Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තනි දළයා තුන්වැනි වරටත් හිරෙන් පනී

උණුසුම් පුවත් කොතෙක් තිබුණද පසුගිය දෙතුන් සතියේම මුළු රටම බලා සිටියේ වයඹ පළාතේ ගල්ගමුව දෙසය. ඊට හේතුව මැතිවරණ හෝ වෙනයම් කාරණයක් නොව දිනෙන් දින ඉහළ යන ගල්ගමුව ප්‍රදේශයේ අලි මිනිස් ගැටුමය. වනජීවී වාර්තාවලට අනුව ලංකාවේ අලි මිනිස් ගැටුම උපරිම තලයේ ඇත්තේ ගල්ගමුවේය. එහෙත් පසුගිය දෙතුන් සතියේම රටේ සියලු දෙනා ගල්ගමුව දෙස බලා සිටියේ යම් යම් සුවිශේෂ කරුණු කාරණා නිසාය. ඉන් පළමු වැන්න සියඹලන්ගමුව, ගල්ගමුව, කහල්ල, පල්‍ලේකැ‍ලේ ආදී වන බිම්වල සැරිසැරූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඛිෙදනීය මරණයයි. දෙවැනි කාරණාව වූයේ ගල්ගමුවේ තනි දළයා නම් ඒක දන්ත හස්තියා වනජීවී දෙපාර්තමේන්තුව මගින් පරිස්ථාපනය කරන්නට යෑමය. 
වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර පවසන පරිදි ගල්ගමුවේ තනි දළයා පරිස්ථාපනයට මුල් වනුයේ පදිංචිකරුවන් විසින් අඛණ්ඩව ඌට එරෙහිව කළ පැමිණිලිය. අලි ඇතුන්ගේ වාසස්ථාන, ගොදුරු බිම්, ප්‍රජනන මධ්‍යස්ථාන තමුන් විසින් බරපතළ ලෙස විනාශ කළ බව හිතා මතා අමතක කරනා මිනිසුන් වනජීවී දෙපාර්තමේන්තුවට අලි ඇතුන් පරිස්ථාපනය උදෙසා බල කරන්නට වීම සැබෑම අවාසනාවන්ත තත්ත්වයකි. 
කෙසේ වෙතත් තනි දළයා පරිස්ථාපනය කිරීමට වනජීවිය තීරණය කිරීම මෙරට පරිසරලෝලීන්ගේ බරපතළ විරෝධයට හේතු විය. ඒ මින් පෙර දෙවරක් මෙම හස්තියා පරිස්ථාපනය කළද ඒ සියල්ල පල රහිත වීමය. කෙසේ වෙතත් විරෝධතා මධ්‍යයේ පසුගියදා සිදුකළ තුන්වන පරිස්ථාපනයද අසාර්ථක කරමින් මේ වන විටත් තනි දළයා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ විදුලි වැට බිඳ පලා ගොස්ය.  
තනි දළයා හා පුරා කියා පරිස්ථාපනය කරනුයේ 2009 පෙබරවාරි 16 හෝ ඊට ආසන්න දිනයකදීය. එවකට වයඹ පළාත් සභා මැතිවරණය කරළියට පැමිණ තිබූ අතර අලි මිනිස් ගැටුමද ඒ අවස්ථාවේ දේශපාලන වේදිකාව උණුසුම් කරමින් තිබුණි. කෙසේ හෝ එවර ගල්ගමුවෙන් අල්ලා ගත් තනි දළයා රැගෙන ගියේ බොහෝ දුර බැහැර පිහිටි සෝමාවතියටය. එහෙත් සෝමාවතිය තුළ තනි දළයා සිටියේ දින කිහිපයකි. තම නිජබිම වූ ගල්ගමුවට වඩා ආහාර, ජලය සහ වාසස්ථාන කොතරම් සුලබ වුවත් ඒ සියල්ල අතහැර දමා තනි දළයා දින 28ක් තුළ කි.මී. 243ක්ම ගෙවා යළි ගල්ගමුවට පැමිණියේය. ඒ මුළු දුරම වනාන්තර නොවූ අතර වන ලැහැබ්, හුදකලා බැඳි කුට්ටි මෙන්ම මිනිස් ජනාවාසද පසුකර ඒමට තනි දළයාට සිදුවිය. එහෙත් ඒ ගමනේදී කිසිදු ජීවිත හානියක් ඌ සිදුකළේ නැත. 
වනජීවී නිලධාරීහු දෙවන වරට තනි දළයා අල්ලාගත් ගල්ගමුවේ සිට හොරොව්පතාන අලි ගාලට (අලි රැඳවුම් මධ්‍යස්ථානයට) රැගෙන ගියහ. සෝමාවතිය මෙන් විවෘත බිමක් නොවූ එහි ආරක්ෂක විදුලි වැට දවස පුරාම ක්‍රියාත්මකය. එහෙත් තනි දළයා එහි සිටියේ ඉතා කෙටි කලකි. අලි රැඳවුම් මධ්‍යස්ථානයේ වැට බිඳ දැමූ තනි දළයා ඉන් පලා ගියේ දෙවැනි පරිස්ථාපනයද අසාර්ථක කරමිනි. 
ගල්ගමුව, කහල්ල, පල්‍ලේකැ‍ලේ, සියඹලන්ගමුව ආදී වන බිම්වල නිදහසේ සැරු තනි දළයාට එරෙහිව යළි යළිත් පැමිණිලි ගලා එන්නට වීම නිසා තුන් වැනි වරටත් මෙම හස්තියා ගල්ගමුවෙන් ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සිදුවිය.
  ගෙවී ගිය නොවැම්බර් මස අවසන් සතියේදී ඛිෙදනීය ලෙස ඝාතනය කළ දළ පූට්ටුවාගේ සිරුර හමුවීමත් සමග තනි දළයාගේ ආරක්ෂාව ගැනද තමුන්ට වඩාත් බරපතළ ලෙස සිතන්නට වූ බව වනජිවී නිලධාරීහු පවසති. කෙසේ වෙතත් තනි දළයා තුන්වැනි වරටත් පරිස්ථාපනය කරන්නට සිදුකළ මෙහෙයුම පසුගිය 13 දා  වන විට ඇරඹී තිබුණි. වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණ මෙම මෙහෙයුමට දෙපාර්තමේන්තුවේ සේවකයෝ ගණනාවක් දායක වූහ. මහත් වෙහෙසක් දරා පසුගිය 17 වන දා තනි දළයා අල්ලා ගැනීමට ඔවුහු සමත් වූහ. තනි දළයා මිනිස් ග්‍රහණයට පත් පුවත ඇසූ ප්‍රදේශවාසීහු පැවැති ධාරානිපාත වර්ෂාවද නොතකා හස්තියා දැකබලා ගැනීමට රොක්වූහ. වෙනදා තම හේන්වල බව බෝග තනි දළයා කා දමන බවට පැමිණිලි කරනා ගල්ගමුව වාසීහු ඒ රාත්‍රියේ දිව ආවේ හිස් අතින් නොව බඩ ඉරිඟු වට්ටක්කා වැනි තනි දළයා කෑමට රුචි කරන දේවල්ද රැගෙනය. 
තම ගේ දොර ඉඩකඩම්වලට හානි පැමිණ වූ ඒක දන්ත හස්තියා හොරොව්පතාන අලි ගාලට රැගෙන යෑමට වනජීවීයේ ලොරියට පටවනු දුටු ගැමියෝ සුසුම්ලෑහ. ඇතැම්හු වැලපුණහ. මීට මාස කීපයකට පෙර ඒක දන්තට එරෙහිව වනජීවීයට පැමිණිලි කළේත් උද්ඝෝෂණ කළේත් තමුන්ම බව ඒ මොහොතේ ඔවුන්ට අමතකව ගොස් තිබුණි. 
කෙසේ වෙතත් හොරොව්පතානට රැගෙන ගිය තනි දළයා එහි ඉස්පාසුවෙන් රැඳී සිටියේ නැත. ගාලට ඇතුල් කළ දින සිටම තනි දළයා නිදහස තකා සටන් වැදුණේය. හැකි විලසින් විදුලි වැටට පහර දුන්නේය. ටික වේලාවකින් තනි 
දළයාට ගැළපෙන සටන් සගයෙකුද අලි ගාලෙන් මතු වූයේය. ඒ නිය‍පොත්තාය නිය‍පොත්තා යනු කලකට පෙර කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද හස්තියෙකි. තනි දළයා සහ නිය‍පොත්තාගේ ඒකාබද්ධ ප්‍රහාරය හොරොව්පතාන අලි ගා‍ලේ විදුලි වැට කොයි මොහොතේ හෝ බිඳලන බව වනජීවී නිලධාරීන්ට පැහැදිලි විය. වැටට පහර දෙන හස්තීන් දෙදෙනාට රබර් උණ්ඩවලින් වෙඩි තැබිමටත් අලි වෙඩි ගසා පලවා හැරීමටත් ඔවුහු උත්සාහ කළහ. අවසන හොරොව්පතාන අලි ගා‍ලේ විදුලි වැට දෙවන වරටත් බිඳ දමන්නට තනි දළයා සමත් විය. ඒ පසුගිය ඉරිදා රාත්‍රියේය. 
සඳුදා වන විට වාර්තා වූයේ තනි දළයා පමණක් නොව නිය‍පොත්තාද පලා ගොස් ඇති බවය. එපමණක් නොව නිය‍පොත්තා අලිගාලෙන් පිටවූ විගස පහරදී පුද්ගලයෙකු මරා දමා ඇති බවද කියැවිණි. එහෙත් වනජීවී දෙපාර්තමේන්තුව පවසනුයේ පුද්ගලයෙකුට පහරදී මරා දමා ඇත්තේ හක්ක පටස් එකක් ආහාරයට ගෙන මරණීය තුවාල ලද වෙනත් හස්තියෙකු බවයි. තුවාල වේදනාව නිසා මෙසේ ඒ අලියා මිනිසුන්ට පහර දෙන්නට ඇති බව ඔවුහු පවසති. 
මේ පිළිබඳ නිවැරදි තොරතුරු දැනගනු වස් අප වනජීවී අධ්‍යක්ෂ (සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් ඇමතුවෙමු. තනි දළයා අලි ගාල බිඳ පලා ගිය බව ඔහු තහවුරු කළේය. තනි දළයා පැනලා කියන කතාව ඇත්ත ඒක අපට තහවුරු වෙලා තියෙනවා. මේ වන විටත් දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ අවට ඉන්නවා. ඒත් නිය‍පොත්තා පැනලා නෑ. එයාගේ රේඩියෝ කොලර් සිග්නල්වලින් අපිට ඒක කියන්න පුළුවන්. වෛද්‍ය තාරක ප්‍රසාද් පවසන්නේය. 
ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක රාමසිංහද පවසනුයේ ගල්ගමුවේ තනි දළයා අලිගාල බිඳගෙන ගොස් ඊට සමීපව රැඳී සිටින බවයි. නිය‍පොත්තා පලා ගිය බවට කෙරෙන කතා බොරු. විදුලි වැට අලුත්වැඩියා කළා. අලි ගාලට විරුද්ධ අය තමයි ඔය වගේ කතා පතුරන්නේ. ඔහු පවසන්නේය. 
ගල්ගමුවේ වන අලි පිළිබඳ පුළුල් හැදෑරුමක් කරනා මාධ්‍යවේදී අරෝෂ මාන්නප්පෙරුම පවසනුයේ තුන්වැනි වරටත් තනි දළයා සිය නිජබිම සොයා හෙට අනිද්දාම පැමිණෙනු ඇති බවයි. මීට  කලිිං දෙපාරක් ගිහින් දාලත් වැඩක් වුණේ නෑ. තුන්වෙනි පාරත් වෙන්නේ ඒකමයි. ප්‍රචණ්ඩයි කීවාට ගිය දෙවතාවේදීම පලා ඒමේදී මෙයා කාටවත් කිසිම කරදරයක් කරේ නෑ. කළ යුතු හොඳම දේ තනි දළයාට ගල්ගමුවට ඒමට ඉඩ දීමයි. 
ප්‍රකට වනජීවී පර්යේෂක ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුද පවසනුයේ අලි ඇතුන් පරිස්ථාපනය ඉතා අසාර්ථක ක්‍රියාවක් බවයි. ගිහිින්  දැම්මාට අලි ඇතුන් උන්ගේ ජන්ම භූමියට ආපහු එනවා. ඒක ස්ථිරයි. එහෙම එන  බොහෝ දෙනෙක් අතරමගදී අනතුරුවලට ලක්ව මියයනවා. ඒකයි ඇත්ත. කළ යුතු හොඳම දේ පරිසරය ආරක්ෂා කරමින් ජීවත්වීමට සුදුසු පරිසරයක් වන අලින්ට ඉදි කර දීමයි. ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසන්නේය. 
මේ අනුව බලන කල පරිස්ථාපනය යනු මිනිසුන්ට හෝ වන අලින්ට සාධාරණයක් ඉටු කරන ක්‍රියාවක් නොවන බව පැහැදිලිිය. එබැවින්  මෙකී අර්බුදය විසඳීමට වඩාත් නිවැරදි ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බව පැවැසිය හැක. නමුත් තවමත් එවැන්නකට අපගේ සූදානමක් නැත. ඉංග්‍රීසියෙන් Human Elephant conflict ලෙස හඳුන්වන මේ ගැටුම  අප සිංහලයට නගන්නේ (අලියා පෙරට දමා) අලි මිනිස් ගැටුම ලෙසිනි. අප සිටිනුයේ මුළුමනින්ම ‍පොට වරද්දාගෙන බව පැවැසීමට එම උදාහරණයම ප්‍රමාණවත් නොවන්නේද?
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
 
ඡායාරූප: සිරිල් ගමගේ
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1492

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1771

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3031

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1616

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1941

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3515

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click