Coss Ear2
lakbima.lk
COSS Ear 1

රජය බදු සහන දෙනව නම් ත්‍රීවීල් වෙනුවට කාර් ගෙනාවට කමක් නැහැ

2018 වසර මෙරට ඉතිහාසයට එක් වන්නට යන්නේ 'තහනම් වර්ෂය' ලෙසින් බව පෙනේ. වසර ආරම්භය වන්නේම ඝනත්වය අඩු ‍පොලිතින් නිෂ්පාදන සඳහා වූ තහනම බලාත්මක කරමිනි. ඒ අතරේ තවත් තහනමක් ගැන විවිධ මතවාද ඉස්මතු වෙමින් පවතී. ඒ තුන් රෝද රථයට පැනවීමට නියමිත තහනමයි. 
මෙසේ ත්‍රිරෝද තහනම් කර රට පැටවීමට සිදුවුවහොත් ඉදිරියේදී ත්‍රිරෝද රථයක් දකින්නට ආසා වන ‍පොඩි දරුවෙකුට ඒ සඳහා අන්තර්ජාලය පීරන්නට සිදුවනු නොඅනුමානය. 
ඒ අනුව ලංකාවේ ත්‍රීවීල් තහනම් කරයිද යන්න මේ වන විට රටේ කතා බහට ලක්වෙන ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව සලකා බලන කල බහුතරයක් ජනතාව සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගන්නේ ත්‍රිරෝද රථ බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. බොහෝ විට මධ්‍ය ආදායම් ලබන නිවාස බහුතරයක තුන්රෝදය දකින්නට ලැබෙන්නේය. දුප්පතාගේ හිතවතා මතු නොව මධ්‍ය ආදායම් ලබන බොහෝ පිරිසකගේද හිතවතා වී ඇත්තේද ත්‍රිරෝද රථයයි. එමෙන්ම බොහෝ විදේශීය සංචාරකයන්ද ටුක් ටුක් කියමින් අඬගසන්නේ ත්‍රිරෝදයකටය. 
අනාරක්ෂිත බව, නාගරික සංවර්ධනයට බාධා පැමිණීම යන කාරණා මූලික කොට ගනිමින් ත්‍රිරෝද රථ වෙනුවට මෝටර් කාර් ආදේශ කිරීමේ 2018 අයවැය යෝජනාව පිළිබඳව ත්‍රිරෝද රථ සේවා සපයන ඉහළ පෙළේ සමාගම් කීපයක් වෙතින් අදහස් විමසන්නට මෙවර අප තීරණය කළේ මහජන අවශ්‍යතාවලට සරිලන පරිදි ත්‍රිරෝද රථ සේවා සලසන ආයතන ගණනාවක් මේ වන විට අප රටේ මුල් බැසගෙන ඇති බැවිනි. මේ ඔවුන් ත්‍රිරෝද තහනම ගැන කියන කතාවය. 
අප සමග ප්‍රථමයෙන්ම සම්බන්ධ වූයේ බජට් කැබ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කැළුම් ජයසුමනය. 
ත්‍රීවීල් වෙනුවට කාර් ආදේශ කිරීමේ ව්‍යාපෘතිය අයවැය යෝජනාවක් විදිහට ඉදිරිපත් වුණා. ඒ අනුව පළවෙනි කාර් 2000 ගෙන්වලා දෙන්නත් සූදානමක් තිබුණා. ආණ්ඩු මාරුවත් සමගම ඒක අපිට කරගන්න බැරි වුණා. අපිත් ඉල්ලා සිටියේ රටක් විදිහට දියුණු වෙනවා නම් ඒ දියුණුවට සාපේක්ෂව රටේ ප්‍රවාහන පද්ධතියද දියුණු වෙන්න ඕන කියන එක. ඒ වගේම රටේ ප්‍රවාහන පද්ධතිය ගුණාත්මක වෙන්න ඕන කියන තැනත් ඉන්නවා. අපේ සමාගම පටන් ගත්තේ 2008දී. එතකොට ත්‍රිරෝද රථ 1500ක් විතර අප යටතේ ලියාපදිංචි වෙලා තිබුණා.  මේ වන විට අපේ ආයතනය යටතේ ත්‍රීවීල් ධාවනය කළ අය කාර් ධාවනය කරන්නන් බවට පත් වෙලා ඉන්නවා.
බදු රහිතව ඉන්ධන පිරිමසන පුංචි කාර් 2000ක් ගෙන්වන්න තමයි 2018 අයවැයේදී යෝජනා වුණේ. ලක්ෂ 7ක් ගෙවලා ත්‍රීවීල් එකක් ගන්න වේලාවේ පුළුවන් නම් තව ලක්ෂ 3ක් 4ක් දීලා කාර් එකක්ගන්න ඒක එක පැත්තකින් පාරිභෝගිකයාට සුව පහසුයි. ගන්න කෙනාටත් වාසියි. සාධාරණ මිලකට හයර් එක දුවන්නත් පුළුවන්. ඊළඟට තව පැත්තකින් රටේ ප්‍රවාහනයේ දියුණුවකුත් ඇතිවෙනවා. ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් හඳුන්වලා දුන්නාටත් වරදක් නැහැ. සමාජයක් විදිහට ඉස්සරහට යනකොට, දියුණු වෙනකොට රටේ ප්‍රධාන නගරවල ත්‍රිරෝද රථ වෙනුවට කාර් තිබෙනවාට අපිත් කැමතියි. නමුත් මේ දියුණුව දැනට ඉන්න ත්‍රිරෝද රථ රියැදුරන්ට දරාගන්න පුළුවන් තත්ත්වයකට පත් කිරීම තමයි රජයේ වගකීම විය යුත්තේ. 
එසේ වුවද ලංකන් කැබ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නාලක දීපනාත් මේ පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි. 
මුලින්ම කියන්න ඕනේ ත්‍රීවීල් කියන දේ ලංකාවේ තියෙන එක හොඳයි කියලා. සමහර සුද්දෝ පවා ලංකාවට ආවම කැමති 'ටුක් ටුක්' එකේ යන්න. මොකද ඒ ගමේ ඉන්න 'ටුක් ටුක්' ඩ්‍රයිවර් ඒ ගම ගැන හොඳට දන්නවා. ඒක නිසාම විදේශීය සංචාරකයෝ බොහෝ විට කැමති ත්‍රීවීල්වලට. ඒ තැනට වෙන දෙයක් ආදේශ කිරීම හරියන්නේ නැහැ කියලයි මං නම් හිතන්නේ. සමහරු කියනවා ත්‍රීවීල් අයින් කරන්න ඕනේ, එහි තිබෙන අනාරක්ෂිත බව නිසා කියලා. ඇත්තටම අනාරක්ෂිත බව නැති කරන්න නම් රියැදුරන්ට නිසි පුහුණුවක් ලබා දෙන්න ඕනේ. එහෙම නැතිව ත්‍රීවීල් අයින් කරලා හරියන්නේ නැහැනේ. දැනට අපේ සමාගම යටතේ 300කට ආසන්න ත්‍රිරෝද රථ රියැදුරන් සංඛ්‍යාවක් ඉන්නවා. අපි ආයතනය පටන් ගත්තේ 1996. ඉතින් කාර් හඳුන්වල දුන්නත් අපිට ඒක අභියෝගයක් නම් නෙමේ. 
මේ වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ත්‍රිරෝද රථ ප්‍රමාණය ලක්ෂ 15කට ආසන්නව පවතී. එබැවින් ත්‍රිරෝද රථය වෙනුවට මෝටර් රථයක් හඳුන්වාදීම ප්‍රායෝගික වන්නේද යන්න අප තවදුරටත් විමසා බැලුවෙමු. කැන්ගරු කැබ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ තුෂාර ෆොන්සේකා මේ පිළිබඳව අදහස් දක්වන්නේ මෙසේය.
අපි අවුරුදු 30ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. අපි තමයි ලංකාවේ ඉන්න පළවෙනිම කැබ් සර්විස් ආයතනය. අපේ දැක්ම හැටියට නම් ත්‍රිරෝද රථ වෙනුවට මෝටර් රථයක් ආදේශ කිරීම කිසිම වරදක් නැහැ. ඒ වගේම ත්‍රිරෝද රථ රියැදුරන්ට ඒ මෝටර් රථ ලබාගන්න පහසුකම් සලසනවා නම් ඒක තමයි වඩාත් හොඳ වෙන්නේ. අපේ ආයතනය පටන් ගත්තේ 1997 නොවැම්බර්. මේ වගේ මේ ක්ෂේත්‍රය ගැන විශාල අත්දැකීම් තිබෙන ආයතනයක් විදිහට ආරක්ෂාව කියන සාධකය මූලික කොට ගත්තම කාර් ආදේශ කිරීම වරදක් නැහැ කියලා කියන්න පුළුවන්. සිංගප්පූරුව වගේ රටවල් ගත්තොත් ඒ රටවල ත්‍රීවීල් නැහැ. ඒ වගේම අපිට සමීපතම රටක් වෙලත් ඉන්දියාවේ ගෝවා වගේ නගරවල ත්‍රීවීල් නැහැ. ඉතින් මේ විදිහට ආරක්ෂිත බව,සේවාව වඩාත් විධිමත් කිරීම යනාදී කාරණා ගැන සලකා බලනකොට මෝටර් කාර් ආදේශ කිරීම හොඳයි. අපි යටතේ ත්‍රිරෝද 400ක් පමණ දුවනවා. හැබැයි රජයෙන් මේකට සහයෝගයක් වගේම සහනයකුත් ලැබිය  යුතුමයි. 
කැඩිච්ච කාර් එකක් ළඟ ත්‍රීවීල් නැවැත්තුවාට ත්‍රීවීල් එකක් කැඩුණාම කාර් නවත්තන්නෙ නැහැ මහත්තයෝ මුහුණු‍පොතේ නිතර හුවමාරු වන මෙම ‍පෝස්ටුව තුළද කියැවෙනුයේ ත්‍රිරෝද රථ කර්මාන්තය සමග බැඳී පවතින සාමාන්‍ය ජන ජීවිතය ගැනය. එහි අව්‍යාජත්වය ගැනය. ඒ සමග ඇති උප සංස්කෘතිය ගැනය. මෙතරම් තීව්‍ර ලෙස ලාංකේය සමාජයට බද්ධව ඇති ත්‍රීවීලරය ඉවත් කිරීම සාර්ථක විසඳුමක්ද යන්න පිළිබඳ තවදුරටත් පවතින්නේ මතවාදීමය පසුබිමකි. අඩු වියදම් මෝටර් රථයක් ආදේශ කිරීම තුළ රජයේ අපේක්ෂිත අරමුණ සාධනය වන නමුත් ඒ වෙත රජය මගින් උපරිම සහනයක් ලැබිමද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ත්‍රිරෝද රථය තම ප්‍රවාහන මාධ්‍යයද ජීවිකාවද මතු නොව ජීවිතයම කරගත් ලක්ෂ ගණනක් වෙසෙන සමාජයකට සාධාරණයක් වන තීන්දුවක් ලැබිම අනිවාර්යයෙන්ම විය යුත්තක් බව අවධාරණය කරමු. 
 
සමන්මලී නැලිගම

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 267

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 502

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 451

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 393

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5022

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3299

Please publish modules in offcanvas position.