Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද (20දා) සාජාහිදී පැවැත්වේ.
මෙම තරගාවලියේ පළමු තරග තුනෙන්ම ජයගත් පාකිස්තානය මේ වන විටත් තරගාවලිය 3-0ක් ලෙස ජයගෙන තිබේ.
තෙවැනි තරගයේදී යළිත් අසාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ ලකුණු 208කට දැවී ගිය අතර අදාළ ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී පසු කිරීමට පිතිකරුවෝ සමත් වූහ.
මේ අතුරින් සිය මංගල එක්දින තරගයට සහභාගි වූ ඉමාම් උල් හක් පන්දු 125කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 100ක් වාර්තා කරමින් වාර්තා ‍පොතට එක්විය.
ඉමාම් සහ ෆකාර් සමාන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සම්බන්ධතාවක් වාර්තා වූ අතර, වැන්ඩසේගේ පන්දුවක් හමුවේ සමාන් ලකුණු 29කට දැවී ගියේය.
පළමු තරග දෙකේදීම ශතක රැස් කළ බාබර් අසාම් ඉමාම් සමග එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවක් වාර්තා කළ අතර, ලහිරු ගමගේගේ පන්දුවක් හමුවේ ලකුණු 30ක් ලැබූ බාබර් අසාම් පිටියෙන් ඉවත් විය.
ඉන්පසු සිය මංගල ශතකය රැස් කළ ඉමාම් උල් හක් තිසරගේ පන්දුවක් හමුවේ ලකුණු 100කට දැවී ගිය අතර මොහොමඩ් හෆීස් පන්දු 51කදී හතරේ පහර 4ක් සහිතව නොදැවී ලකුණු 34ක් ලබා සිටියේය.

ලකුණු තත්ත්වය -
ශ්‍රී ලංකාව පන්දුවාර 48.2කදී - 208යි
දික්වැල්ල 18, තරංග 61, චන්දිමාල් 19, කපුගෙදර 18, තිරිමාන්න 28, සිරිවර්ධන 2, වැන්ඩසේ 0, තිසර පෙරේරා 38, ධනංජය 1, චමීර 10, ගමගේ නොදැවී 0, ජුනේඩ් ඛාන් 32/1, මාහොමඩ් හෆීස් 39/1, හසන් අලී 34/5, ෂඩාබ් ඛාන් 37/2
පාකිස්තානය පන්දුවාර 42.3කදී - 209/3යි
ඉමාම් උල් හක් 100, ෆකාර් සමාන් 29, බාබර් අසාම් 30, මොහොමඩ් හෆීස් නොදැවී 34, ලහිරු ගමගේ 35/1, ජෙෆ්රි වැන්ඩසේ 43/1, තිසර පෙරේරා 22/1

ශ්‍රී ලංකා  එක්දින සංචිතය

උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ

පාකිස්තානු එක්දින සංචිතය

සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, රුමාන් රීස්, ජුනේඩ් ඛාන්, හැරිස් සොහෙල්, ඉමාම් උල් හක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “සිංගර් කුසලාන” අවු. 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු ත්‍රිත්ව ශතකය රැස් කිරීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පැතුම් හසරංග සමත්විය.
පැතුම් හසරංග ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 156කදී හතරේ පහර 23ක් සහ හයේ  පහර 24ක් සමගින් ලකුණු 300ක් රැස් කළේය.
මෙම තරගයකදී නවෝද්‍ය විජේකුමාර (ශා. අන්තෝනි) තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, සුපුන් සුමනරත්න (මලියදේව), කමිඳු මෙන්ඩිස් (රිච්මන්ඩ්), තවීෂ අභිෂේක් (රිච්මන්ඩ්), සුභාෂිත සොයිසා (ඩිලාසාල්) ශතක රැස් කළහ.
කටුගස්තොට ශා. අන්තෝනි විද්‍යාලය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 154කින් පැරදවූ අතර, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලය ඉනිමකින් සහ ලකුණු 115කින් පැරදවීය.

කටුගස්තොට ශා. අන්තෝනි-හොරණ තක්ෂිලා ශා. අන්තෝනි: පළමු ඉනිම - 315/4

(පන්දුවාර 43.3) නවෝද්‍ය විජේකුමාර 91, තීක්ෂ ගුණසිංහ 83, මොහොමඩ් අබ්සාර් 70, සුනෙර ජයසිංහ 36 තක්ෂිලා: පළමු ඉනිම - 78 (පන්දුවාර 31.5) නවෝද්‍ය විජේකුමාර 5/13, ගයාන් අවිෂ්ක 3/15, කල්හාර සේනාරත්න 2/16
තක්ෂිලා: දෙවැනි ඉනිම - 83 (පන්දුවාර 31.2) කල්හාර සේනාරත්න 6/41, තමාෂන අබේකෝන් 3/15
කටුගස්තොට ශා. අන්තෝනිට ඉනිමක සහ ලකුණු 154ක ජයක්.

රිච්මන්ඩ්-ශා.සර්වේෂස්

ශා. සර්වේෂස්: පළමු ඉනිම - 87 (පන්දුවාර 47.3) රිශිර ලක්වින් 23, සඳුන් මෙන්ඩිස් 5/32, අම්ෂි ද සිල්වා 2/15, ධනංජය ලක්ෂාන් 2/17
රිච්මන්ඩ්: පළමු ඉනිම - 307/4 (පන්දුවාර 67) කමිඳු මෙන්ඩිස් 133, තවීෂ අභිෂේක් නොදැවී 100, ආදිත්‍ය සිරිවර්ධන 32, අවිඳු තීක්ෂණ නොදැවී 25, සුපුන් කාවින්ද 2/35
ශා. සර්වේෂස්: දෙවැනි ඉනිම - 105 (පන්දුවාර 42.3) ච්ෙතක දෙනුවන් 21, සුපුන් කාවින්ද 19, ධනජය ලක්ෂාන් 4/25, සඳුන් මෙන්ඩිස් 2/12
රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 115ක ජයක්.

මලියදේව-ඩී.එස්. සේනානායක

මලියදේව: පළමු ඉනිම - 274/6 (පන්දුවාර 72) සුපුන් සුමනරත්න නොදැවී 154, චාළුක අතපත්තු 55, විහාන් ගුණසේකර 3/88
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම - 177/4 (පන්දුවාර 33) මුදිත ලක්ෂාන් නොදැවී 52, ෂෙරොන් ෂෙනාල් 32, කවීන් බණ්ඩාර 4/60
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ඉසිපතන-ලුම්බිණි
ඉසිපතන: පළමු ඉනිම - 183 (පන්දුවාර 68) අශේන් ගුණවර්ධන 84, ඉෂාන් ප්‍රනාන්දු 29, කාලික් අමාත් 30, විමුක්ති කුලතුංග 4/57, ගයාෂාන් කරුණාරත්න 2/8
ලුම්බිණි: පළමු ඉනිම - 100 (පන්දුවාර 41.5) පූර්ණ සඳරුවන් 24, මධුෂික සඳරුවන් 5/20, ළහිරු ඩිල්ෂාන් 2/26
ඉසිපතන: දෙවැනි ඉනිම - 74/4 (පන්දුවාර 33) සංජුල බණ්ඩාර 36, ලෙෂාන් අමරසිංහ 22, කවීන් පීරිස් 2/30, විමුක්ති කුලතුංග 2/34
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

තර්ස්ටන්-වේල්ස් කුමර

වේල්ස් කුමර: පළමු ඉනිම - 36/4 (පන්දුවාර 11) නිපුන් ලක්ෂාන් 3/22
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

විද්‍යාලෝක-ගංකන්ද ම.ම.වි.

විද්‍යාලෝක: පළමු ඉනිම - 490/8 (පන්දුවාර 60.1) පැතුම් හසරංග නොදැවී 300, රිශාන් චාමික 51, ළහිරු මධුෂාන් 3/113, පුබුදු සමරරත්න 2/90
ගංකන්ද මමවි: පළමු ඉනිම - 145 (පන්දුවාර 48) සචිත් සිල්වා නොදැවී 62, පැතුම් රණසිංහ 39, නදීර ඉෂාන් 3/22, පැතුම් හසරංග 2/16
ගංකන්ද ම.ම.වි.: දෙවැනි ඉනිම - 32/2 (පන්දුවාර 12.2) හංසක චමෝද් 2/8
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද-වේයන්ගොඩ බණ්ඩාරනායක

ශ්‍රී ප්‍රඥානන්ද: පළමු ඉනිම - 110 (පන්දුවාර 47.2) සසංක අභිමාන් 27, චමත් ප්‍රනාන්දු 4/11, නිපුන්
සංතුෂ් 3/41
බණ්ඩාරනායක: පළමු ඉනිම - 112/4 (පන්දුවාර 16) මලීෂ කලංසූරිය නොදැවී 51, මළිඳු මානාභරණ 29, හංස හිරණ්‍ය 2/47
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඩිලාසාල්-බෝපිටිය ලොයොලා

ලොයොලා: පළමු ඉනිම - 235 (පන්දුවාර 63.1) සයුර ජයකොඩි 97, සංක ප්‍රසාද් 33, යොහාන් සුදීර 26, අරුල් ප්‍රභාෂ් 4/47, කවිඳු බිම්සර 2/39, ඉමේෂ්ක පෙරේරා 2/44
ඩිලාසාල්: පළමු ඉනිම - 267/7 (පන්දුවාර 55) සුභාෂිත සොයිසා නොදැවී 121, කවිඳු බිම්සර 46, රවිඳු සංදීප 33, කවිෂ්ක සපරමාදු 3/52
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

පමෝද් ලසන්ත

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානු සංචිතය නම්කර තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් යළි පාකිස්තානු සංචිතයට කැඳවා ඇති අතර, සෆ්රාස් අහමඩ් නායකයා ලෙස කටයුතු කරයි.
ලබන 26 සහ 27දා සාජාහිදී පළමු සහ දෙවැනි 20-20 තරග පැවැත්වෙන අතර, තෙවැනි තරගය ලබන 29දා ලාහෝර්හිදී පැවැත්වේ.
 
පාකිස්තාන් 20-20 සංචිතය
සෆ්රාස් අහමඩ් (නායක), ෆකාර් සමාන්, අහමඩ් ෂෙෂාඩ්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, මොහොමඩ් නවාස්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, අමීර් යමීන්, රුමාන් රීස්, උස්මාන් ඛාන්, උමාර් අමීන්, මොහොමඩ් අමීර් (ශාරීරික යෝග්‍යතාව අනුව)

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අවු. 13න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තරගයකදී විශ්ව පාරමී සහ නවිඳු රෂ්මිකගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්  වෙන්නප්පුව ශා. ජෝශප් වාස්ට ලකුණු 289ක ජයක් හිමිවිය.
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විශ්ව පාරමී පළමු ඉනිමේදී ලකුණු 11ට කඩුලු 6ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 5ට කඩුලු 5ක්ද සමගින් මුළු තරගයේදී ලකුණු 16කට කඩුලු 11ක් බිඳ හෙළීය.
විශ්වට අනගි සහයක් ලබාදුන් නවිඳු රශ්මික මුල් ඉනිමේදී ලකුණු 4ට කඩුලු 4ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 13ට කඩුලු 5ක්ද සමගින් මුළු තරගයේදී ලකුණු 17කට කඩුලු 9ක් බිඳ හෙළීය.
විශ්ව සහ නවිඳුගේ පන්දු යැවීම හමුවේ ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල් පළමු ඉනිම ලකුණු 16කට සීමාවූ අතර, දෙවැනි ඉනිම ලකුණු 21කට සීමා විය.
 
ජෝශප් වාස්-ගිරිඋල්ල වික්‍රමශිලා
ශා. ජෝශප් වාස්: පළමු ඉනිම - 212/5 (පන්දුවාර 36) නෙත්මාල් ද සොයිසා 95, මෙනුෂ පෙරේරා 49, විශ්ව පාරමී 30, සිතිජය විජේසිංහ 2/54
වික්‍රමශිලා: පළමු ඉනිම - 16 (පන්දුවාර 11) විශ්ව පාරමී 6/11, නවිඳු රශ්මික 4/4
ශා. ජෝශප් වාස්: දෙවැනි ඉනිම - 114/5 (පන්දුවාර 25) මෙනුෂ් පෙරේරා 31, උවින් චන්දීප 34, රොෂේන් මධුසංක 3/51
වික්‍රමශිලා: දෙවැනි ඉනිම - 21 (පන්දුවාර 13) විශ්ව පාරමී 5/5, නවිඳු රශ්මික 5/13
ජෝශප් වාස් විද්‍යාලයට ලකුණු 289ක ජයක්.
 
කළුතර සිරිකුරුස-හෝමාගම ම.ම.වි
සිරිකුරුස: පළමු ඉනිම - 166/7 (පන්දුවාර 55) ෂොනාල් පෙරේරා නොදැවී 64, නිවින් කෙනුල 20, දුලංජය පීරිස් 3/40
හෝමාගම ම.ම.වි.: පළමු ඉනිම - 36/5 (පන්දුවාර 32) නිශාන් පෙරේරා 2/1, හංසජ බ්‍රයන් 2/2
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
රිච්මන්ඩ්-බලපිටිය රේවත
රිච්මන්ඩ්: පළමු ඉනිම - 182/9 (පන්දුවාර 55) පෘතුවි ජයසූරිය 41, ඉමේෂ් සසිඳු 33, තරින්ද නිර්මාල් 26, කුෂාන් ද සිල්වා 2/27, තත්සර මෙන්ඩිස් 2/32
රේවත: පළමු ඉනිම - 70 (පන්දුවාර 25.2) තරින්ද නිර්මාල් 5/13, අහමඩ් අබ්දුල් 3/13
රේවත: දෙවැනි ඉනිම - 28/3 (පන්දුවාර 3) තරින්ද නිර්මාල් 2/6
රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ධර්මරාජ-කිංග්ස්වුඩ්
කිංග්ස්වුඩ්: පළමු ඉනිම - 90 (පන්දුවාර 36.1) තේනුක විශාන් 20, විභාජිත් ඇහැ‍ලේ‍පොල 5/24, දුලාර බන්දුලසේන 3/12
ධර්මරාජ: පළමු ඉනිම - 205/1 (පන්දුවාර 38) විභාජිත් ඇහැ‍ලේ‍පොල නොදැවී 80, පුළිඳු පෙරේරා නොදැවී 62, ඉසුරු පන්නල 43
මහනුවර ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ලුම්බිණි-කළුතර තිස්ස
ලුම්බිණි: පළමු ඉනිම - 105 (පන්දුවාර 45.3) උෂාන් පෙරේරා 36, නබිල් රාජුඩීන් 24, සජීව සිල්වා 5/27, කවිඳු සත්සර 2/1, අසේල ද සිල්වා 2/27
තිස්ස: පළමු ඉනිම - 100 (පන්දුවාර 50) දෙව්මිත් ද සිල්වා නොදැවී 62, යසිරු යුගත් 5/30, නබිල් රාජුඩීන් 2/19
ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
ගම්පහ බණ්ඩාරනායක-කෝට්ටේ ශා. තෝමස්
ශා. තෝමස්: පළමු ඉනිම - 117/3 (පන්දුවාර 55) තරුක්ෂ පෙරේරා නොදැවී 56, ජෝර්ඩ්න් මැතිව්ස් 32, ළකිඳු රණසිංහ 2/32
බණ්ඩාරනායක: පළමු ඉනිම - 76/3 (පන්දුවාර 16) ළකිඳු රණසිංහ නොදැවී 27, කුසල් කරුණාරත්න 26, කෙවින් රංජිත් 2/3
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
 
ධර්මාශෝක-දේවපතිරාජ
දේවපතිරාජ: පළමු ඉනිම - 143 (පන්දුවාර 53.5) 
ෂෙහාන් හසරංග 47, මතීෂ සාරංග 32, සෙනුර ද සිල්වා 4/18, ඉෂාන් අනුරාධ 3/1
ධර්මාශෝක: පළමු ඉනිම - 165/8 (පන්දුවාර 48) චානක ජනංග නොදැවී 43, සෙනිත හැළඹගේ 33, සෙනුර ද සිල්වා 32, හොන් හසරංග 4/31, දර්ශක සංදීප් 2/8
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
 
මහනුවර විද්‍යාර්ථ-‍පොළොන්නරුව රාජකීය
රාජකීය: පළමු ඉනිම - 99 (පන්දුවාර 39.3) ජනිත් රත්නසිරි 33, විශ්ව සංකල්ප 26, මනුප්‍රිය නුගපිටිය 4/26, දිනුක ඉෂාන් 3/26                                                                             
විද්‍යාර්ථ: පළමු ඉනිම - 123/5 (පන්දුවාර 13) රවිඳු ෂෙහාන් 550, මලීෂ ෂෙහාන් 36, ශෂ්මික හේෂාන් නොදැවී 17, ජනිත් රත්නසිරි 2/23                                                                                                                                          
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘ලුතිනන් නලීන් කුරේ අනුස්මරණ කුසලාන’ ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය මේ මස 21දා කොම්පඤ්ඤ වීදිය මැ‍ලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ලෙදර් පන්දු භාවිතා කරමින් පැවැත්වෙන මෙම සය සාමාජික ක්‍රිකට් තරගාවලියට විදුහ‍ලේ සියලුම ආදි සිසුන්ට සහාගි වන ලෙස සංවිධායකයින් ආරාධනා කර සිටී. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0711650062 (ඩිලාන්) හෝ  0777731308 (සංඛ) දුරකථන අංකයන්ට ඇමැතීමෙන් ලබාගත හැකියි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි එක්දින තරගය අද (18දා) අබුඩාබිහිදී පැවැත්වේ.
තරගාවලියට අවතීර්ණ වීමට අද තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වී ඇති අතර, පාකිස්තානය ජය ගතහොත් තරගාවලි ජය පාකිස්තානයට හිමිවේ.
පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදීද පෙර පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
පාකිස්තානු පන්දු රකින්නන් උඩ පන්දු 2ක් අත් හැරීමෙන් පසු සටනක් දුන් නායක උපුල් තරංග ශතකයක් රැස් කළද එය පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොවීය.
තරංග ඉනිම අවසන් වනතුරු කඩුල්‍ලේ රැඳී සිටිමින් ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා ලෙස වාර්තා ‍පොතට එක්විය.
අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි වාර්තා වන අතර, චාමර කපුගෙදර සහ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කිරීම පිළිබඳ අවධානය යොමුවී තිබේ.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය සාර්ථක දස්කම් දැක්වුවද පිතිකරුවන්ගේ දුර්වලතා හේතුවෙන් පරාජය වීමට සිදුවී තිබේ.
මේ අතර අද තරගයටද පාකිස්තානය සුපුරුදු කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇතත් ඉමාඩ් වසීම් වෙනුවට වේගපන්දු යවන්නෙකු ක්‍රීඩා කිරීම ගැනද අවධානය යොමුකර ඇති බව වාර්තාවේ.
පළමු තරග දෙකේදී ශතක රැස් කරමින් ලකුණු අතර සිටින බාබර් අසාම් ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවට හිතකරවේ.
තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 4.30ට දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
 
ශ්‍රී ලංකා එක්දින සංචිතය
 
උපුල් තරංග (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, අකිල ධනන්ජය, ජෙෆ්රි වැන්ඩසේ
 
පාකිස්තානු එක්දින සංචිතය
 
සෆ්රාස් අහමඩ් (නායක), අහමඩ් ෂෙෂාඩ්, ෆකාර් සමාන්, මොහොමඩ් හෆීස්, බාබර් අසාම්, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, ෂඩාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, මොහොමඩ් අමීර්, රුමාන් රීස්, ජුනේඩ් ඛාන්, හැරිස් සොහෙල්, ඉමාම් උල් හක්

Page 1 of 27

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 1601

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 2684

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 1904

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1673

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 2163

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 3364

Please publish modules in offcanvas position.