Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අනුරපුර ඉපැරණි පුද බිමකට නව පණක්

ඒ 2014 වසරේ ජනවාරියයි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරය අනුරාධපුරයේ දී  පැවැත්වීමට ලහි ලහියේ කටයුතු සංවිධානය වෙමින් තිබිණ.

එහිදී අංග කිහිපයකින් යුතු එම සංවත්සරය මුල්කොට දැනට වල් බිහිවී ඇති අනුරාධපුරය ආශ්‍රිත ශාසනික, ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත් කමකින් යුත් ස්මාරකයක් ප්‍රතිසංස්කරණය කොට අනාගත පරපුරට භාර කළ යුතුය යන සංකල්පය පහළ වූයේ එවක සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතාගේ මනැසෙහිය.
ඉන්පසුව අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව ශාසනික,ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුත් ස්ථානයක් සොයා වාර්තා කිරීමේ වගකීම සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජික පිරිසකට පැවරුණි. ඒ අනුව අනුරාධපුරයට ගිය ඔවුහු එවක එහි පුරාවිද්‍යා සහකාර කොමසාරිස් වරිය හමුවී එවන් ස්ථානයක් පිළිබඳව විමසා සිටියහ. එවිට ඔවුන් වෙතින් දැනගත හැකිවූයේ අනුරාධපුර කුට්ටම් පොකුණෙන් ඔබ්බෙහි ගල්පාලම පාරේ පන්කුලියේ අශෝකාරාමයට නොදුරින් විජයාරාමය නමින් හැඳින්වෙන පැරණි පබ්බත විහාරයක නටබුන් ඒ වන විට මුළුමනින්ම වනයෙන් වැසී ඇති බවකි. ඒ අනුව පළමුව එම ස්ථානය නිරීක්ෂණය කළ ඔවුනට එම පරිශ්‍රය තුළට පිවිසීමටවත් නොහැකි විය. ඒ එවක එම භූමිය ට මහා වනයෙන් වැසි තිබූ නිසාය.ඒ සමඟම එහි තවත් බිහිසුණු අන්තරාකාරී තත්ත්වයක් ද තිබුණි. එනම් එම වනය පුරා දඩයම් කරුවන් විසින් සතුන් සඳහා මරුවැල් අටවා හෙවත් තුවක්කු බැඳ තිබීමය. ඒ අනුව අක්කර 23 ක වපසරියකින් යුත් අනුරාධපුර මධ්‍ය යුගයට අයත් ඒ ආරාමික භූමිය පුරා පැතිර ගත් යටිකැලය ඉවත් කිරීම සඳහා ක්‍රමෝපායක් සෙවූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 9 වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යෙදවීමට ගරු සභාපති තුමා තීරණය කළේය.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංගයන්ගෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට දුරකතන ඇමතුමක් ලැබිණ. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එච්.සී.පී බෙල් මහතාගෙන් පසු පුරාවිද්‍යාඥයකුගේ අවධානයට ලක් නොවූ මෙම ආරාමික පරිශ්‍රය මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ නැවත ගවේෂණය කොට එහි ස්මාරක සංරක්ෂණය කොට තහවුරු කිරීමට තමන් කටයුතු කරන බව දන්වමිනි. ඒ සඳහා එම භූමි භාගය එළි පෙහෙළි කිරීමේ දී තමන් හා එක්ව කටයුතු කරන මෙන් ඔහු ඉල්ලා සිටියේය.
මහාචාර්ය තුමන්ගේ එම ඉල්ලීම ඉත සිතින් පිළිගෙන ඒ අනුව කටයුතු කළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන නියෝජිතවරු 2004 වසරේ ජනවාරි 10 වෙනි දින එම පරිශ්‍රයේ දී එම ගවේශණ කටයුතු වල සමාරම්භක උත්සවය පැවැත්වූහ. ඒ නුවර කලාවියේ ප්‍රධාන සංවිධායක අනුරාධපුර රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් ඇතුළු මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේය.
පුරා වසර එකහමාරක කාලයක් තිස්සේ ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු නිමා කළ එම පබ්බත විහාරය අද පුරාවිද්‍යා හරිත භූමියක් සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කෙරෙමින් පවතී. එහි ස්මාරක 43 ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒවා සම්බන්ධ අංගසම්පූර්ණ ගවේෂණ වාර්තාවක් ද අනුරාධපුර විජයාරාමය යනුවෙන් කෘතියක් ලෙසින් එළි දක්වා තිබේ. එය සම්පාදනය කොට ඇත්තේ මහාචාර්ය ටී.ජී කුලතුංග සහ රන්ජිත් ගොඩකුඹුර යන විද්වතුන් විසිනි.
එම භූමිය හෙළි පෙහෙළි කිරීමේ සිට එම ස්ථූපය සංස්රක්ෂණය කිරීම දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයෙන් ලද විශිෂ්ට සහයෝගය එම ග්‍රන්ථයෙහි ඉතා පැහැදිළිව සටහන් කොට ඇත. මෙය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ගතවූ දස වසරක කාලය තුළ සිදුකරන ලද අනේක විධ ශාසනික මෙහෙවර අතරින් එකක් පමණකි.  වර්තමානයේ එය අප යළි සිහිපත් කරනුයේ එම උතුම් ශාසනික කටයුත්ත සඳහා මේ වන විට දෙවසරක් සපිරීම නිමිත්තෙනි.



ගල්ගමුව යූබී. වන්නිනායක මධ්‍යමහා විද්‍යාලයේ (ජාතික පාසල) හිටපු විදුහල්පති සහ ඇහැටුවැව දිවුල්ගණේ පුරාණ දිඹුලාගල රාජමහා විහාරාධිපති ගලහිටියාවේ සිරිරතන හිමිපාණෝ.

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1492

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1772

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3031

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1617

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1941

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3515

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click