Coss Ear2
lakbima.lk
COSS Ear 1

වියළි කලාපීය ජනජීවිතයේ කඳුළු සදහට පිසහළ මහා වාරි විස්මිතය

මහවැලි මහ සැලැස්මට ඇතුළත් පංච මහා ජලාශ අතුරින් මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සුවිශේෂ හේතු මත ශ‍්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ හදමඬල බඳු වියළි කලාපයට, මහා ජල නිධානයක් බවට පත්ව ඇත.
මහවැලි ජලාශ අතුරින් කෘෂිකාර්මික වශයෙන් ප‍්‍රමුඛතාව දුන් විශාලතම ජලය ගබඩා කිරීමේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යි.
කෘෂිකාර්මික සංවර්ධනයට සමගාමීව අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ සහ වයඹ ප‍්‍රදේශවාසී ජනතාවගේ ජීවනෝපාය සරිකර ගැනීම සඳහා තිරසාරව වසර පුරා වාරි ජලය සැපයීමත්, පිරිසිදු පානීය ජලය ලබාදීමත් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිතය.
1989 දී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙසින්, වත්මන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා දුටු තුන්කල් සිහිනය සැබෑ කරමින් බිහි වූ මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, අතීතයේ සිට වියළි කලාපීය ජනතාව අත්විඳි කටුක අත්දැකීම් වර්තමාන සහ අනාගත පරම්පරාවන්ට උරුම කර නොදෙන්නට ගත් අප‍්‍රතිහත උත්සාහයේ ජීවමාන සාධකය ලෙසින් හැඳින්විය හැකිය.
මිහින්තලේ ප‍්‍රදේශයේ මහකනදරාව දක්වාත්, ඇළහැර, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ දක්වාත්, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ මාතලේ සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කයන්හි ජල හිඟයෙන් අනන්ත පීඩාවට පත් ජනතාව කරාත් මොරගහකන්ද කළුගඟ නීල දියවර ගලා යනු ඇත.
එමෙන්ම කාලාන්තරයක් තිස්සේ  ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලාගෙන ගිය ඝන මීටර දසලක්ෂ 818ක ජලස්කන්ධයට නව වටිනාකමක් ලබාදෙමින් පොළොන්නරු දිස්ති‍්‍රක්කයට අයත් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ ජලාශ මෙන්ම ඉන් පෝෂණය වන ලොකු කුඩා වැව් සිය ගණනකට තිරසාරව ජලය සැපයීමට මෙමඟින් හැකි වනු ඇත.
එමෙන්ම සංවර්ධනය වන මැදිරිගිරිය නව සංවර්ධන කලාපයේ අක්කර 12,000ක පදිංචි ජනතාවගේ ජීවනෝපාය තිරසාරව සකස් කරමින් ඉහත දැක්වූ ප‍්‍රදේශ ඇතුළුව පවුල් 1,36,000කට පමණ වසර පුරා අවශ්‍ය වාරි ජලය සැපයීම මෙන්ම මාතලේ සහ නැෙඟනහිර පළාත් ද ඇතුළුව පිරිසිදු පානීය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතිය මඟින් සැලසුම් කර කි‍්‍රයාත්මක කරමින් පවතී.
මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මීට වසර හතළිහකට පෙර කි‍්‍රයාත්මක වූවා නම් අප අද අත්විඳින ප‍්‍රතිඵලය ඉතාමත් සුභදායක වනු ඇත. එනිසා අනුරාධපුරය, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය ප‍්‍රදේශ ඇතුළත් වියළි කලාපීය ගොවි ජනතාවගේ කඳුළු කථාවේ නිමක් නොපෙනෙන ශෝචනීය සිදුවීම්වල පෙළගැස්මක් ඇතිවිය. වාරි ජලය සහ පානීය ජලය හිඟවීම මෙයට ප‍්‍රධානතම හේතුව විය. ප‍්‍රධාන කන්න දෙකක් ජල හිඟයකින් තොරව වගා කටයුතු කිරීම සිදු නොවීය. අපමණක් ජීවිත අගාධයට ඇද දමා වකුගඩු රෝගය උත්සන්න වුණි. මේ සියලූ කාරණා තුළ ඔවුන්ගේ ආර්ථික සමාජීය ජන ජීවිතය අන්ත පිරිහීමකට පත්විය.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමේ පමාව නිසා ජලාශයට යටවන ප‍්‍රදේශයේ ජනතාව බලවත් අපහසුතා රැුසකට මුහුණ දුන්හ. වසර හතළිස් ගණනක් තිස්සේ ස්වකීය බිම්කඩෙහි ස්ථිර ගේ දොර ඉදිකර නොගත්තේ ද ජලාශ ව්‍යාපෘතිය ඉදි කිරීම පිළිබඳ තිබූ බලවත් අවිනිශ්චිතතාව නිසාය. එපමණක් නොව රජය විසින් පොදු පහසුකම් සැලසීම ද සිදු නොකෙරිණ. විදුලිය මහාමාර්ග වැනි පොදු සේවා පහසුකම් ඇනහිට තිබුණේ ද, මොරගහකන්ද ජලාශය ඉදිවීම පිළිබඳව ඒ වන විටත් තීරණයකට එළඹීමට නොහැකිව තිබූ බැවිනි.
වත්මන් ජනාධිපතිතුමාගේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරීමට ගනු ලැබූ එඩිතර ප‍්‍රයත්නය හා එහි ඉදිකිරීම්වල තිරසාරබව නිසා ප‍්‍රතිලාභ ලබන ජනතාව තුළ ඇතිකරගෙන තිබූ බලාපොරොත්තු මල්පලගැන්වෙන බව ඔවුනට තහවුරු විය.
මොරගහකන්ද - කළුඟග ව්‍යාපෘතියෙන් අවතැන්වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුඟග ජලාශයට යටවෙන ලග්ගල නගරය වෙනුවට කළුඟග ජලාශයට නුදුරුව නව ලග්ගල නගරය ඉදි කෙරේ.අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැළසුම් කර තිබෙන අතර මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.
නගරයේ මුළු භූමි ප‍්‍රමාණය අක්කර 300 ක වපසරියකින් යුක්තවන අතර දැනට පොලීසිය, රෝහල් සංකීර්ණය, මධ්‍ය මහා විද්‍යාලය, ප‍්‍රධාන කි‍්‍රඩා පිටිය, ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, විවිධ සේවා සමූපකාරය, තැපැල් කාර්යාලය හා ප‍්‍රධාන බස් නැවතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතී.මීට අමතරව ප‍්‍රාථමික විද්‍යාලය ඇතු`ථ අලූත් පාසල් 03 ක් ඉදිකෙරෙන අතර, ඇතැම් රාජ්‍ය ආයතන දැනටමත් නව නගරයේ ආරම්භ කර තිබේ.
ප‍්‍රදේශයේ සමාජ, ආර්ථික යටිතල පහසුකම් සැපයීම, පවතින ග‍්‍රාමීය මාර්ග පුළුල් කිරීම සහ ප‍්‍රදේශයේ පවතින සංවර්ධන හැකියාවන් හ`දුනාගෙන නගරය සැලසුම් කිරීම ද විශේෂත්වයකි.ලග්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාදුරුකෝට්ටේ, මහියංගනය ප‍්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අතර දඹුල්ල නගරයට ඝෘජුව සම්බන්ධවන ප‍්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන මෙම ප‍්‍රදේශයට ළගාවීම සිදු වේ.
එමෙන්ම මෙම නගරය සදහා තෝරා ගනු ලැබූ භූමිය ප‍්‍රදේශයේ ජනතාව විසින්ම තෝරාදෙනු ලැබීම විශේෂත්වයක් වන අතර නව නගරය සළැසුම් කිරීමේදී ස්වභාවික සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම, ජනගහණය කේන්ද්‍රගතවීම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබෙන අතර ස්වභාවික ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාව ඇති පරිසරයක් වීම ද වැදගත් කරුණකි.
මොරගහකන්ද - කලූගග ජලාශ ව්‍යාපෘතිය සමග එම පළාත්වල සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මෙම ප‍්‍රදේශවලට අයත්, වස්ගමුව ජාතික උද්‍යානය, ගිරිතලේ - මින්නේරිය වනෝද්‍යානය, නකල්ස් කදුවැටිය ආශි‍්‍රත රිවස්ටන්, පිටවල පතන හා සේරඇල්ල වැනි සංචාරක කලාප ද දඹුල්ල පන්සල, දඹුල්ල අන්තර් ජාතික කි‍්‍රඩාංගණය, කණ්ඩලම සංචාරක හෝටලය ද අන්තර්ගත වන කලාපය මධ්‍යයේ මොරගහකන්ද - කලූගග ජලාශය පිහිටුවී සමග මෙම ප‍්‍රදේශවල සංචාරක ව්‍යාපාරයේ පිබිදිමක් සිදු වෙයි.
අක්කර අඩි 660,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා පැතිරෙන මොරගහකන්ද - කළුඟග ජලාශය මගින් මිරිදිය ධීවර කර්මාන්තයට සුවිශේෂ දායකත්වයක් ලබාගත හැකිය. මේ වන විට ගණන් බලා ඇති පරිදි වාර්ෂිකව ටොන් 300 ක් පමණ වන මිරිදිය ධීවර අස්වැන්නක් බලාපොරොත්තු වන අතර එහි අගය රුපියල් මිලියන 22 ක් වශයෙන් සැළකේ.
මේ අතර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලූ පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වෙමින් තිබෙන අතර තවත් නොබෝ දිනකින් එහි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙණු ඇත.
මොරගහකන්ද ජලාශයේ කොන්කී‍්‍රට් ආස්ථරණය කරන ලද වේල්ලට යාබදව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත කි‍්‍රයාත්මක වන ටර්බයින් යන්ත‍්‍ර හතරකින් විදුලිබලය නිපදවයි. මෙය මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත‍්‍ර දෙකකින් ද සමන්විතය.
මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත‍්‍ර කි‍්‍රයාත්මකවීමෙන් පසු නිකුත් කරන ජලය ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 05 ක ටර්බයින් යන්ත‍්‍ර කි‍්‍රයාත්මකවීමෙන් පසුව පිටවන ජලය අඹන්ගගට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ ජලාශවලට නිදහස් කෙරේ.
මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132 ක උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය කි‍්‍රයාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
මේ අනුව ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය ලෙස මොරගහගකන්ද ජල විදුලි බලාගාරය ඉතිහාසයට එක් වෙයි.
මොරගහකන්ද විසි එක්වන සියවසේ ශී‍්‍ර ලංකාවේ නිර්මාණය කෙරෙණු වාරි විස්මිතයයි. එහි ප‍්‍රතිලාභ අනාගතයේ උපදින්නා වූ පරම්පරාවටම උරුමය. අදට වඩා එහි ප‍්‍රයෝජන ලබන්නේ ඔවුන්ය. එය අකාලික ජල නිධානයක් වන්නේ එහෙයිනි.
 

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4095

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2707

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3775

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2281

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7524

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4636

Please publish modules in offcanvas position.