Coss Ear2
lakbima.lk
COSS Ear 1

වික්ටෝරියා වේල්ලේ බඹර වද ඉවතට

ශ්‍රී ලංකාවේ විශාලතම වේල්ලක් වන වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු මත බැද ඇති බඹර වද කපා ඉවත් කිරීම පෙරේදා (30) සිදු කෙරිණි.
මීටර් 122ක උසකින් යුක්තව ආරුක්කු හැඩයෙන් යුතු මෙම වේල්ල ජල ධාරිතාව ඉහළ යන විට යම් ප්‍රමාණයක් ඉදිරියට ගමන් කිරීම නිසා සජීවි වේල්ලක් වශයෙන් හැඳින්වේ. එම සජීවි වේල්‍ලේ චලනය අධීක්ෂණය
කිරීමේ නව ව්‍යාපෘතියක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වික්ටෝරියා ජලාශ කාර්යාලය සැලසුම් කර ඇති අතර ඒ සඳහා ප්‍රධාන බාධකයක් වී අත්තේ වාන් දොරටු මත බැද ඇති බඹර වදයි.
වාන් දොරටු තුනක පහළ ප්‍රදේශයේ  බඹර වද හතරක් බැද ඇති අතර දොඹකර ආධාරයෙන් තොරව එම ස්ථානයට කිසිසේත්ම ළඟා විය නොහැකි වේ. ඒ නිසාම බඹර වද කපා ඉවත් කිරීමේ වගකීම බිගු සම්පත සුරැකීමේ සංවිධානය භාරගෙන එය ඉටු කිරීම වික්ටෝරියා වේල්ල මතදී සිදුවිය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දොඹකරයක් ආධාරයෙන් තරුණියන් දෙදෙනකුද ඇතුළුව සිව්දෙනෙක් මෙම වද කපා ඉවත් කිරීම සිදුකළහ. සතුන් කලබලයට පත් නොකර ක්‍රම ක්‍රමයෙන් වද කරා ළං වී මුලින්ම ධුමායනය කොට සතුන් පලවා හරින අතර පසුව ඉතා ප්‍රවේශමෙන් වදය කපා ඉවත් කිරීම මෙහිදී සිදුවිය.
අප මේ කාර්යය කිරීමේදී සතුන් මරණයට පත් කරන්නේ නැහැ. පරිසරය සමතුලිතය සඳහා මීමැස්සා, බඹරා හා දෙබරා යන සතුන් අවශ්‍ය යැයි බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ ‍ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා පැවැසීය. මේ නිසා කිසිදු අවස්ථාවක බිගුන් ගිනි තබා විනාශ නොකරන්නැයි ඒ මහතා ඉල්ලා සිටියි. මේ සතුන්ගෙන් මිනිසාට හිරිහැරයක් වන්නේ ඔවුන් කලබලයට පත්වූ විටයි.
මේ වන විට අප කිසිදු හිංසාවකින් තොරව ආරක්ෂාකාරී ලෙස සතුන් ඉවත් කිරීමේ කාර්යය කරනවා. මී මැස්සා හා බඹරා මල් පැණි රොන්වලින් ජීවත්වන නමුත් දෙබරා ප්‍රිය කරන්නේ මාංශවලටයි. එම සත්වයා මල් වෙත එන්නේ මල් රොන් ගන්නට නොව මල් කරා පැමිණෙන කුඩා කෘමියන් ආහාරයට ගැනීමටයි.
මරණයට පත් නොකර බිගුන් සුරක්ෂිතව ඉවත් කිරීමේ කාර්යය අප සංවිධානය විසින් සිදුකරනවා. ඒ අයුරින්ම අලියන් හා දිවියන් ආරක්ෂාකර ගැනීම සඳහාද යම් සංවිධානයක ඉදිරිපත්වීමක් සුදුසු බවයි මගේ හැගීම. ශ්‍රී ලංකාවේ වන ගහනයේ මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. මේ නිසා බිගුන්ට ජීවත්වීමට හැකි ඉඩකඩ සීමිතයි. ඒ නිසා ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වෙනවා. ඔවුන් තුරන්වීම නිසා මිනිසාගේ පැවැත්මට තර්ජනයක් මතුවන බවද තිස්ස බණ්ඩාර තඹවිට මහතා පැවැසීය.
ඉවත් කිරීම නියමිතව තිබුණු බඹර වදවලට අමතරව වෙනත් බඹරුන් පිරිසක් ඇවිස්සී සිටීම හේතුවෙන් වද කපා ඉවත්කිරීම පැය පහක පමණ කාලයක් ප්‍රමාද වුණු නමුත් පසුව මහවැසි නොතකා එම කාර්යය මණ්ඩලය පැය දෙකක් වැනි කාලයක් තුළදී වාන් දොරටු මත බැද තිබුණු වද සතර කපා ඉවත් කළහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර

IMAGE

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 188

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2542

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1441

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5819

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3398

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5525

Please publish modules in offcanvas position.