lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

23න් පහළ අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් ශූරතාව දකුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවු. 23න් පහළ අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දකුණු පළාත් පිල සමත්විය.
කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී බස්නාහිර පළාත් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් දකුණු පළාත් පිල ශූරතාව දිනා ගත්තේය.
දකුණු පළාත මුල් ඉනිම වෙනුවෙන් පන්දුවාර 44.2කදී සියල්ලන් දැවී ලකුණු 105ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බස්නාහිර පළාත පන්දුවාර 44.1කදී ලකුණු 87කට සීමා කිරීමට දකුණු පළාත් පන්දු යවන්නියෝ සමත් වූහ.
බස්නාහිර පළාත් පි‍ලේ තාරිකා සෙව්වන්දි තරගාවලියේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ අතර, දකුණු පළාත් පි‍ලේ කාවින්දි පාරමී තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙසත්, තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ දකුණු පළාත් පි‍ලේ සචිනි නිසංසලා තරගාවලියේ දක්ෂතම  පන්දු යවන්නිය ලෙස සම්මාන ලැබුවාය.

ලකුණු තත්ත්වය :-
දකුණු පළාත: පළමු ඉනිම - 105 (පන්දුවාර 44.2) ළිහිණි අප්සරා 35, සත්‍යා සංදීපනී 25, ජනදි අනාලි 3/31, තාරිකා සෙව්වන්දි 2/17, සඳනි තිවංකා 2/25
බස්නාහිර පළාත: පළමු ඉනිම - 87 (පන්දුවාර 44.1) තාරිකා සෙව්වන්දි 15, සචිනි නිසංසලා 3/32, ලංකා මෙන්ඩිස් 2/13

පමෝද් ලසන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 13

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2888

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1479

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9694

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4254

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1554

Please publish modules in offcanvas position.