Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඡන්දය සමඟ උතුරු කොළඹ පාතාලය එළියට

විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව සපයනු ලබන ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව ගිය සතියේ එකවරම දිගු වූවේය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ එවැනි ත්‍රස්ත සංවිධානයකින් ඇමැතිවරුන්ට හිටි හැටියේ තර්ජන එල්ලවීම නිසා නොවේ. එල්.ටී.ටී.ඊ.ය සමූල ඝාතනය කර වසර නවයක් ගත වූ පසුවත් ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බළකාය හෙවත් එස්.ටී.එෆ්. හිටි හැටියේ යොදන්න සිද්ධ වී ඇත්තේ පුංචි ඡන්දය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇමැතිවරුන්ට පාතාලයෙන් තර්ජන එල්ල වීම නිසාය.
පුංචි ඡන්දයට ඇමැතිවරු තරග නොකරන බව හැමෝම දන්නා කාරණාවකි. එය එසේ නම් පුංචි ඡන්දය නිසා ඇමැතිවරුන්ට එස්.ටී.එෆ්. ආරක්ෂාව යෙදවීමට සිද්ධවීම කුතුහලය දනවන කාරණාවකි. මේ කතාවට මුල පිරෙන්නේ කොළඹ මහ නගර සභා ඡන්දය වෙනුවෙන් නාමයෝජනා සැකසීමේදී උද්ගත වූ ප්‍රශ්නයකි. 
ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා ඇමැතිවරයා වන මනෝ ගනේෂන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයාය. ඔහු මුලින් තීරණය කර තිබුණේ එජාපය සමග දීග ගොස් කොළඹ මහ නගර සභාවට එක්ව ඡන්දය ඉල්ලීමටය. එහෙත් කොළඹ එජාප නායකයා වන රවි කරුණානායක මන්ත්‍රීවරයා සමග නාමයෝජනා කෝටාව බෙදා ගැනීමට නොහැකිවූ තැන මනෝ ගනේෂන් ඇමැතිවරයා තීරණය කළේ වෙනම තරග කිරීමටය.
මේ තීරණයත් සමග මනෝ ගනේෂන් ඇමැතිවරයාට පාතාලයට සම්බන්ධ පිරිස් වෙතින් තර්ජන එල්ලවී ඇති බව සඳහන්ය. ඊට පසුබිම හැදෙන්නේ එජාපයේ උප නායක රවි කරුණානායක ආසන සංවිධාක ධුරය දරන උතුරු කොළඹිනි. උතුරු කොළඹ වූ කලී වතු ආශ්‍රිතව විශාල දෙමළ පිරිසක් දිවි ගෙවන ඡන්ද කොට්ඨාසයකි. මනෝ ගනේෂන්ගේ ඡන්ද පදනම වන්නේද කොළඹ වතු ආශ්‍රිතව සිටින දෙමළ ජනතාවය. උතුරු කොළඹ දේශපාලනය සමග පාතාලය ගහට ‍පොත්ත සේ එකට බැඳී ඇති බව නොරහසකි. ඊට හොඳම උදාහරණය වන්නේ එජාප කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවට පාතාලයේ සබඳතා ඇති අපේක්ෂකයන් රිංගීමය. පාතාලයට මෙන්ම කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ කුඩු ලාල් නමැත්තාගේ පුතාට උතුරු කොළඹින් නාමයෝජනා දීමට රවි කරුණානායක මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුණි. අවසානයේදී එම නම ලැයිස්තුවෙන් කපා දැමුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකිනි. එහෙත් එජාප ලැයිස්තුවේ පාතාල සබඳතා ඇති තවත් අපේක්ෂකයන් දෙදෙනකු උතුරු කොළඹ ලැයිස්තුවේ සිටින බවට සඳහන්ය. එක් අපේක්ෂකයකු වන්නේ 'කිඹුලා ඇළ ගුණාගේ' බෑණාය. එම අපේක්ෂකයාගේ මව මෙන්ම පියාද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී මහ උළුගෙදර ගිය අය වෙති. මෙම අපේක්ෂකයාගේ මාමා ගුණසේකරන් හෙවත් 'කිඹුලා ඇළ ගුණා' කුඩු ජාවාරම, ඝාතන, මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූවෙකි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට කොළඹ නගර සභා පිටියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කොටි සාමාජිකයන්ට නවාතැන් දුන් බවට ‍පොලිස් පරීක්ෂණවලදී හෙළිවූයේ කිඹුලා ඇළ ගුණාය. මේ වන විට කිඹුලා ඇළ ගුණා සැඟව සිටින්නේ ඉන්දියාවේය. ආරක්ෂක අංශ වෙතින් බේරීමටය. එහෙත් කිඹුලා ඇළ ගුණාගේ ගෝලබාලයන් කොළඹ මහනගර සභා ඡන්දය සමග කරළියට පැමිණ තිබේ. කිඹුලා ඇළ ගුණාගේ බෑණා මෙන්ම උතුරු කොළඹින් පාතාලයට සම්බන්ධ ඇති තවත් අපේක්ෂකයකු එජාප ලැයිස්තුවේ සිටින බවට චෝදනා එල්ලවී ඇත. කලක් කිඹුලා ඇළ ගුණා සමග මත්කුඩු ජාවාරමට සම්බන්ධව වී ඇති මෙම පුද්ගලයාට එරෙහිව මීගමුව මහාධිකරණයේදී මිනීමැරුම් නඩුවක්ද විභාග වෙමින් පවතී.
මේ පාතාල සාමාජිකයන්ට නාමයෝජනා දුන් බවට චෝදනා එල්ල වන්නේ රවි කරුණානායක මන්ත්‍රීවරයාටය. මීට පෙරද ඔහුට එවැනි චෝදනාවක් එල්ල විය. ඒ ඉකුත් මහ මැතිවරණයේදීය. රවි කරුණානායක ඇමැතිවරයාට සහය පළ කරමින් පිරිසක් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදී එම පිරිසට බ්ලූමැන්ඩල් පාරේදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයේදී එක් අයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබිය. මෙතැන සිටි රවි කරුණානායකගේ ආධාරකරුවන් අතර පාතාලයන් සිටි බව පසුව කළ ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
උතුරු කොළඹ පාතාලය කොළඹ මහ නගර සභා ඡන්දය සමග කරළියට පිවිසීමත් සමග ඒ ගැන මනෝ ගනේෂන් ඇමැතිවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානයට යොමු කළේය. රවි කරුණානායක මන්ත්‍රීවරයාට සහය දක්වන පාතාල සාමාජිකයන්ගෙන් තමාට තර්ජන එල්ලවී ඇති බවත්, තමාට විශේෂ කාර්ය බළකායේ රැකවරණ සලසන ලෙස ඇමැතිවරයා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ පිළිබඳ ‍පොලිස්පතිවරයාට දැනුම් දීමෙන් පසු ඉකුත් විසිඑක් වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මනෝ ගනේෂන් ඇමැතිවරයාට විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ ආරක්ෂාව දී තිබේ.
මනෝ ගනේෂන් ඇමැතිවරයාට සේම ගිය සතියේදී තවත් ඇමැතිවරයකුට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව දී තිබේ. ඒ පියසේන ගමගේටය. නීතිය හා සාමය රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුට මෙසේ එස්.ටී.එෆ්. ආරක්ෂාව සපයා තිබේ. එසේ ඔහුට ආරක්ෂාව දී ඇත්තේ ඔහු විශේෂ කාර්ය බළකාය මෙන්ම ‍පොලිස් දෙපාර්තමේන්තුව භාර අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙසය. 
මේ ඇමැතිවරුන්ට අමතරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, සෞඛය ඇමැති රාජිත සේනාරත්න, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, කර්මාන්ත ඇමැති රිෂාද් බද්යුදීන්, නාගරික සංවර්ධන ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම්, කඳුරට සංවර්ධන හා වතු නිවාස ඇමැති පලනි දිගම්බරන්, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා අයටද එස්.ටී.එෆ්. ප්‍රභූ ආරක්ෂාව සලසා තිබේ. ඔවුන්ට එස්.ටී.එෆ්. ආරක්ෂාව දී ඇත්තේ ඔවුන් ඇමැති ධුරයට පත්වූ දා සිටය. මේ ඇමැතිවරුන් අතරින් පලනි දිගම්බරන් මහින්ද රාජපක්ෂ ජනපති ධුරය දැරූ කාලයේද එස්.ටී.එෆ්. ආරක්ෂාව ඉල්ලා සිටියේය. එහෙත් ඔහුට එස්.ටී.එෆ්. ආරක්ෂාව දෙනවාට කඳුකරයේ එකල බලවතා වූ ආරුමුගම් තොන්ඩමාන් ඇමැතිවරයා විරුද්ධ විය. එකල ජනපතිවරයා පවසා තිබුණේ ඇමැති ආරක්ෂක අංශයෙන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව දුන් පිරිස අවශ්‍ය නම් තවත් වැඩි කළ 
හැකි මුත් එස්.ටී.එෆ්. ආරක්ෂාව දීමේ ප්‍රශ්නයක් ඇති බවය. එස්.ටී.එෆ්. ආරක්ෂාව නොලැබුණු දිගම්බරන් මන්ත්‍රීවරයා අවසානයේ නතර වූයේ එජාප ආණ්ඩුවේය. දිගම්බරන් මන්ත්‍රීවරයා පමණක් නොව එකල දේශපාලනඥයන් රැසක්ම එස්.ටී.එෆ්. මෙන්ම යුද හමුදා ආරක්ෂාව පැතූහ. එකල ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවු‍ලේ සාමාජිකයන්ටද කරුණා අම්මාන්, පිල්ලෙයාන්, කේ.පී. ඇතුළු විශේෂ පුද්ගලයන් හතළිස් දෙනකුට යුද හමුදාවේ ආරක්ෂාව සපයා තිබුණි. 
එහෙත් තුන් අවුරුද්දකට ඉහතදී මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වශයෙන් පත්වූ සැනින් රටේ ප්‍රභූ ආරක්ෂාවේ වෙනසක් කළේය. ඒ ජනපතිවරයාගේ සිට විශේෂ ප්‍රභූවරුන්ට දී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමය. එකල මැති ඇමැතිවරු හා ප්‍රභූවරුන්ට යුද හමුදා කොමාන්ඩෝ බළකායේ හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සලසා තිබුණි. එම බළකා දෙකම ප්‍රභූ ආරක්ෂාවේ විශේෂඥයෝය. කොමාන්ඩෝ බළකායට මෙන්ම විශේෂ කාර්ය බළකායට වෙනමම ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් (VIP) ඒකකද ඇත්තේය.
අසූව දශකයේ එස්.ටී.එෆ්. හෙවත් විශේෂ කාර්ය බළකාය පිහිටුවීමට එක් හේතුවක් වූයේ ජවිපෙ හා එල්.ටී.ටී.ඊ. තර්ජන එල්ල වූ ජනපති ජේ.ආර්. ජයවර්ධන ඇතුළු මැති ඇමැතිවරුන්ට ආරක්ෂාව සැපයීමය. කොහොමත් එජාප ආණ්ඩු කාලවලදී ආරක්ෂාව ජනපති අගමැති ඇතුළු ප්‍රභූවරු එස්.ටී.එෆ්. ගැන වැඩි විශ්වාසයක් තැබූ බවට පෙනෙන්නට තිබේ. ඊට හේතු වන්නට ඇත්තේ එස්.ටී.එෆ්. ගොඩනැගීමට මුල්වූයේ ජේ.ආර්.ගේ පුත් රවි ජයවර්ධන නිසාය.
කෙසේ නමුදු මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ජනපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ජනපති ආරක්ෂක බළසේනාව විසුරුවා හැරියේය. එතැන් සිට ජනපති, අගමැති ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව භාර වූයේ විශේෂ කාර්ය බළකායටය. එහෙත් එම නීතිය දෙදෙනකුට බලපෑවේ නැත. එක් අයකු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඔහුට තවමත් ආරක්ෂාව දෙන්නේ යුද හමුදා කොමාන්ඩෝ බළකායය. එසේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා හමුදාමය උත්සවලට යන්නේ නම් ඒ අවස්ථාවල ඔහුට හිමි වන්නේද කොමාන්ඩෝ ආරක්ෂාවය. එහෙත් ඔහු දේශපාලන කටයුතු සඳහා යන අවස්ථාවල ඔහුට ආරක්ෂාව දෙන්නේ විශේෂ කාර්ය බළකායය. 
සරත් ෆොන්සේකා ඇතුළු සියලුම ඇමැතිවරුන්ගේ ආරක්ෂාව භාරව ඇත්තේ ඇමැති ආරක්ෂක අංශයටය. ඔවුන්ගේ ආරක්ෂාවට අමතරව විශේෂ කාර්ය බළකාය විසින් ප්‍රභූ ආරක්ෂාව සපයනු ලබන තවත් ඇමැතිවරු කීපදෙනෙක් සිටිති. ඒ ඔවුන්ට එල්ලවී ඇති තර්ජන සලකා බලාය. එම තර්ජන විශ්‍ලේෂණය කරනු ලබන්නේ රාජ්‍ය බුද්ධි අංශය විසිනි. රාජ්‍ය බුද්ධි අංශයේ තර්ජන විශ්‍ලේෂණය අනුව අවසන් වරට එස්.ටී.එෆ්. ප්‍රභූ ආරක්ෂාව දෙනු ලැබුවේ දෙමළ සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ටය. සුමන්තිරන් මන්ත්‍රීවරයාට එස්.ටී.එෆ්. ආරක්ෂාව දුන්නේ ඔහුට නැවත නැගිටෙමින් සිටින බව කියන කොටි හිතවාදී සන්නද්ධ පිරිසකගෙන් එල්ලවූ ජීවිත තර්ජන හේතුවෙනි.
 
මිහිරි ෆොන්සේකා
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1505

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1338

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1420

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1584

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7754

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5135

Please publish modules in offcanvas position.

X

Right Click

No right click