Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වීසිකරන ‍පොලිතින්වලින් වෙරළ ඛාදනයට වැට බඳියි

ශ්‍රී ලාංකික ජනතාවගේ අධි පරිභෝජන ජීවන රටාව හේතුවෙන් පෙර නොවූ විරූ ආකාරයට පරිසර ප්‍රශ්න රැසක් නිර්මාණය වී තිබේ. එය එක් ප්‍රබල පරිසර ප්‍රශ්නයක් වන්නේ රටේ හැම තැනකම ගොඩගැසෙන ‍පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍යයන්ය. මේවා පරිසරයට මුසු වීමෙන් පසට , ජලයට, වාතයට සිදුව ඇත්තේ අනර්ථයකි. එහි අවසන් ප්‍රතිඵලය ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි සෘජුව බලපාන හේතුවක් නිර්මාණය  කර තිබේ.
තරගකාරී ආර්ථික සමාජ වටපිටාවත් සමග පරිසරයට නිකුත්වන ‍පොලිතින් ප්ලාස්ටික් ප්‍රමාණය අවම කිරීමට පසුගිය කාලයේ රජයට නව නීති පවා ගෙන එන්නට සිදු විය. එය යහපත් දෙයක් වන අතර මතෛක්  කල් පරිසරයට එකතු වී ඇති මෙම ද්‍රව්‍යයන්ට කළ යුත්තේ කුමක්ද යන්න විසඳාගත නොහැකි ගැටලුවක් බවට පත්ව තිබේ. 
මෙයට කදිම පිළියමක් අරන්දර කඩිගමුවේ ජී.ආර්.ජයතිලක බණ්ඩාර මහතා සොයාගෙන තිබේ.  ඔහු පරිසරයට මුදා හරින සියලුම ‍පොලිතින් ප්ලාස්ටික්  උණුකර විශේෂ කණුවක් නිර්මාණය කිරීමටත්  තාර ලෙස මාර්ග සංවර්ධන කටයුතුවලට යෙදවීටත් ක්‍රම දෙකක් සොයාගෙන තිබේ.
ජයතිලක බණ්ඩාර මහතා විසින් ඕනෑම මට්ටමක ඇති ‍පොලිතින් ප්ලාස්ටික් එකට ගෙන ඒවා උණුකර කණු නිර්මාණය කරයි. ප්ලාස්ටික්  උණු කිරීමට  විශේෂ උඳුනක් අවශ්‍ය අතර එමගින් විෂ වායු වර්ග පෙරනක් වේ. මෙම උණු වූ ප්ලාස්ටික් මගින් ඉතා ශක්තිමත් කණුවක් නිර්මාණය කරගත හැකිවේ. මෙම කණුව වෙරළඛාදනය  වැළැක්වීමට යොදාගත හැකිබව ජයතිලක මහතා සඳහන් කරයි.
මෙයට අමතර ප්ලාස්ටික් ‍පොලිතින් මගින් තාර නිෂ්පාදනය කිරීමටද ජයතිලක සමත් වී තිබේ. මෙම තාර මාර්ග කාපට් කිරීමේදී දිගු කාලීන පැවැත්මක් ඇති බවද ඔහුගේ සොයා ගැනීම්වලදී තහවුරු වී තිබේ.
ජයතිලක බණ්ඩාරගේ සොයාගැනීම් අනුව  ‍පොලිතින් ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 12ක් භාවිත කර ඝන අඩියක් නිර්මාණය කර ගැනීමට හැකියාව  ඇත. ඒ සඳහා නිර්මාණය කර ගන්නා යන්ත්‍රය සඳහා රුපියල් ලක්ෂ 18ක් පමණ වැයවෙන බව ගණන් බලා තිබේ.
ජයතිලක මහතා  ප්‍රකාශ කරන්නේ මෙම යන්ත්‍රය නිෂ්පාදනය කර ගැනීමෙන් රටේම ඇති ‍පොලිතින් ප්ලාස්ටික් තාර හෝ කණු බවට පත්කර ගැනීම ඉතා සුළු දෙයක්  බවයි. ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් මෙවැනි නිර්මාණකරුවන් ඉදිරියට ගැනීමට අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීමද ලැබේ නම් මෙම කාර්යය විධිමත් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර විශාල පිරිසකට රැකියා නිර්මාණය කර දිය හැකි බව ජයතිලක මහතා වැඩිදුරටත් පැවැසීය.
 
බන්දුල ධර්මතිලක  - කන්ත‍ලේ
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2459

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2402

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3911

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4447

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5278

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click