Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇලෝසියස් ඇල්ලූ පොලිස් මෙහෙයුම

අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන අත්අඩංගුවට ගත්තේ පසුගිය 4දා උදේ 7.00ට පමණ අපරාධ පරික්ෂණ         දෙපාර්තමේන්තුවේ අංක 3 මූල්‍ය විමර්ශන ඒකකයේ ස්ථානාධිපති කාන්තා ‍පොලිස් පරික්ෂිකා සංජීවනී කැප්පෙටිගේ මහත්මියගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ඇරඹුණි. මුලින්ම වැල්ලවත්ත අර්තුෂා පාරේ පිහිටි කසුන් පලිසේනගේ නිවස පරික්ෂා කිරීමට ‍පොලිස් කණ්ඩායමක් පිටත් විය. ඒ අතරතුර සිවිල් ‍පොලිස් නිලධාරීන් පිරිසක් කොල්ලුපිටිය මල් පාරේ පිහිටි අර්ජුන් ඇලෝසිියස් ගේ නිවස යාබදව ඔත්තු බැලීමට යොදවා තිබුණි. කසුන් පලිසේනගේ නිවසට ඇතුල් වීමට ‍පොලිස් නිලධාරීන්ට අපහසු වූයේ ගේට්ටු ලොක් කර තිබිම නිසාය. මේ නිසා ‍පොලිස් නිලධාරීන්ට ගේට්ටු සවි කර තිබූ තාප්පයට නැග නිවසට ඇතුල් වීමට සිදුවිය. නිවස පරීක්ෂා කිරීම  සඳහා අධිකරණයේ අවසර පත්‍රය පෙන්වා නිවස පරීක්ෂා කළ ‍පොලීසිය කසුන් පලිසේන අත්අඩංගුවට ගත්තේය. 
 
බිරිඳගෙන් බාධා
 
කසුන් පලිසේන විශේෂ ‍පොලිස් ආරක්ෂාව යටතේ රඳවා ගනිමින් ‍පොලිස් කණ්ඩායම ඊළඟට ගියේ අර්ජුන් ඇලෝසිියස්ගේ කොල්ලුපිටිය මල් පාරේ පිහිටි නිවසටය. එහිදී ඇලෝසිියස්ගේ බිරිඳගෙන් විටින් විට බාධාවන්ද එල්ල විය. ‍පොලීසිය සමග එහි ගිය මාධ්‍යවේදීන්ට ඇය බාධා කළේ පෞද්ගලික නිවසක් තුළට මාධ්‍යවේදීන් ඇතුල් නොවිය යුතු බව කියමිනි. ‍පොලීසිය සමග මාධ්‍යවේදීන් අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට පැමිණ සිටීම ගැන ඇය අසතුටින් සිටිනු දක්නට ලැබිණ. ඇගෙන් එල්ල වූ විවිධ බාධා හමුවේ ඇලෝසියස්ගේ නිවසද 
පරික්ෂා කර ඔහුද අත්අඩංගුවට ගන්නට ‍පොලීසිය සමත් වන්නේය. 
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා  විශේෂ ‍පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන යනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවටය. එදින පැය 11ක් පමණ ඔවුන් ගෙන් ප්‍රශ්න කරමින් කරුණු සටහන් කරගත් ‍පොලීසිය එදින රාත්‍රියේදීම සැකකරුවන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හත්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. 
ඒ අනුව ඉකුත් 07දා යළිත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි කිරියාගම අධිකරණයේදී පෙනි සිටියේය. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, නීතිඥ ජීවන්ත ජයතිලක, නීතිඥ සම්පත් හේවාපතිරණ, නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර ඇතුළු නීතිඥයන් කණ්ඩායමක් පෙනි සිටියහ. 
විත්තියේ නීතිඥයන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන් ‍පොදු දේපළ පනත යටතට ගැනෙන වරදක් හෝ සුරකුම් පනතට ගැනෙන වරදවල් කර නොමැති බැවින් සාපරාධී විශ්වාස කඩ කිරීමක් හෝ සාපරාධී සාවද්‍ය පරිහරණයක් සිදු නොකර ඇති බැවින් ඇප ලබා දෙන ලෙසය. 
එහෙත් පැමිණිල්ල මෙහෙයවූ රජයේ නීතිඥයන්ගේ විරෝධතා හමුවේ සැකකරුවන් ලබන 16දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. 
මෙරටින් පිටව සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලබන 15ට පෙර මෙරටට පැමිණ අපරාධ පරික්ෂණ                               දෙපාර්තමේන්තුවේ පෙනි සිට කට උත්තරයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය ජාත්‍යන්තර ‍පොලීසිය හරහා සිතාසි නිකුත් කර ඇත. 
 
කවුද මේ ඇලෝසියස්
 
රටේ මහත් ආන්දෝලනයක් ඇති කරමින්  පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු ලෙස කටයුතු කරන අර්ජුන් ඇලෝසිියස්, කට්කාර් ඇලෝසිියස්ගේ මුනුබුරාය. කට්කාර් ඇලෝසිියස් කරවල අපනයනය කිරීමේ ව්‍යාපාරයකින් දියුණු වූ අයෙකි. ඔහු පසුව ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් කීපයකම කොටස් හිමිකරුවෙකු විය. හෙතෙම දකුණු ඉන්දියානු සම්භවයක් සහිත අයෙකි. 
1977 සිටම ආර්.ප්‍රේමදාසගේ කිට්ටු හිතෛෂින් වූ ඇලෝසිියස් පවුල ඔහුට විවිධ උපකාර කර ඇති බවද සඳහන්ය. කට්කාර් ඇලෝසියස්ට පුතුන් දෙදෙනෙකි. වැඩිමලා ජිප්රි ඇලෝසිියස්ය. ඔහුගේ පුතා අප අද කථා කරන අර්ජුන් ඇලෝසියස්ය.  කට්කාර් ඇලෝසිියස් ගේ දෙවන පුතා ගොඩිප්‍රි ඇලෝසිියස් කට්කාර් ඇලෝසිියස්ගේ පුතුන් වන ජිප්රි හා ගොඩිප්‍රි දෙදෙනාම පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරු වුවද බැඳුම්කර ගනුදෙනුවට සති 4කට කලින් ගොඩිප්‍රි පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්ව ඇත. 
අර්ජුන් ඇලෝසිියස් ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා ඇතත් ඔහුගේ දඟකාර කම නිසා පාසලෙන් ඉවත් කර ඇත. පසුව වෙනත් ජාත්‍යන්තර පාසලකට ඇතුළත්ව ලන්ඩන් අ.‍පො.ස. (සාපෙළ) විභාගයෙන් ඉංග්‍රීසි හා ගණිතය යන භාෂාවන් පමණක් සමත්වී ඇත. ඇලෝසිියස්ගේ යහළුවන්ට අනුව ඔහු හිතුන දේ කරන ඕනෑම අභියෝගයක් ජයගත හැකි දක්ෂයෙකි. මෑතකදී අර්ජුන් ඇලෝසියස් මාධ්‍ය ආයතනයක් වෙත ඔහුගේ ලිපියක් යොමු කර තිබුණේ සිය ලිපි ශිර්ෂයකය. එහි ඔහු ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ උපාධිධරයකු ලෙස සටහන් වී තිබෙනු දක්නට හැකි විය. ඔහු උපාධිය දිනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බොන්ඩි විශ්වවිද්‍යාලයෙනි. වර්තමානයේදී මෙම විශ්වවිද්‍යාලයට යම් දුරකට පිළිගැනීමක් තිබුණද එක්තරා කාලයකදී මුදලට උපාධි පිරිනමන ආයතනයක් ලෙස ප්‍රසිද්ධව තිබූ බවටද කතා පැතිර තිබුණි. 
සහජ දක්ෂතාවන් හා කැපවීම් ඇති අයකුට අභියෝග ජය ගැනීමට අධ්‍යාපනය බාධාවක් නොවනු ඇත. අර්ජුන් ඇලෝසිියස් වයස 21දී ලංකාවේ ව්‍යාපාරික උපදේශකයකු වූ අතර වයස 28දී පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් විය. ඩ්ච්ජ්ඛි බැංකුවේ කොටස් හිමි පර්පචුවල් 
ටේ‍රෂරීස් සමාගමේ වත්මන් හිමිකරු අර්ජුන් ඇලෝසිියස්ය. 
ඔහු විවාහ වී ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ දියණිය සමගය. 2012දී මේ විවාහය සිදුවී ඇති අතර අර්ජුන් මහේන්ද්‍රන් 2015දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත්විය. 
ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධව දැන් රක්ෂිත බන්ධනාගාරගත වී  සිටින්නේ මේ කියන අර්ජුන ඇලෝසියස්ය. අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන සාමාන්‍ය  සිරකරුවන්ට වෙන් වූ කාමරයක රඳවා සිටින බවත් බන්ධනාගාර නිලධාරීන්ටද ඔවුන් අසලට ගොස් කතා බහ කිරීම තහනම් කර ඇති බවත් බන්ධනාගාර ප්‍රකාශකයකු සඳහන් කළේය. ඔවුන්ගේ සැප දුක බැලීමට දිනපතා නොයෙක් අය පැමිණෙන බවත් ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  සිටිනවාදැයි කීමට නොදන්නා බවත් එම ප්‍රකාශකයා කීවේය. 
කසුන් පලිසේනට හා අර්ජුන් ඇලෝසියස්ට නිදා ගැනීමට මෙට්ට දෙකක් ඉල්ලා ඇති බවද ඒවා සැපයීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළ බන්ධනාගාර නිලධාරියා මෙම රැඳවියන්ට අවශ්‍ය ආහාර වැනි දේවල් නිවසින් ගෙන්වා ගැනීමට ඉඩදී ඇති බවද කීවේය. 
 
හිරේදී කොට්ටයක්
 
මේ අතර දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද බන්ධනාගාරයට ගොස් ඇති බවය. එසේ බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුගේ නම් පාර්ලිමේන්තුවට හෙළි කරන්නැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලා ඇති අතර එසේ නම් හෙළි නොකරන්නේ නම් අර්ජුන් ඇලෝසියස් බලන්න බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුන්ගේ නම් තමන් හෙළි කරන බවද සඳහන් කර තිබේ.
මේ අතරේ අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ විශේෂ අංශයකට යොමු කර ඇත. වරදට දඬුවම් ලබන අය සහ චෝදනා ලැබූ සැකකරුවන් වෙන වෙනම රඳවා තබන අතර අසනීපකරුවන් සඳහා බන්ධනාගාර රෝහල ඇත. අර්ජුන් හා කසුන් රඳවා ඇත්තේ සැකකරුවන් රඳවන ප්‍රදේශයේය. අධිකරණයෙන් වැරදිකරුවන් කරන තුරු බන්ධනාගාරය තුළ සිටින සිරකරුවන්ට ජම්පර් අන්දවන්නේද නැත. තමන්ට කැමති ඇඳුමක් ඇඳගෙන සිටින්නට ඔවුන්ට හැකියාව ඇත. 
අර්ජුන් සහ කසුන්ට බන්ධනාගාර ආහාර ගැනීම අනිවාර්ය නැත. ඔවුන්ට තම නිවෙස්වලින් ආහාර ගෙන්වාගත හැකිය. මේ අනුව කසුන් අර්ජුන්ගේ බිරින්දෑවරු හා ව්‍යාපාරික මිතුරන්ද ඔවුන්ට ආහාර රැගෙන එන බව එහි ප්‍රකාශකයෙකු කීවේය. ඒ ගෙනෙන ආහාර සියල්ලම පරීක්ෂාවට ලක් කෙරෙන බවද පරීක්ෂා නොකර කිසිදු ආහාරයක් හෝ පරිභෝජන ද්‍රව්‍යයක් සැකකරුවන්ට බාර නොදෙන බවද එම නිලධාරියා කීවේය. 
 
 ජයසූරිය උඩුකුඹුර 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4081

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2697

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3770

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2272

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7504

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4630

Please publish modules in offcanvas position.