Coss Ear2
lakbima.lk
COSS Ear 1

හේවාහැට බූටාවත්තේ ගොවීහූ අසීරුතාවක

ප්‍රමාණවත් ලෙස වැසි නොලැබීම නිසා හේවාහැට බූටාවත්ත ග්‍රාමයේ ගොවීහූ කෘෂිකාර්මික කටයුතු සිදුකර ගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටිති.

අහස් දියෙන් වගා කටයුතු කරන මෙම ගම්මානයේ ගොවියන් යල මහ දෙකන්නයේ වී වගාව සිදුකළත් වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් එම ගම්මානයේ මේ වන විට වැඩි වශයෙන් වගා කොට ඇත්තේ එළවළු පමණක් යැයි ගොවීහූ කියයි.

වැසි සමග තමන් වගාව ආරම්භ කළත් එතැන් සිට මේ දක්වා ප්‍රමාණවත් වැසි නොලැබුණු බවත් ඒ නිසා සිය වගාවන් විනාශවෙමින් පවතින බවට ගොවීහූ මැසිවිලි නගති. බූටාවත්ත ග්‍රාමයේ තුන්සියයකට අධික ජනතාව පාරම්පරිකව කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන අතර වැසි නොමැතිවීම නිසා තමන්ට සිය වෘත්තීය සිදුකර ගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ද ඔවුහූ කීහ.

අහස් දියෙන් කෘෂිවගාවන් කිරීම සදහා අතීතයේදී ප්‍රමාණවත් වැසි ලැබුණු නමුත් පසුකාලීනට ජලය සපයා ගැනීම සදහා ගම්මානය මැදින් ගලා යන කුඩා දිය පහර උපයෝගී කර ගනු ලැබුව ද මේ වන විට එහි ජලය ප්‍රමාණවත්වී ඇත්තේ පානීය අවශ්‍යතා, දිය නෑම වැනි කාර්යයන් සදහා පමණක් යැයි ගම්මූ කියති. මේ හේතුවෙන් එහි ජලය කෘෂිකාර්මික කටයුතු සදහා යොදා ගත නොහැකි බවත් ක්‍රම ක්‍රමයෙන් තම වගාවන් අව්රශ්මියට පිළිස්සී යන බවත් ඔවුහූ කියති.

ගම්මානයේ සිට කිලෝමීටර් පහක පමණ දුරින් මොරගොල්ල වැව පිහිටා ඇති අතර වැව ප්‍රතිසංස්කරණය කොට නිසි පරිදි ඇල වේලි සකස් කර දෙන්නේ නම් තම වගාවන් සදහා ප්‍රමාණවත් ජල ධාරිතාවක් ලබා ගත හැකි බව ද ගොවීහූ යෝජනා කරති. මේ පිළිබදව බලධාරීන් දැනුවත් කර ඇති නමුත් ඔවුහූ අවධානය ඒ සදහා යොමුවී නැතැයි ද ඔවුහූ කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 418

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 774

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 691

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 558

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5188

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3425

Please publish modules in offcanvas position.