Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇළේ දොළේ වතුර බීපු අපට මොරගහකන්ද පුරවන කොට බවුසර් වතුර බොන්න වෙලා

ලකේගල ඉසව්වේ රජ කෙනෙකු අහසින් යා හැකි දඩුමොනරයක් (ගුවන් යානයක්) තැනූ බව ඉතිහාසයේ සදහන්වේ. ඔහු වෙනත් කිසිවෙකුත් නොවේ රාම - සීතා පේ‍්‍රමවෘතාන්තය හා බැදුනු රාවණාය. මෙරට පෞරාණික ශිලාලේඛණවල(රාවණා යුගයේ සෙල් ලිපි පි.32 - පතිරආරච්චි) මේ බව සඳහන්කර තිබේ.  මෑත කාලීන ඉතිහාසයට අනුව ලොව ප‍්‍රථම ගුවන් යානය නිපදවුයේ රයිට් සහෝදරයන්ය. රයිට් සහෝදරයන්ගේ මේ ගුවන් යානය නූතනයේ අහස දිග්විජය කරන්නට ඉවහල් වූවාට සැකයක් නැත. එහෙත් වසර 5000ට එහා ගිය ඉතිහාසය තුළ මහා රාවණාවන් සීතාවන් පැහැර ගැනීමට මහා භාරතයට ගියේ ද`ඩුමොනරය නම්වූ  දැවයෙන් තැනූ යානයකින් බව රාවණාගේ විද්‍යාඥානය පිළිබදව අදහස් දක්වන හෙලවංශ කතාවේ සඳහන් වේ. මෙපුවතට නෑකම් කියන ජනප‍්‍රවාදවල ලග්ගල ගම්වාසීින් මහා රාවණාවන්ගේ පරපුරෙන් පැවැත එන බවට සාධක ඇති බැවින් ලග්ගල පාරම්පරික ගම්වාසීන්ද තේජමාන පරපුරක උරුමයැති මිනිසුන් බව අනුමාන කළ හැකිය. 
අහසින් මහ සයුර තරණය කළ වසර 5000ට එහා ඉතිහාසයක් ඇති මේ ලග්ගල මිනිසුන්ගේ පාරම්පරික උරුමයන් වර්තමානයේදී අහිමිවීමේ කඳුළු‍ කතාව මහමෙර තරම්ය.
නාග ශර, අග්නි ශර වැනි ලොව ප‍්‍රථම රසායනික අවි නිෂ්පාදනය කළේද රාමට එරෙහි මහා රාවණාය. ඉරෙන් හෙ`දන් තේජමාන වූ රාවණාවන්ගේ කතාව මෙන්ම පාරම්පරිකව ඉරෙන් හෙදන් පෝෂණයවූ ලග්ගල ගම්මවාසීන්ගේ කතාවද තේජමානය. එහෙත් කළුගඟ සංවර්ධන යෝජනා ක‍්‍රමයත් සමග පාරම්පරිකව පැවැත එන මෙම අව්‍යාජ මිනිසුන්ගේ කුටුම්භයන් තුළ වූ ඇයි හොඳයියේ තේජමාන බව පෑල දොරින් පළා යන බවක් දක්නට ඇති බව ”ඉමාඩුව ගම්මුන්ගේ අදහසයි. කොටුවෙන් කෙතෙන් අටුව පිරිවූ මෙගම්වාසීන්ගේ අවාහ - විවාහය වුවද ගම්කොටුවෙන් එහා ගියේ නැත. මෙගම තරුණයන්ගේ ගෙපැලට කැන්දන් ආවේ ගම් කොටුවේම ලමිස්සියකි. නව ජනාවාසවල පැලපදියම්වීමත් සමග ජන සමූහයක් හා සම්මිශ‍්‍රණය නොවුනු ගතානුගතික සිරිත්විරිත් පවා දුරස්වීමට හේතුවන බව ඔවුහු පවසති. ලග්ගල මිනිසුන්ගේ අව්‍යාජ ජීවන රටාව උඩුයටිකුරුවීමේ අවදානම මෙගම්වාසීන් හමුවේ ඇති වර්තමාන අභියෝගයයි.
”පැගිරි පදං උන උඹගේ හිනා කට
පැගිරි පදුරු අතරෙන් මට දැක ගන්ට
පැ`ගිරි දල්ල මට උඹෙ පුසුඹේ ඉන්ට
පැ`ගිරි නගේ වර සේරැුල්ලේ ගලට ,, 
නාඹර තරුණියකට බුලත් විටකින් පදංවී (පැගිරි පදං උන) පුසුඹ අල්ලන්ට (පෙම් කරන්නට) සේරැුල්ල ගල ළඟට පැමිණෙන ලෙස ලග්ගල තරුණයෙකු කවියෙන් කතා කළේ මේ අන්දමටය. මෙවන්වූ අව්‍යාජ මිනිසුන්ගේ උපන් ගම්මාන කළුගඟ මහ ජල ක`දට යට වෙද්දී ඔවුනට ක`දුළ සුසුම උරුම නොවූයේ නම් එය පුදුමයක් නොවන්නේද ?. වර්ග කිලෝ මීටර් 14ක වපසරියක තුළ ඉදි කෙරෙන කළුගඟ ජලාශයට යටවන ලග්ගල ගම්මාන දොළහ අතර ඇති ”ඉමාඩුව,,  ගම්මානයටද මේ කඳුළ උරුමකර තිබේ. ඉතිහාසයට අනුව ලග්ගල ගම්වාසීන්ගේ පාරම්පරික උරුමයන් පමණක් නොව අටු කොටු හා ගම්බිම් පවා අහිමි කළ ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාව කළුගං ජලාශයයි.
”මහ මැදුරු හැදුවත් යානවාහන ලැබුණත් අපට උරුමව තිබුනු ස්වාභාවික පරිසරය, පරිසරය හා බැ`දුනු ජීවිතය අහිමි නම් අපට ඇති ප‍්‍රයෝජනය මොකක්ද ? කියල හිතෙනවා. හැලහැප්පිලි මැද ගලා ගිය කළුගෙ`ග් සෝ! සෝ! හ`ඩ, සතාසීපාවගේ ඝෝෂාව අපෙන් දුරස් වෙලා. ගමේ තිබුණු කටු මැටි පැල්පතට මහා වන්දියක් ලැබුණා. ගහේ කොලේ ශීතල එක්ක හමා ගිය ස්වාභාවික හුළග ඈත් වෙලා. ජලාශයට යටවුනු පාරම්පරික ඉඩමට වන්දියක් තක්සේරු වුණා. හේනෙන් කොටුවෙන් සොච්චමක් උපයා ගත් අයට ලක්ෂ ගණනින් මුදල් ලැබුණා. ඒත් හැමදේම රුපියල් ශතවලටම කරන්න පුළුවන්ද? ඉමාඩුව ගම්වාසීන්ගේ ක`දුළු‍ කතාවට ටී.ඒ.ජී.රත්නපාල මුල පිරුවේය. 
ඉමාඩුව හා බැ`දුණු ඓතිහාසික 
කතා එමටය. ඔවුහු ලක ඒකසේසත් කළ දුටුගැමුණු - එළාර සටනේ පාර්ශ්වකරුවන්ය. එදා ලාංකේය සේසතට එරෙහිවූ එළාරයන්ගේ යුධගනා සටනේ බලමුළු‍ බි`ද හෙලූ  ඊ - තල තැනූයේ මෙගම්වාසීන්ගේ මුතුන් මිත්තන්ය. ඊ-තළ මඩුව = ඊ - මඩුව = ඉමාඩුව ලෙසට නම පටබැ`දුණු මෙගම  ගිමන්හල මඩුව = ඉමාඩුව වූ බවටද ජනප‍්‍රවාදයෙහි ස`දහන් වෙයි. 
”මෙහෙම ඉතිහාසයක් අපේ ගමට තිබුණා. බලි ශාන්ති කර්ම. යාතු කර්ම වැනි සංස්කෘතික උරුමයන් තිබුණා. නව ගම්මානවලට පැමිණීමත් එක්ක මේ සංස්කෘතිය අහිමි වෙනවා. එකට එක ගොඬේ ජීවත්වුණු අපට අද ඉහිරුණු පරිසරයක ජීවත්වෙන්න වෙලා. ගමේ ඉපදිලා ගමේ හැදුණු වැඩුණු අපිට ගමේ ගතිය අහිමි වෙලා. ඉහ නිකට පැහුණු වැඩිමල්ලන්ට නොවෙයි මේවා බලපාන්නේ දරුමල්ලන්ට. හේනෙන් කුඹුරෙන් පෝෂණය වුණු අපට අද වෙලා තියෙන්නේ වෙළෙඳපොළෙන් යැපෙන්න. මුදල්මත යැපෙන සමාජයක් ගොඩනැගෙමින් තියෙනව. ඇළෙන් දොළෙන් හීතල දිය පොදක් බිව්ව (පානය කළ) අපට අද වෙලා තියෙන්නේ බවුසරෙන් බෙදන වතුර ටික එන කල් බලා ගෙන ඉන්න. ඇළේ දොළේ වතුර ටික වගේද මේ ගම්මානවලට බෙදන වතුර.,, නිශාන්ති ජයලත් මවක ලෙස තම දරුවන්ගේ අවිනිශ්චිත අනාගතය ගැන පැවැසුවාය. 
” ගල් යායේ මහ යායේ  කුරක්කන්
අත දිග හැර මිට මොලවන කුරක්කන්
ඇගිලි විහිදලා රුව ඇති කුරක්කන්
ගැහැනු මරණ පලදාවකි කුරක්කන් .,,
ජන සාහිත්‍යයට අනුව කුරක්කන් ලග්ගල කුටුම්භය ශක්තිමත් කළ ආහාරය විය. යායේ කුරක්කන් කරල් කපල, පිටි අඹරලා, රොටි හදලා මැරෙන්නේ ගැහැනුන් බව ජන සාහිත්‍යකරුවා පැවැසුවේ ඒ තරමටම ලග්ගල පාරම්පරික ගම්වාසීන්ගේ ආහාරය කුරක්කන්වූ නිසාය. ලග්ගල ජනසාහිත්‍යයේ හැඩිදැඩි මිනිසුන් හා කුරක්කන් අතර ඇති බැදීම පුදුමාකාරය. එදා ඉමාඩුව ගම්මානයේ සිටි ශක්තිවන්තයෙකු හූවක දෙකක දුර සිට හය රියන් හත් රියන් මහ කළු ගලක් ඔසවා ගෙන පැමිණ වෙල මැද ගල් පිහිල්ලක් තනා ඇත. මේ ගල් පිහිල්ල ඉමාඩුව මුතුන් මිත්තන්ගේ තේජවන්ත ඉතිහාසයට එක් සාක්ෂියකි. 
කළු ගං ජලාශයට ගම්බිම් යටවීමත් සමග මෙම ගම්මානයේ පවුල් 77ට උන්හිටි තැන් අහිමි විය. නව ගම්මානවල මෙම පවුල් පදිංචිකරවා ඇති නමුත් සන්තානය තුළ නැගෙන දුක ඔවුනට දරා ගැනීමට නොහැකි තරම්.
”ඉමාඩුව ඉතිහාසයට අඩුක්කු පිදීම වැනි සංස්කෘතියක් තිබුණා. අපේ මුතුන් මිත්තෝ මහ බලවන්තයො. හේනක් කොටල කුරක්කන් බරු ටිකක් ගෙට ගත්තා කියන්නේ රටක් රාජ්ජයක් ගොඩ ගත්ත වගේ. හේනෙන් කෙතෙන් පරම්පරා කීපයක් ජීවත් කරවූ අපි ගම්මාන අතෑරලා මේ නව ගම්මානවලට ඇවිත් අක්කර භාගයක ඉඩමක මොනවා කරන්නද ? අපිට කියල තිබුණ ගේ දොර අහිමි වුණා. සංස්කෘතිය නැති වුණා. අම්ම අප්ප දු දරුවො ඈත් වෙලා. ගමේදී තිබුණු අනන්‍යතාව මේ හින්ද කඩා වැටෙන්නේ නැද්ද? ගම එක්කාසු කළ සිරිත් විරිත් දුරස්වෙන එක පරම්පරාවේ පැවැත්මට බලපෑමක් ඇති කරයි. මුතුන් මිත්තන්ගේ හයිය අපේ දරුවන්ට අහිමි වෙලා. හෙට දවස ගැන බලාපොරොත්තුවක් තිබුනත් අද දවස ගැන තමයි ප‍්‍රශ්නයක් තියෙන්නේ. ,, කුමාරි හේරත් පැවසුවේ අතීත උරුමයන් අහිමිවීමේ අවදානම සිහිපත් කරමිනි.
පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඇති වෙද පරපුරක උරුමය මෙම ගම්මානයට ඇත. ඒ.ජී.කිරිසන්දා වෙද මහත්තයා මේ වර්තමාන වෙද සෘෂිවරයාය.
”දේශගුණය පැත්තෙන් අපට ගැටලූවක් තියෙනවා. කන්දෙන් ලන්දෙන් පාත්වුණු හුළඟ දැන් නෑ. කොන්කී‍්‍රට් ගම්මානයට ස්වාභාවික පරිසරය යට වෙලා. අක්කර තුන හතර වගා කරල බව භෝග ගෙට ගත්ත අපට අක්කර භාගයක ඉඩම් කෑල්ලක් දීල ගම්කොටු දියුණු කොරන්ට බැහැ. මදි තමයි. ඒත් ඉතිං රට ගැන හිතල පිරිමහ ගන්න වෙනවා. ගමේ ඉද්දී අපට සැප වැඩියි. ලෙඩ රෝග නෑ. බටාඩු ඇළේ වතුර ටික බීල දවස ගෙවන්න පුළු‍වන්. ඒත් අද බවුසරෙන් බෙදා දෙන බොන වතුර ටිකත් ගැළපෙන්නේ නැහැ. ,,
ගම් කොටුවෙදී අත දිගෑරලා අටුකොටු පුරවා ගත්ත ගම්මුන්ට අද සියල්ල මිල කිරීමට සිදුව ඇති බව ඉමාඩුවේ පී.ජී.හීංබණ්ඩා පවසයි. ” ගමේ අපට ලයිට් තිබුණේ නැහැ. පාර තිබුණේ නැහැ. අද ලයිට් ටික වතුර ටික තියෙනවා. ගමේදී අපි අත දිගෑරලා  හේන් කෙටුවා. කුඹුරු කෙටුවා. ඒත් අද අක්කර භාගයක ඉඩමේ මොනවා කරන්නද ? මඩ ඉඩම කියල අක්කර එක හමාරක් දුන්නට ඒකට වතුර නෑ. වතුර නැතිව කොහොම කුඹුරු කොටන්ටද? අපි මේවයේ පදිංචි කොරවන්ට ඉස්සර කුඹුරු කෑල්ලට වතුර ටික දෙන එක ඉස්සර කරන්නයි තිබුණේ. මුල් පවුල් අනු පවුල්වලටත් වන්දි ලැබෙන හින්ද හො`දයි. නැති නම් අපේ දරුවන්ට යන - එන මං නැති වෙනව.,, 
එන්.ජී.සොබනී හය දරු මවකි. ඇයගේ දරු පවුලටද ගම් බිම් හැර යාමට සිදුව තිබේ. ඇයටද නව ගම්මානයේ පදිංචිය සඳහා අක්කර භාගයක ඉඩම් කැබැල්ලක් ලබාදී ඇති නමුත් වන්දි කිසිවක් නොලැබුණු බව පවසයි. ” අපි ගමේදී හිටියෙ මකුලේතැන්න පන්සලේ ඉඩම්වල හින්ද අපිට වන්දි දුන්නේ නැහැ. හාමුදුරුවන්ගේ අනුමැතිය  ඕනෑ කියල කියනවා. හාමුදුරුවො අනුමැතිය දුන්නොත් අපටත් ගෙයක් දොරක් හදා ගන්න පුලූ‍වන් වෙයි. නැති නම් ඉතිං මේ පැල්පතේ තමයි. ,, 
ලකේගල ඉහත්තාවෙන් සක්මන් කළ හිරු දෙවියන්ගේ අපූරුව ඉමාඩුව ගම්වැසියන් පරම්පරා කීපයක් තිස්සේ අත් වින්දෝය. දෙවියන් වැඩ හි`දින හේනේ පැලේ මහ පොලොව හා පොර බැදු උන්ගේ විඩාව සංසි`දවීමට කළුපහන කන්දෙන්, ලන්දෙන් හමා ගිය සුළං පොදේ උපකාරය ලැබිණ. සතා සීපාවාගෙන් වහන්වී අට්ටාලයක සිට (ගසක් උඩ තැනූ පැලක්) පැල් කවියකින් රැය පහන් කරන්නට හැකිවූ මෙගම්වාසීන්ට දරු පවුලේ කුසගින්න නිවන්නට බත බුලතින් පිරුණු අටුකොටුවල පිහිට ලැබිණ. දහඩිය සුවද මුසුවුනු ගම්මානය තුළ නොඅඩුව අපේකම, සහජීවනය තිබිණ.
”ඔක්කොම ඇති වෙනවා. නැති වෙනවා. මේක තමයි ස්වභාවය. රටේ සංවර්ධනයට කළුගඟ හරස් කරන්ට ආණ්ඩුව තීරණය කළා. රටට බරක් නොවී ගම් කොටුවල ජීවත්වුණු අපි පරම්පරාවෙ උරුමය ජලාශයට පූජා කළා. ගමේදී තිබුණු අපේකම ටිකක් දුරස් වෙයි. ගමේ තිබුණු සැප සම්පත් අහිමි වෙයි. ඒත් ඉතිං මේවා වෙන්ට  ඕනෑ දේවල්නේ.,, වෙදැදුරු ඒ. ජී.කිරිසන්දා පැවැසුවේ උදාර කාර්යකට දායකවීම ජීවිතයේ ලද ජයග‍්‍රහණයක් ලෙස පවසමිනි.

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4094

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2707

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3775

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2281

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7524

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4636

Please publish modules in offcanvas position.