Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනවාරි 1න් පසු කොළඹ හිඟන්නන්ගේ හිඟයක්

ලබන ජනවාරි පළවැනිදාට හිරු පායන්නේ ‍පොලිතීන් නැති ලංකාවකට බව පරිසර අමාත්‍යාංශය පවසන්නේය. එහෙත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනුයේ එළැඹෙන  පළමු වැනිදායින් පසු ලංකාවේ හිඟාකෑමද තහනම් බවය. මේ බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හෙවත් මෙගා ‍පොලිස් අමාත්‍යාංශය රටටම කීවේ පසුගිය 19දා කොළඹ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය. ඒ අනුව ශ්‍රී ලංකාව දශක හතරක් තුළ කෙරෙන සිව්වැනි යාචකයන් ඉවත් කිරීමේ මෙහෙයුමට සූදානම් බව පැවැසිය හැක.
ශ්‍රී ලංකාව හාපුරා කියා යාචකයන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ඇරඹුවේ 1976දී පැවැති නොබැඳි නායකයන්ගේ සමුළුව වෙනුවෙනි. එවකට පැවැති සමගි පෙරමුණුු රජය කළ ඒ ක්‍රියාව නිසා යාචකයන් කෙරෙහි ජනතා අනුකම්පාවද, රජයට ජනතා විරෝධයද හිමිවූ බව අපට මතකය. ලංකාවේ දවෛනි යාචක මෙහෙයුම සිදුකරනුයේ 1991දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේය. ඒ ලංකාවේ පැවැත්වූ සාර්ක් නායක හමුව  වෙනුවෙනි. එවර  අපිළිවෙළට හැඳපැලඳ සිටි අගනුවර පුවත්පත් නියෝජිතයකුද  යාචකයකු ලෙස  වරදවා හඳුනාගෙන රිදියගම රැඳවුම් කඳවුරට රැගෙන ගොස් ඇත. ඔහුට ඉන්  නිදහස් වීමට දින දෙක තුනක් ගතවිය. මෙරට තුන්වැනි යාචක මෙහෙයුම සිදුවූයේ යුද්ධයේ උච්චතම අවස්ථාව වූ 1998 සමයේය. එවර යාචකයන් ලෙස වෙස් වලාගත් කොටි ත්‍රස්තවාදීන් කොළඹට පැමිණීම වළකාලන්නට කොළඹින් යාචකයන් ඉවත් කරන ලදී. මේ යාචක මෙහෙයුම් තුනම අවසන පුස්ස බින්දාක් මෙන් අසාර්ථක වූයේය. ඊට හේතුව අද වන විට කොළඹ හා ජනාකීර්ණ නගර ආශ්‍රිතව සිඟමන් යැදීම කර්මාන්තයක් තත්ත්වයට පත්වීමය. සැකෙවින් පවසතොත් අද කොළඹ අවට ඉන්නා  සිඟන්නන් බහුතරයක් වෘත්තියමය යාචකයෝය.
වෘත්තීමය යාචකයන් වැඩි වශයෙන් ගැවසෙනුයේ දවටගහ මුස්ලිම් පල්ලිය, කොච්චිකඩේ පල්ලිය, කැලණි විහාරය වැනි ස්ථානවලය. ඊට හේතුව  ආගමික ස්ථානවලට පැමිණෙන බැතිමත්හු බහුතරයක් අමතර පිනක් කරනු වස් යාචකයන්ට කීයක් හෝ දීමට ස්ථිර ලෙසම පෙළඹීමය. වඩාත් වැදගත් වනුයේ මෙම යාචකයන් බහුතරයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වීමය. දෙමටගොඩ, මාලිගාවත්ත වැනි ප්‍රදේශවල ඇති පේළි ගෙවල් මොවුන්ගේ නිවාස වෙයි.
යාචකයන්ද තම තමන්ගේ වසම බෙදාගෙන කටයුතු කිරීම දක්නට ඇත. විශේෂයෙන්ම කොළඹ මධ්‍යම බස්නැවතුම වැනි සරු ගොදුරු බිම්වල සිඟන උදවියට බොහෝ වාසි හිමිවේ. එහෙත්  අගනුවර සරු දඩබිම්වල සිඟකෑම ආවට ගියාට කළ හැක්කක් නොවේ. ඊට හේතුව එවැනි බිම් ප්‍රදේශවල අණසක පතුරවාගෙන සිටින පාතාල කණ්ඩායම්ය. බොහෝ යාචකයන් සිඟමන් යැදීමට ෙදෙනිකව කුලියක් පාතාල කණ්ඩායම්වලට ගෙවිය යුතුය. එමෙන්ම තවත් තැන්වල යාචකයන් සිඟමන් යැදීම කරනුයේ ෙදෙනික කොමිස් මුදලටය. සිඟාකන මුළු මුදලම හිමිවන්නේ ඔවුන් අයිති මුදලාලිටය. 
යාචක වෘත්තිය කිසි ලෙසකින්වත් හුදකලාව පවතින්නක් නොවේ. ඒ හා බැඳුණු සෙසු වෘත්තීන් ගණනාවකි. මත්ද්‍රව්‍ය, ගණිකා ජාවාරම, සොරකම, මංකොල්ලකෑම වැනි අතුරු ක්‍රියා රැසක් යාචක වෘත්තිය හා බැඳී පවතී. එබැවින් කොළඹ නගරයේ සිඟාකන යාචකයන් පෙන්වන තරම් අහිංසක නොවේ. ඔවුන්ගේ ෙදෙනික ආදායම පැවසිය යුත්තේ රුපියල් දසදහස් ගණනකින් බව වරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් කළ සමීක්ෂණයකින්ද තහවුරු විය.
ආදායම සරුවීම යාචකයන් අතර පවතින තරගයද ඉහළ යන්නට හේතුවකි. මෙකී තරගය නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ යාචකයෝද නැත්තේ නොවේ. වරක් පිටකොටුව ප්‍රදේශයේදී හිසට පහරදී යාචකයෙකු ඝාතනය කර තිබුණි. පසුව හෙළිවූයේ ඝාතනයට හේතුව මුදල් ‍පොලියට දීමේ ආරවුලක් බවය. 
වර්තමානයේ යාචකයන්ට සිඟමන් දීමේදී අවම  වශයෙන් රුපියල් දහයක්වත් ලබාදීම සිදුවෙයි. රුපියල් දෙක තුන ලබා නොදෙන තරම්ය. ඊට හේතුව වනුයේ මහජනය වැඩියෙන් පිං ලබා ගැනීමට කැමතිවීම නොව වෙළෙඳ‍පොළේ ඇති උග්‍ර මාරුකාසි හිඟයයි. එමෙන්ම නවීන පන්නයට හැඳ පැලඳ මගට බසිනා බොහෝ දෙනකුගේ ස්මාර්ට් පසුබිම්වලට සිල්ලර කාසි වදයක් වීමද යාචකයන්ගේ හොද්ද බොරවීමට හේතුවකි.
කෙසේ වෙතත් ලංකාවේ ජනයාගේ අනුකම්පාවේ දිග පළල දන්නා විදේශිකයන්ද මෙරටට විත් සිඟමන් යැදි අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය.  ඉන් එක අවස්ථාවකදී කොල්ලුපිටිය, බම්බලපිටිය වැනි ප්‍රදේශවල සිඟකෑ චීන ජාතිකයන් පිරිසක් ‍පොලිස් අත්අඩංගුවට පත්විය. තවත් වරක් දුන්හිඳ ඇල්ලට යන මග අබියස වයලීනයක් වයමින් සිඟකෑ බ්‍රිතාන්‍ය යුවතියක ‍පොලීසියට කොටුවිය. අධිකරණයට ඉදිරිපත් කළ ඈ පවසා සිටියේ තමා ලොව පුරා සංචාරය කරන්නියක් බවත්, සෑම රටකදීම  තම ආහාරපාන ඇතුළු සුළු වියදම් සපුරා ගත්තේ මෙලෙස සිඟකෑමෙන් බවත්ය.
එමෙන්ම හිඟන්නන් සිටින්නේ ලංකාව වැනි දිළිඳු රටවල පමණක් නොවේ. තෙල් සම්පත නිසා මුදල් හදල් දෝරේ ගලන මැදපෙරදිගද යාචකයෝ ඕනෑ පදම් සිටිති. වෙනසකට ඇත්තේ ඔවුන් සිඟමන් යැදීමට එන්නේ මෙරට ප්‍රභූ පන්තිය භාවිත කරනා මෝටර් රථවල වීමය. විශේෂයෙන් අරාබි රටවල සිකුරාදා දේවමෙහෙයන් පවත්වන විට පල්ලි අසල විශාල වශයෙන් මොවුන් දැකගත හැකි බව එම රටවල සේවය කරනා ලාංකිකයෝ පවසති.
මෙනයින් බලන කල මිනිසුන් සිඟා කන්නේ නැති බැරිකමටම නොවන බව පැහැදිලි වෙයි. එය අද වන විට ශ්‍රී ලංකාව තුළ වෘත්තීය මට්ටමට පැමිණ ඇති ක්‍රියාවකි. ශ්‍රී ලංකාවෙන් පමණක් නොව යාචක වෘත්තිය ලෝකයෙන්ම තුරන් කළ නොහැකිවී ඇත්තේ එබැවිනි.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 201

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 218

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 316

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 467

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7071

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4640

Please publish modules in offcanvas position.

X

Right Click

No right click