lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

මහනුවර-කොළඹ සහ ගාල්ල-දඹුල්ල තරග අද

එළැඹෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස කණ්ඩායම් 4කගේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සුපිරි අන්තර් පළාත් එක්දින තරගාවලියේ තෙවැනි දිනයට අදාළ තරග 2ක් අද (22දා) පැවැත්වේ.
මේ අනුව මහනුවර සහ කොළඹ අතර තරගය එන්.සී.සී. පිටියේදීද, ගාල්ල සහ දඹුල්ල අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.
මහනුවර පිල චාමර කපුගෙදරද, කොළඹ පිල දිනේෂ්  චන්දිමාල්ද මෙහෙයවන අතර, දඹුල්ල පිල කුසල් ජනිත්ද, ගාල්ල පිල උපුල් තරංගද මෙහෙයවනු ලබති.
මහනුවර මේ වන විට ගාල්ල සහ දඹුල්ල පරදවා ලකුණු 8ක් හිමිකරගෙන අපරාජිත කණ්ඩායම ලෙස ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර, කොළඹ පිල සහභාගි වූ තරග දෙකම පරාජය ලබමින් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටියි.
ගාල්ල මතෛක් සහභාගි වුණු තරග දෙකේදී ප්‍රසාද ලකුණක් ද සමගින් එක් තරගයක් ජයගනිමින් ලකුණු 5ක් හිමිකරගෙන ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, දඹුල්ල පිල එක් තරගයක් පරාජයට පත්ව අනෙක් තරගයේ ලකුණු සම කර ගනිමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.
තරගාවලියේ මේ දක්වා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මහනුවර පිලට සහ දෙවැනි ස්ථානයේ රැඳී සිටින ගාල්ල පිලට අද තරග තීරණාත්මක වී ඇත.
තරගාවලියේ පළමු වටයේ පළමු කොටස අදින් (20) අවසන් වන අතර, ලබන 22 දින සිට පළමු වටයේ දෙවැනි කොටසේ තරග දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.
අවසන් තරගය ලබන 30 දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වේ.

පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

අද අපේ රටේ ටෙලිනාට්‍ය කලාවක් කියලා දෙයක් නැහැ

IMAGE 2017 Apr 30 22:20
අවුරුදු කා‍ලේ හදිසියේම විදේශ ගතවෙන්න හිතුවේ ඇයි? ‘200-300’ කියන වේදිකා නාට්‍යයේ කටයුතුවලටයි...
Views - 3

රට වෙනුවෙන් මම සූදානම් - විජේවීරගේ පුත් උවිඳු

IMAGE 2017 Apr 30 11:59
ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ගේ දූ දරුවන් ගැන රටේ තොරතුරු ප්‍රකටය. ඔවුන් ගමන් කරන්නේ සිය...
Views - 1662

තාත්තා මැරෙන බව දන්නවා නම් ඒ බෝම්බයට පනින්නේ මම

IMAGE 2017 Apr 30 11:46
හිටපු ජනපති ආර්.ප්‍රේමදාසගේ විසිහතරවැනි ගුණ සැමරුම හෙට (01)ට යෙදී තිබේ. ඒ නිමිතිකොට මේ සිය පියා...
Views - 1369

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 10973

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1602

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4881

Please publish modules in offcanvas position.