමේදී ප්‍රමිතිය පිළිබඳව සලකා බැලීමක් කර නැති බව පෙනෙන්නට තිබෙනවා. නමුත් මෙම ක්‍රීඩාංගණය විනාශ වෙන්නට දෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මෙය නැවත ගොඩනැගිය යුතුයි. ඒ සඳහා පළමු පියවර වශයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් පිල සමග දිවා තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා සුදුසු පරිදි මෙම ක්‍රීඩාංගණය යළි යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රිකට් ආයතනය ලක්ෂ 200ක් වැය කිරීමට සැලසුම් කර තිබෙනවා. ක්‍රිකට් ආර්ථිකයට අපහසු වුවත් මෙම ක්‍රීඩාංගණය යළි ගොඩ ගැනීමට තමන් මැදිහත්වනවා” යැයි සභාපතිවරයා පැවැසීය.
මෙ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ධන ආර්ථිකයක් දක්වා ගෙන එන්නට තමන් ප්‍රමුඛ පරිපාලනයට හැකියාව ලැබි තිබෙන බව පැවසූ සභාපතිවරයා තමන් සභාපති ධුරයට පත්වනවිට ණයට වතුර බෝතලයක් ගන්න බැරි තත්ත්වයක සිටි ක්‍රිකට් ආයතනය එම තත්ත්වයෙන් ගොඩ ගැනීමට හැකිවූ බව සඳහන් කළේය. 
ලංකාවේ ක්‍රිකට් කියන්නේ විශාල වශයෙන් විදේශීය මුදල් මේ රටට ගෙන එන එකම ආයතනය. එය රැක ගැනීම සැමගේ වගකීමක් වෙන බවද තිලංග සුමතිපාල මහතා පවසයි.
මෙම මාධ්‍ය හමුවට සහ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවට ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන  අමාත්‍ය මහින්ද අමරවීර මහතාද සහභාගි විය. 
චන්ද්‍රසේන ගමගේ - තංගල්ල 
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2457

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2400

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3910

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4446

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5277

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3129

Please publish modules in offcanvas position.

X

Right Click

No right click