Coss Ear2
lakbima.lk
COSS Ear 1

කුමන්ත්‍රණවලින් බෞද්ධ සම්මේලනය බේරාගැනීමට ඡන්දයට ඉදිරිපත් වෙනවා

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ගොඩනගාගත් කීර්තිය විනාශ කර දැමීමට මේ මොහොතේ විවිධ බලවේග ක්‍රියාත්මකව ඇති බැවින් එම බලවේගවලින් බෞද්ධ සම්මේලනය ආරක්ෂා කරගැනීමේ අරමුණ පෙරදැරිව තමා මෙවර එහි නිලවරණයට ඉදිරිපත් වන බව සම්මේලනයේ හිටපු සභාපති ජගත් සුමතිපාල මහතා පවසයි.
ඇතැම් රාජ්‍ය සංවිධාන වෙතින් මෙන්ම නව ව්‍යවස්ථාව ගොඩනැගීමේ ක්‍රියාවලිය හරහාද බෞද්ධාගමට විවිධ අභියෝග එල්ල වෙමින් ඇති බවත් එම අභියෝග ජයගැනීම සඳහා බෞද්ධ මහා සම්මේලනය මෙහෙයවීමද තම අරමුණු අතර වන බව කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ජගත් සුමතිපාල මහතා පැවැසීය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලවරණයට සුමතිපාල මහතා මෙවර යළි ඉදිරිපත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.
මේ වනවිට බෞද්ධ මහා සම්මේලනයේ කීර්තිය විනාශ කර දැමීමට විවිධ බලවේග උත්සාහ කරනවා. සම්මේලනය තුළට පැමිණ එය විනාශ කිරීමටද මෙම බලවේග සැලසුම් කරනවා. එම උත්සාහය ව්‍යර්ථ කිරීමේ අරමුණින් තමයි මම මෙවර නිලවරණයට ඉදිරිපත් වුණේ.
එසේම අයථා අන්‍යාගමීකරණය හරහාද බෞද්ධාගමට විවිධ අභියෝග මේ වන විටත් මතුවෙමින් පවතිනවා. එසේම විවිධ රාජ්‍ය නොවන සංවිධානද බෞද්ධ ශාසනයට එරෙහිව කටයුතු කරනවා. මෙම අභියෝග ජයගැනීමට නම් බෞද්ධ මහා සම්මේලනය ශක්තිමත් විය යුතුයි. බෞද්ධ මහා සම්මේලනය එලෙස ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමේ අරමුණද මා සතුව තිබෙනවා.
මෙවර නිලවරණයට ඉදිරිපත් වී බෞද්ධ සම්මේලනය තුළට පැමිණිලා එය විනාශ කර දැමීමට මෙම බලවේග පිටුපස දේශපාලන හස්තයක්ද ඇති බව දැනගන්නට ලැබි තිබෙනවා. ඊට ඉඩ දෙන්න බැහැ. මෙසේ නිලවරණයට ඉදිරිපත්ව ඇති ඇතැම් කණ්ඩායම්, විවිධ අන්තවාදී මත දරනවා. බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ බවට විශ්වාස කරන පිරිසකුත් මේ අතර ඉන්නවා. මෙවැනි අන්තවාදී කල්ලිවලින් බෞද්ධාගමට සිදුවන්නේ විනාශයක්.
මේ වන විට බෞද්ධාගමට එල්ල වී ඇති විවිධ අභියෝග අතර, බෞද්ධ නටඹුන් විනාශ කිරීමද වෙනවා. ඊට එරෙහිව බෞද්ධ සම්මේලනය හරහා පියවර ගන්න බලා‍පොරොත්තු වෙනවා.
නව ව්‍යවස්ථාව ගොඩනැගීමේ ක්‍රියාවලයි තුළද බෞද්ධාගමට විවිධ අභියෝග එල්ලවන බවක් පෙනෙනවා. බෞද්ධාගම හා බුද්ධ ශාසනය පිළිබඳ සියලු තීන්දු තීරණ ගතයුත්තේ මහා සංඝරත්නයේ අනුදැනුම අනුවයි. බුද්ධ ශාසනයට මුල්තැන ලැබිය යුතුයි. එම ස්ථාවරයේ අපි දිගටම  රැඳෙනවා.
බෞද්ධයන් ආරක්ෂා කිරීමට නම් ඔවුන් ආර්ථිකව ශක්තිමත් කිරීමටද කටයුතු කළ යුතු බව මගේ විශ්වාසයයි. එම නිසා බෞද්ධයන්ගේ ආර්ථික ශක්තිය නැංවීමට මා ඉදිරියේදී කටයුතු කිරීමට බලා‍පොරොත්තු වෙනවා. බෞද්ධ සම්මේලනය හරහා එම ක්‍රියාවලිය දියත් කිරීමට මා සැලසුම් කර තිබෙනවා.
සම්මේලනයේ මෙහෙයවීම යටතේ ග්‍රාමීය මට්ටමෙන් විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින්, බෞද්ධ ආර්ථිකය ශක්තිමත් කිරීමේ මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම මගේ අරමුණයි.
සම්බුද්ධ ශාසනික කටයුතු මාගේ ජීවිතයේ වැදගත්ම කොටස වශයෙන් තෝරාගෙන ඊට මෙහෙවර කිරීමට කැපකරනවා. මම බෞද්ධ ආගමික මෙහෙවර ආරම්භ කළේ බෞද්ධ අධ්‍යාපයේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකු ලෙස සිටිනා කාලයේය. විද්‍යාලයේ කීර්තිමත් ආචාර්යවරයාණන් වහන්සේ කෙනෙකු වූ දිවියාගහ යසස්සි නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේ එහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වුණා. එයින් පසු ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ 1988-89 වර්ෂවලදී සභාපතිත්වයද මේ දක්වා අනුශාසක ධුරයද දරනවා.
සිංහල බෞද්ධකමට මුල්තැන දෙන ව්‍යාපාරික පවුලක දරුවකු වූ මා බෞද්ධ මහා සම්මේලනයේ සේවයට සම්බන්ධ වූයේ මාගේ මව වන මිලිනා සුමතිපාල මහත්මියත් සමගය. එවකට බෞද්ධ සම්මේලනය ආර්ථික හා සදාචාරාත්මකව ඉතාම පරිහානියට පත්ව තිබූ බව ඔබ සැම දන්නා කරුණක්. ඒ වන විටත් බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරමින් සිටි මාගේ මවට එහි සභාපතිත්වය භාරගන්නා ලෙස සාමාජිකයන් බලවත් සේ ඉල්ලා සිටියා. එම සාමාජිකයන්ගේ ඉල්ලීම මත සභාපතිත්වය භාරගත් මාගේ මව සමග සම්බන්ධ වී පළමුවෙන්ම ප්‍රචාරක මණ්ඩලයේ සභාපතිත්වය දැරුවා. සම්මේලනයේ බැංකු ගිණුම් ස්ථාවර වත්කම්  සහ පරිපාලන කටයුතු තිබුණේ ඉතා දුර්වල අඩියකයි. එමෙන්ම කීර්තිනාමය ශේෂ වී තිබූ හෙයින් බෞද්ධ දානපතියන්ද බෞද්ධ ජනතාවද සම්මේලනය කෙරෙහි අවධානය යොමු නොකළ බව අතීත නිලධාරී මණ්ඩලය අදටත් සාක්ෂි දරනවා.
එබඳු වූ සම්මේලනයක ආර්ථිකයද කීර්තිනාමයද නැංවීමේ දුෂ්කර වගකීම භාරගත් අපට බොහෝ ක්‍රියාමාර්ග ගන්නට සිදුවුණා.
මහාචාර්ය ගුණපාල මලලසේකර ශූරීන් 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් අරඹා තිබූ බෞද්ධාලෝක සඟරාව දශකයකට අධික කාලයක් මුද්‍රණය කර තිබුණේ නැහැ. එයට යළිත් ජීවය දී නව නිමාවකින් මුද්‍රණය කරවා ඔබ අතට පත්කිරීම මා කළ පළමු කාර්ය වුණා. සම්මේලනයේ ඉඩකඩම් රාශියක් අහිමි වෙමින් පැවැතුණා. ඒවායේ අයිතිය නිරවුල් කරගැනීමට බොහෝ විට නඩු මගට පිවිසියේ මවගේ පුද්ගලික ධනයෙනි. සභාපති ධුරයට පත් වූ මා පළමුවෙන්ම කළේ සංඝ සම්මේලනයක් කැඳවා ඉදිරි වසර තුනක කාලයක් සඳහා ඉදිරි දැක්මක් සකස් කිරීමයි. අයථා අන්‍යාගමීකරණය පිළිබඳව සොයා බලා සංඝ සම්මේලනයේ අනුශාසනා මත විමර්ශනය කිරීමට කොමිසමක් 2006 වසරේ පත් කළා. වසර දෙකක ඇවෑමෙන් කොමිසමේ වාර්තාව ඉදිරිපත් කෙරුණු අතර එහි නිර්දේශ 121ක් විය. ඒවා නිසි පරිදි වර්ගීකරණය කර මහා සංඝයා වහන්සේද, රාජ්‍ය ආයතනද, බෞද්ධ සංවිධාන වෙතද ඉදිරිපත් කර ඒවා නිර්දේශ අදාළ ක්‍ෂේත්‍රයන් මගින් ක්‍රියාවට නැංවීමට කටයුතු කළෙමි. අද වන විට රාජ්‍ය හා බෞද්ධ සංවිධානවල ඇතැම් ප්‍රතිපත්ති බෞද්ධයා වෙනුවෙන් ක්‍රියාවට නැංවී ඇත්තේ අප ඉදිරිපත් කළ කොමිසමේ නිර්දේශවලට අනුවයි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ධර්මස්කන්ධය ලෝකයේ පළමුවෙනි වතාවට සංගායනා කර ‍ලේඛනගත කෙරුණේ අප මාතෘ භූමියේය. මහා බෞද්ධ සාහිතයකට මුල පිරුවේ අප ශ්‍රී ලංකාදීපයේය. එසේ වුවද 2007 වසරේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කරන තුරු ලංකාවේ බෞද්ධ සාහිත්‍ය උළෙලක් පැවැත්වුණේ නැහැ.

පැතුම් වික්‍රමරත්න

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1758

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1035

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3104

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4178

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 7179

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6325

Please publish modules in offcanvas position.