Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටත්වයේ කේන්ද්‍රය විවෘත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් නැංවීමේ වැඩපිළිවෙළ යටතේ ආරම්භ කරන ලද විශිෂ්ටත්වයේ කේන්ද්‍රය ලෙස සැලකෙන පල්‍ලේකැ‍ලේ දක්ෂතා වර්ධන මධ්‍යස්ථානය ඊයේ (09) විවෘත විය. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූහ.

ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පීත්ත පටිය කපා ගෘහස්ථ ක්‍රිකට් පුහුණු අංගනය විවෘත කළේය. මේ සමගම ගෘහස්ථ පන්දු යැවීමේ මධ්‍යස්ථානය සහ තාක්ෂණ මධ්‍යස්ථානයද විවෘත විය. ඉන්පසු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා, ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග එවූ පන්දුවට පහරදෙමින් ගෘහස්ථ ක්‍රිකට් පථය විවෘත කළේය.

පල්‍ලේකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ විවෘත වුණු විශිෂ්ටත්වයේ කේන්ද්‍රය මෙරට ක්‍රිකට්වලට ආදරය කරන ක්‍රීඩකයින් හට තෝතැන්නක් වනු ඇතැයි මෙහිදී උත්සව සභාව අමතමින්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ විශිෂ්ටත්වයේ කේන්ද්‍රය ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් විවෘත කිරීමට ලැබිම සතුටට කරුණක් බවත් මෙතරම් ඉඩ ප්‍රමාණයක මෙම ස්ථානය නිර්මාණය කළේ තිලංග සුමතිපාල මහතා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම විශිෂ්ටත්වයේ කේන්ද්‍රය තුළින් නවක ක්‍රිකට් ක්‍රීඩකයින් හට විශාල පහසුකම් රැසක් ලැබි ඇති බවත් ගෘහස්ථ ක්‍රීඩාගාරයත් පුහුණුවීම් කරන ස්ථානයත් ක්‍රීඩකයින් හට ඉතා ප්‍රයෝජනවත් බවද ඔහු සඳහන් කළේය. කායවර්ධන මධ්‍යස්ථානයක් මෙම ස්ථානයේ ඉදිවුවහොත් මෙය තවත් සාර්ථක වන බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙරට පළමු වතාවට ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සියලු දේ සමග වෛද්‍ය පහසුකම්ද ලබාදී තිබිම ඉතා වැදගත් බවද හෙතෙම පැවැසීය. ක්‍රීඩකයින් වෙනුවෙන් ඉදිකරන පිහිනුම් තටාකයත්, ක්‍රීඩකයින් හට ඉතා වැදගත් වන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ මහනුවර කේන්ද්‍ර කරගෙන මෙම විශිෂ්ටත්වයේ කේන්ද්‍රය නිර්මාණය කළ බවයි. මෙම විශිෂ්ටත්වයේ කේන්ද්‍රය තුළින් ක්‍රිකට් ක්‍රීඩකයින් හට එළිමහනේ ක්‍රීඩා කිරීමේ හැකියාවත් ගෘහස්ථව ක්‍රීඩා කිරීමේ හැකියාවත් ජාත්‍යන්තර පහසුකම්ද, ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන්ද මෙහි අඩංගු බවද සඳහන් කළේය.

මෙවන් මධ්‍යස්ථාන ගාල්ල, දඹුල්ල, කොළඹ යන ප්‍රදේශවලදී ඉදිරියේදී ස්ථාපිත කරන බවද තිලංග සුමතිපාල මහතා පැවැසීය. මෙම කේන්ද්‍රයට  අවශ්‍ය සියලු පහසුකම් ඉදිරියේදී සලසන බවද තිලංග සුමතිපාල මහතා පැවැසීය. මෙරටින් විදේශ රටවලට ක්‍රීඩා කිරීමට යන ක්‍රීඩා

සංචිතයන්ට මෙහිදී සතියක් දෙකක් පමණ කාලයක පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය. මෙම ස්ථානයේ පිහිනුම් තටාකයක්ද ඉදිකරන අතර එළිමහනේ විදුලි ආලෝකයෙන් ක්‍රීඩා පුහුණුවීම් සිදුකිරීමට අවස්ථාව හිමිවෙන බවද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

ගයා වන්නිආරච්චි{jcomments on}

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2463

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2404

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3912

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4448

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5279

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3131

Please publish modules in offcanvas position.

X

Right Click

No right click