Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ලකුණු 146ක විශිෂ්ට ජයක් වාර්තා කළ ඇෆ්ගනිස්ථානය තරගාවලිය 4-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
තරගාවලිය පුරා ඇෆ්ගනිස්ථාන් ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රෂීඩ් ඛාන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆගනිස්ථානය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 241ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේට පන්දුවාර 32.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 95ක් පමණි.
ඇෆ්ගනිස්ථාන ජයග්‍රහණය වෙනුවෙන් ජාවේඩ් අහමදි පන්දු 87කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 76ක් රැස් කළ අතර, රහමට් ෂා පන්දු 75කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 59ක් රැස් කළේය.
ජාවේඩ් සහ රහමට් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ඇෆ්ගනිස්ථාන ඉනිම ශක්තිමත් කළහ.
පසුපෙළ පිතිකරුවකු ලෙස පිටියට පිවිසි රෂීඩ් ඛාන් වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 29කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 43ක් රැස් කරමින් ඇෆ්ගනිස්ථාන් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
ලකුණු හඹායාමේදී කේ‍ර්ග් අර්වින් ලකුණු 34ක්ද, බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 27ක්ද රැස් කළ අතර, අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 11 සීමාව පසු කිරීමට නොහැකි විය.
රෂීඩ් ඛාන් ලකුණු 13ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ෂර්ෆුඩීන් සහ මොහොමඩ් නබි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 241යි
ජාවේඩ් අහමදි 76, රහමට් ෂා 59, 
ෂර්ෆුඩීන් 21, රෂීඩ් ඛාන් 43, සිකන්දර් රාසා 41/2, මුසරබානි 44/2, චටාරා 42/2
සිම්බාබ්වේ පන්දුවාර 32.1කදී සියලු දෙනා දැවී 95යි
අර්වින් 34, ටේලර් 27, මුසකන්ඩා 11, රෂීඩ් ඛාන් 13/3, මොහොමඩ් නබි 26/2, ෂර්ෆුඩීන් 15/2

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ලක්ෂාන්ගේ  ශතක හේතුවෙන් මලියදේවයට එරෙහිව ඉනිමක සහ ලකුණු 235ක ජයක් වාර්තා කිරීමට රිච්මන්ඩ් සමත් විය.
මෙය කමිඳු මෙන්ඩිස්ගේ සිව්වැනි ශතකය (124) වන අතර,  ධනංජය ලක්ෂාන් ලකුණු 154ක් රැස් කළේය.
කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ලක්ෂාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 241ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, රිච්මන්ඩ් වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අවිඳු තීක්ෂණ ඉනිම දෙකේදී කඩුලු 10ක් දවාලීය.
 
රිච්මන්ඩ්-මලියදේව   
මලියදේව: පළමු ඉනිම - 110 (පන්දුවාර 35.5) මුදිත ප්‍රේමදාස නොදැවී 59, අවිඳු තීක්ෂණ 42/7, සඳුන් මෙන්ඩිස් 39/2
රිච්මන්ඩ්: පළමු ඉනිම - 510/8 (පන්දුවාර 84.4) ධනංජය ලක්ෂාන් 154, කමිඳු මෙන්ඩිස් 124, සඳුන් මෙන්ඩිස් නොදැවී 52, ආදිත්‍ය සිරිවර්ධන 51, දුවින් කලංසූරිය 38, දිලුම් සුදීර 36, කවීන් බණ්ඩාර 84/3, දුලාජ් රණතුග 88/3, සංජීවන් ප්‍රියදර්ශන 129/2
මලියදේව: දෙවැනි ඉනිම - 165 (පන්දුවාර 49.3) දුලාජ් රණතුංග 59, සුපුන් සුමනරත්න 21, දිලුම් සුදීර 66/5, අවිඳු තීක්ෂණ 35/3
රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 235ක ජයක්.
 
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද-හොරණ තක්ෂිලා
ශ්‍රී දේවානන්ද: පළමු ඉනිම - 166 (පන්දුවාර 35.4) සසිඳු ද සිල්වා 50, ෂොහාන් ද ලිවේරා 48, නිමේෂ් ද සිල්වා 20, තිසර සචින්ත 44/4, තිළින්ද තරින්ද 14/2, සෙනෙත් වින්විනු 20/2, ගිෂාන් ගිමන්ත 35/2
තක්ෂිලා: පළමු ඉනිම - 102 (පන්දුවාර 35) දීෂාන් ගිම්හාන 20, සඳුන් ද සොයිසා 15/3, නිමේෂ් ද සිල්වා 35/3, දසුන් ද සිල්වා 20/2
ශ්‍රී දේවානන්ද: දෙවැනි ඉනිම - 294/7 (පන්දුවාර 55) ෂොහාන් ද ලිවේරා 71, නිමේෂ් ද සිල්වා 55, සමිත් අබේසේකර 35, කවිඳු රාජපක්ෂ 27, දසුන් ද සිල්වා 25, විකුම් ජයසේකර නොදැවී 21, තිසර සචින්තන 47/2, සෙනෙත් වින්විනු 59/2
තක්ෂිලා: දෙවැනි ඉනිම - 112 (පන්දුවාර 42.1) විදුෂාන් යසින්ත 34, තිළිණ තරින්ද 27, කවිඳු රාජපක්ෂ 20/5, නිමේෂ් ද සිල්වා 44/2
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට ලකුණු 246ක ජයක්.
 
ශා. තෝමස්-කොළඹ ලුම්බිණි
ලුම්බිණි: පළමු ඉනිම - 179 (පන්දුවාර 67.3) කෙවින් කෙමිත 43, ළකිඳු උපේන්ද්‍ර 38, දුෂාන් ප්‍රනාන්දු 22, ප්‍රභාත් මධුසංක 20, විමුක්ති කුලතුංග 20, ෂැනොන් ප්‍රනාන්දු 33/6, තෙවින් ඊරියගම 30/2
ශා. තෝමස්: පළමු ඉනිම - 280/5 (පන්දුවාර 59) මන්තිල විජේරත්න නොදැවී 106, දුලිත් ගුණරත්න 86, මනීෂ රූපසිංහ නොදැවී 29, තෙවින් ඊරියගම 24, පසිඳු නඳුන් 44/3
ලුම්බිණි: දෙවැනි ඉනිම - 99 (පන්දුවාර 31) සඳුනිල් සංකල්ප 24, දුෂාන් ප්‍රනාන්දු 20, පවිත් රත්නායක 23/4, තෙවින් ඊරියගම 9/2, ෂැනොන් ප්‍රනාන්දු 40/2
ශා. තෝමස්ට ඉනිමක සහ ලකුණු 2ක ජයක්.
 
වෙස්ලි-ජෝශප් වාස්
වෙස්ලි: පළමු ඉනිම - 273 (පන්දුවාර 76.1) මොවින් සුබසිංහ 82, හසිත් ගීසර 47, සකුන්ත ලියනගේ 33, තිසුරක අක්මීමණ 30, බුද්ධිම විජේසුන්දර 28, ෂෙහාන් දංගල්ල 22, නිපුන් ධනංජය 74/6, අවිඳු ෂෙහාර 66/3
ශා. ජෝශප් වාස්: පළමු ඉනිම - 183 (පන්දුවාර 66.4) අංජන රුක්මාල් 69, තිලාන් ප්‍රදීප්ත 43, මොවින් සුබසිංහ 60/4, මොහොමඩ් උබේදුල්ලා 32/2, සකුන්ත ලියනගේ 28/2
වෙස්ලි: දෙවැනි ඉනිම - 72/8 (පන්දුවාර 29.4) හසිත් ගීසර 27, නිපුන් ධනංජය 24/4, ශෂාන් දෙනෙත් 29/4
ජෝශප් වාස්: දෙවැනි ඉනිම - 76/3 (පන්දුවාර 11.2) නිපුන් ධනංජය 52
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ත්‍රිත්ව-අම්බලන්ගොඩ ධර්මාශෝක
ත්‍රිත්ව: පළමු ඉනිම - 181 (පන්දුවාර 41.4) ටේ‍රවොන් පර්සිවෙල් 63, හසින්ත ජයසූරිය 33, දිනුක ඩිල්ෂාන් 27/5, අකිල මෙන්ඩිස් 9/3
ධර්මාශෝක: පළමු ඉනිම - 150/9 (පන්දුවාර 50) රවිඳු රශාන්ත 40, ඉසුරින්ද මෙන්ඩිස් 36, කවිඳු නදීෂාන් 20, තිසරු රශ්මික 25/3, කවිෂ්ක සේනාධීර 27/3, විමුක්ති නෙතුමාල් 45/2
ත්‍රිත්ව: දෙවැනි ඉනිම - 222/5 (පන්දුවාර 45.1) පුබුදු බණ්ඩාර 96, හසිත බෝයගොඩ 47, අකිල මෙන්ඩිස් 65/3
ධර්මාශෝක: දෙවැනි ඉනිම - 172/6 (පන්දුවාර 55) දිනුක ඩිල්ෂාන් 71, චමිඳු ඩිල්ෂාන් 8, සචින් සංදීප 33, කවිෂ්ක සේනාධීර 65/3, විමුක්ති නෙතුමාල් 58/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
පමෝද් ලසන්ත

බංග්ලාදේශයට එරෙහිව තරගාවලි සියල්ලම ජය ගැනීමට හැකි වූයේ ක්‍රීඩකයන්ගේ සුපිරි දක්ෂතා
නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (19දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
“බංග්ලාදේශ පුවත්පත්වල පවා තිබුණා මම ඔවුන්ගේ රහස් දන්න නිසයි තරගාවලිය දිනුවේ කියලා. ඒත් මම ක්‍රීඩා කළේ නෑ. පිටිය මැද ක්‍රීඩා කළේ ක්‍රීඩකයන්. සියලු ගෞරව ඔවුන්ට හිමි විය යුතුයි” යැයි හතුරුසිංහ පැවැසීය
තුන්කොන් තරගාවලියේ පළමු තරග දෙක පරාජය වුවද යළිත් තරගාවලියට අවතීර්ණ වීමට හැකි බව දැඩි විශ්වාසයක් තිබූ බව හතුරුසිංහ පවසයි.
“පළමු තරග දෙකේදී අපේ විරුද්ධවාදීන් හොඳින් ක්‍රීඩා කළා. අපෙන් සිදුවූ වැරදි කතා කරලා කණ්ඩායමක් ලෙස නැගීසිටින්න අපිට හැකිවුණා” යැයි හතුරුසිංහ පවසයි. මෙම තරගාවලියේදී සහය පුහුණුකරු සංචිතයෙන් හොඳ සහායක් ලැබුණු බවත් එයද මෙම ජයග්‍රහණයට ඉවහල් වූ බව හතුරුසිංහ පවසයි.
කුසල් ජනිත් නැවත පැමිණීමෙන් පසු ඔහුගේ ස්ථානය පිළිබඳව විමසූ විට හතුරුසිංහ පැවැසුවේ තරගාවලිය සහ තරග කරන රට අනුව ඕනෑම ක්‍රීඩකයකුට දක්ෂතා දක්වා කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව හිමිවන බවයි.
“මම කණ්ඩායම තෝරන්නේ තණතීරුව, ක්‍රීඩා කරන රට සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ තත්ත්වය ගැන හිතලයි. තරගය දිනන්න අවශ්‍ය ක්‍රීඩකයන් තමයි කණ්ඩායමට යොදවන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට ඕනෑම වෙලාවක අවස්ථාවක් හිමිවිය හැකියි” යැයි හතුරුසිංහ පවසයි.
තිසර පෙරේරාගේ ක්‍රීඩා කරන විලාශය වෙනස් කිරීමට යමක් කළාදැයි විමසූ විට හතුරුසිංහ පැවැසුවේ ඔහුට කරන්න පුළුවන් දේ වටහා දුන් බවත්, පුහුණු කරන ආකාරය වෙනස් කළ බවයි.
ඉදිරියේදී නිදහස් කුසලාන තරගාවලියේදී ඉන්දීය අභියෝගය පිළිබඳව අදහස් දැක්වූ හතුරුසිංහ පවසන්නේ ජය පරාජය නොව දිනෙන් දින කණ්ඩායමේ දියුණුව පිළිබඳව තමන් කල්පනා කරන බවයි.
ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට එක්වීම පිළිබඳව විමසූ විට හතුරුසිංහ පැවැසුවේ එවන් තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ අවශ්‍යතාව තිබූ බවත්, තරග දෙකේදීම ඔහු සිය යුතුකම් ඉටු කළ බවයි.
මෙහිදී අදහස් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල් කලකට පසු ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වීම පිළිබඳව සතුටුවන බව පැවැසීය.
පසුගිය වසර එකහමාරක් තුළ සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නොහැකි වූ බවත්, 2018 පළමු තරගාවලියම ජය ගැනීමට හැකි වීම සියලුම ක්‍රීඩකයන්ට සතුටුදායක තත්ත්වයක් බව චන්දිමාල් පවසයි.
තුන්කොන් තරගාවලියේ පළමු තරග දෙක පරාජය වීමෙන් පසු ජයග්‍රහණයට අවශ්‍ය සැලසුම් සකස් කළ බවත්, සියලුම ක්‍රීඩකයන් තමන්ගේ වගකීම හරියාකාරව ඉටු කිරීමෙන් අවසානයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකිවූ බවත් චන්දිමාල් පැවැසීය.
මෙම තරගාවලියේදී කණඩායමක් ලෙස නොව එකම පවුලක් ලෙස ක්‍රීඩා කිරීමෙන් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවද චන්දිමාල් පැවැසීය.
සියලු පහසුකම් ලබා දුන් ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු ක්‍රිකට් ආයතනයටත්, සියලුම පුහුණුකරුවන්ටත් සෑම විටම කණ්ඩායම සමග සිටි ක්‍රීඩා ලෝලීන්ටත් සිය ස්තූතිය පුද කරන බව චන්දිමාල් පැවැසීය.

මංගල ධර්මප්‍රේම
 

ශ්‍රී ලංකා කණ්ඩායම රටක් ලෙසත්, ජාතියක් ලෙසත් ලැබූ මෙම තරගාවලි ජයග්‍රහණය අතිවිශිෂ්ට බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
පසුගිය මාස කිහිපයේදී කණ්ඩායම ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙනයාමට ගත් වෑයමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වීම පිළිබඳව සතුටුවන බව ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.
නව පුහුණුකරු ලෙස හතුරුසිංහවත්, පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීරවත්, වේගපන්දු පුහුණුකරු ලෙස රුමේෂ්
රත්නායකත් බඳවාගෙන කණ්ඩායම ශක්තිමත් කළ බවත් එම පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ වැරදි නිවැරදි කර මෙම ජයග්‍රහණයට දායක වූ බවද සුමතිපාල මහතා පැවැසීය.
දිනේෂ් චන්දිමාල් නායකයකු ලෙස කණ්ඩායම මෙහෙයවීම උපරිම අයුරින් ඉටුකළ බවත්, ‍‍‍ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩකයන් එක්ව විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සන්නාමය ඉදිරියට ගෙන යාමට හොඳ ආරම්භයක් ලබාදුන් බවත් සුමතිපාල මහතා පවසයි.
ලෝකයේ වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම කඩුලු ලැබූ ක්‍රීඩකයා වීමට රංගන හේරත් සමත් වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් බවත්, ඔහුගේ දක්ෂතාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සියලුම රටවැසියන් වෙනුවෙන් ප්‍රණාමය පුදකරන බවද සුමතිපාල මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 75ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ඊයේ (18දා) බංග්ලාදේශයේ සිල්හෙට්හි පැවැති මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 210ක් ලබාගත් අතර, බංග්ලාදේශයට පන්දුවාර 18.4කදී සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි. 
ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් සුපිරි පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 42කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 70ක් ලබමින් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ලට පන්දුවාර 11කදී ලකුණු 98ක් රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත් වූ අතර, ධනුෂ්ක ලකුණු 42කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 17කදී හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 31ක් වාර්තා කළේය. 
උපුල් තරංග පන්දු 13කදී ලකුණු 25ක් රැස් කළ අතර, දසුන් ශානක පන්දු 11කදී නොදැවී ලකුණු 30ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්ට ස්ථාවර වීමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පෙර පෙළ බිඳ දැමීමට සමත් වූහ.
සාර්ථක පන්දු යැවීමක නිරත වූ ෂෙහාන් මධුෂංක මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිතුන්ගේ කඩුලු ලබා ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.
සෞම්‍ය සකාර් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට අකිල ධනංජය සමත් වූ අතර, ලකුණු 29ක් ලබාගත් තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් කිරීමට අමිල අ‍පොන්සු සමත් විය.
පන්දු 31කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 41ක් ලබාගත් නායක මහමදුල්ලා දුවද්දී දැවී යාමකට හසුවීමෙන් බංග්ලාදේශ බලා‍පොරොත්තු සුන් විය. 
පසුපෙළ පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ඉසුරු උදාන, දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක අවසානයේදී බංග්ලාදේශ ඉනිම ලකුණු 135කට සීමා කළේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ෂෙහාන් මධුෂංක සහ ධනුෂ්ක ගුණතිලක කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, අකිල ධනංජය, දසුන් ශානක, අමිල අ‍පොන්සු, ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

බෝපිටිය ලොයොලා විද්‍යාලය සහ ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය අතර මීගමුව කදිරාණ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු “මිතුරු සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ක්‍රිස්තුරාජ මුල් ඉනිම ලකුණු 98කට සීමා වූ අතර, ලොයොලා විදුහල මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 146ක් රැස් කළේය.
ලකුණු 48ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ක්‍රිස්තුරාජය කඩුලු 7ක් දැවී ලකුණු 239ක් රැස් කළ අතර, තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 36කදී ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ලොයොලා විදුහලට තරගය නිමාවන විට කඩුලු 6ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 101ක් පමණි.
මෙම මංගල තරගයේදී 
ෂෙනාල් චාරුක (ලොයොලා), ජූඩ් රොෂාන් (ක්‍රිස්තුරාජ) සහ උදාන් කොළඹගමගේ (55) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.
ලොයොලා නායක සයුරු ජයකොඩි   මුල් ඉනිමේදී ලකුණු 13කට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ක්‍රිස්තුරාජය වෙනුවෙන් පසිඳු මලිත් මුල් ඉනිමේදී ලකුණු 35ට කඩුලු 4ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
ක්‍රිස්තුරාජ: පළමු ඉනිම - 98 (පන්දුවාර 37.4) උදාන් 
කොළඹගමගේ 22, ළහිරු සිල්වා 20, සයුරු ජයකොඩි 13/4, 
කවිෂ්ක සපරමාදු 9/2
ලොයොලා: පළමු ඉනිම - 146 (පන්දුවාර 56.3) ෂෙනාල් චාරුක නොදැවී 77, සයුරු ජයකොඩි 24, පසිඳු මලිත් 35/4, මලින්ද පීරිස් 37/3, ළහිරු සිල්වා 30/2
ක්‍රිස්තුරාජ: දෙවැනි ඉනිම - 239/7 (පන්දුවාර 55) ජුඩ් රොෂාන් 60, උදාන් 
කොළඹගමගේ 55, ළහිරු සිල්වා 45, ළහිරු පීරිස් 38, චරිතංග ලක්ෂාන් 73/3, සයුරු ජයකොඩි 47/2
ලොයොලා: දෙවැනි ඉනිම - 101/6 (පන්දුවාර 36) ෂෙනාල් චාරුක 38, සයුරු ජයකොඩි නොදැවී 17, මලින්ද පීරිස් 22/2, නිසල් මාලිංග 31/2
(පමෝද්)

Page 1 of 48

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 730

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 350

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3447

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1952

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3942

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5030

Please publish modules in offcanvas position.