Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කුකුළු මස්වල ආසනික් තියෙනවාද?

farm

මං නම් කන්නේ කුකුල් මස් විතරයි. කුකුල් මස් පීකුදු කන්නත් මං හරිම ආසයි. අද බොහෝ දෙනාගෙන් මස් ආහාරයට ගන්නවාද යනුවෙන් ප්‍රශ්න කළ විට අපට බොහෝ විට අසන්නට ලැබෙන්නේ මෙවැනි
පිළිතුරුය. ඒ තරමටම කුකුල් මස් ආහාරයට ගැනීම සමාජයේ ප්‍රකටව ඇත. එවන් සමාජයක් තැති ගන්වන පුවතක් පසුගිය සති අන්තයේ 'ලක්බිම ඉරිදා සංග්‍රහය' වාර්තා කර තිබුණි. ඒ කුකුළු පීකුදුවල ආසනික් අඩංගු බවය.
රට කැළඹූ මේ පුවත හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනය කළපර්යේෂණයක  ප්‍රතිඵල අනුව ලියවුණ එකකි.
එම ලිපිය හා එහි අඩංගු කරුණු පිළිබඳ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර හා සමස්ත ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය සුනිල් සිල්වා අප වෙත අදහස් දක්වා ඇත.
සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර.
කුකුල් මස් පීකුදුවල බැර ලෝහ අඩංගු බවට කළ පර්යේෂණය මීට අවුරුදු දහයකට පෙර කළ පර්යේෂණයක්. අපි ආහාරයට ගන්න හාල්, එළවළු ජාති වලත් යම්කිසි ප්‍රමාණයක් ආසනික් තියෙනවා. ඒ වගේම කුකුල් මස් පීකුදු වලත් ආසනික් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. මොකද සතෙක් යම් ආහාරයක් ආහාරයට ගත්තම ජීර්ණ ක්‍රියාවලියේදී පීකුදුවල සිදුවෙන ‍ලේ පිරිසිදු වීමේදී ඒ ද්‍රව්‍ය තැන්පත්වීම සිදුවෙන්නේ පීකුදුවල. නමුත් අපට හානිකර නොවන ආසනික් ප්‍රතිශතයක් තිබෙනවා. ඒ ප්‍රතිශතයට වඩා වැඩි නම් පමණක් එවැනි ආහාර ආහාරයට ගැනීම නුසුදුසුයි. එහෙම නැතිව ආසනික් සුළු ප්‍රමාණයක් අඩංගුයි කියලා මස් කන්න හොඳ නැහැ කියලා අපට කියන්න බැහැ. ඒ වගේම ඒ පර්යේෂණයේ සඳහන් කරලා තිබුණා බ්‍රොයිලර්ස්ලා මාස ගණනකට හැදෙනවා කියලා නමුත් අපි එච්චර කාලයක් තියාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි බ්‍රොයිලර්ස්ලා තියාගන්නේ සාමාන්‍යයෙන් දවස් 35ත් 45ත් වගේ කාලයක්.
මේ වනවිට ඒක පුද්ගල ''කුකුල් මස් පරිභෝජනය කිලෝ දහසකටත් එහා ගිය ඉහළ අගයකට පැමිණ තිබෙන්නේය. දැනට ලංකාවේ අලෙවි වන මිල අඩුම මස් කුකුල් මස් බවටද කිසිදු සැකයක් නැත. සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති කුකුල් මස් ඉදිරියටත් පරිභෝජනය කිරීම සුදුසුද යන්න පෙන්වා දුන්නේ මෙලෙසය.
කලකට පෙර අපේ රටේ උදවිය කුකුල් මස් බොහෝ විට ආහාරයට ගන්නේ මංගල අවස්ථාවක් වගේ විශේෂ අවස්ථාවකදී විතරයි. නමුත් දැන් ලංකාවේ පාරිභෝගිකයෝ ෙදෙනික ආහාර වේල් තුනෙන් එක් වේලකට හෝ කුකුල් මස් එකතු කරගැනීම සුලභව දකින්න පුළුවන්. අද අපේ රටට එන සංචාරකයෝ පවා කිසිදු සැකයකින් තොරව කුකුල් මස් ආහාරයට ගන්නවා. සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය විදිහට මස් සහ බිත්තර ආහාරයට ගැනීමේ ‍පෝෂණ අවශ්‍යතාවය පිළිබඳව සත්ව ‍පෝෂණය පිළිබඳව පර්යේෂණයන් පවත්වන පර්යේෂකයන් හා එක්ව ගමෙන් ගමට ගොස් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්ද ඉදිරිපත් කරනවා. මොකද අපට අවශ්‍ය අපේ රටේ මිනිසුන්ගේ ‍ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මේ වගේ පරණ මත ඉදිරිපත් කළාම, ලංකාවේ මිනිස්සු මස් කන්න බය වෙනවා. මේ වගේම ප්‍රශ්නයකට පහුගිය කා‍ලේ තායිලන්තයේ ජනතාව මුහුණ දුන්නා. තායිලන්තයේ කුරුලු උණ නිසා මිනිස්සු මස් කන්න බය වුණා. පස්සේ තායිලන්තයේ රජ්ජුරුවෝ මාලිිගය ඉදිරිපිට බාබකිවු එකක් දාලා ඔප්පු කළා මස් කන්න බයවෙන්න එපා කියලා.
ඉතින් ලංකාවේ අපි කුකුල් මස් උයන ක්‍රමයට විෂබිජ තියෙන්න විදිහක් නැහැ. පීකුදුවල ඔය කියන බැර ලෝහ යම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් මනුෂ්‍ය පාවිච්චියට ගන්න ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙන්නේ ඒකෙන් ශරිරයට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ වගේ බැර ලෝහ අඩංගුයි. සෞඛ්‍යයට අහිතකරයි කියලා කාට හරි සැකයක් තියෙනවා නම්, එහෙනම් පීකුදු නැතිව මස් විතරක් ආහාරයට ගන්න පුළුවන් නැත්නම් අපිට කාලා වුණත් පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපි කුකුළු පාලනයේදී කුකුලන් සඳහා ලබාදෙන්නේ හොඳ ආහාර වේලක් බව කියන්නම ඕනේ. 
ශ්‍රී ලංකා පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය සංගමයේ සභාපති ආචාර්ය සුසිල් සිල්වා ඕනම සතෙකුගේ විෂ සහිත දේවල් ගිහින් තැන්පත් වෙන්නේ අක්මාවේ. ඒ නිසා අක්මාවේ ආසනික් හෝ ඕනම විෂ සහිත දෙයක් තිබිම අරුම පුදුම දෙයක් නොවේ. නමුත් වැදගත් වෙන්නේ ආසනික් කොයි තරම් ප්‍රමාණයක් තියෙනවාද කියන එක. දැන් ලෝකේ ගත්තම ආහාර වල සුරක්ෂිතභාවය පිළිබඳ ඉතාම තදින්ම ක්‍රියාකරන ආයතන විදිහට ඇමෙරිකාවේ තියෙන Food and drug Administration (FDA) ඒ වගේම යුරෝපියන් යුනියන් එක හඳුන්වන්න පුළුවන්. මේ ආයතන ඇමෙරිකාවේ 70ක් පමණ කුකුල් මස්වල යම් ප්‍රමාණයක් ආසනික් තිබෙන බව සොයාගෙන තියෙනවා.
ඒ හින්දා ආසනික් තිබිම අරුමයක් නොවේ. සාමාන්‍යයෙන් කුකුල් මස් වල අක්මාවේ කොටස් 2000ක් බිලියන කොටස්වල ආසනික් තිබිම දක්වා ආහාරයට  ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි ජ්ච්ඒ ආයතනය කියන්නේ. මෙන්න මේ කියන ප්‍රමාණවලට වඩා අපේ රටේ කුකුල් මස්වල ආසනික් තිබෙනවාද කියන එක මිසක් ආසනික් යම් ප්‍රමාණයක් තිබිම කියන එක නෙමේ ප්‍රශ්නේ. අපි කන හාල්වල, එළවළුවලත් ආසනික් තියෙනවා. ළිඳක් හාරලා අපි වතුර ගත්තම ඒ ජලයෙත් ආසනික් තියෙනවා.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුබද්ධ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විදිහට මං විශ්වාස කරනවා සතුන්ට කෑමට දෙන සියලුම ආහාර අපේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වෙනවා. ඒ ලියාපදිංචියේදී අපි ඒ ආහාර සුදුසුයි කියලා අනුමත කළ ආහාර පමණයි කුකුළන්ට කෑමට දෙන්න පුළුවන් කියලා නිර්දේශ කරන්නේ. 
ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් කුකුළන්ට ප්‍රතිජීවක ලබාදීම තහනමත් එක්කම කුකුළන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක මේ වන විට අපේ රටෙත් තහනම් කරලා තියෙන්නේ. අපි මේ වෙනකොට ඒ සම්බන්ධව විශාල නියාමන වැඩපිළිවෙළක් කරගෙන යනවා. ඔය කුකුල් මස්වල අක්මාවේ ආසනික් අධික සාන්ද්‍රණයක් තියෙනවා කියන එක බොරුවක්. නමුත් මේ විෂය හා සම්බන්ධ යම් විශේෂඥයෙක් කියනවා නම් මේ හා සම්බන්ධ යම් දෙයක් හොයාගත්තා කියලා ඒක විද්‍යාත්මකව සලකා බලන්න අප ඕනම වේලාවක සූදානම්.

සමන්මලී නැලිගම

IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1504

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1336

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1419

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1582

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7753

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5133

Please publish modules in offcanvas position.

X

Right Click

No right click