Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජර්මනියේ හිටපු ශ්‍රී ලංකා තානාපතිගේ ගුණ සැමරේ

ජර්මනියේ හිටපු තානාපති හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ  හා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ආචාර්ය කරුණාතිලක අමුණුගම  මහතා පසුගිය 13 වෙනි බදාදා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් එතුමාට පින් පැමිණවීමේ  මතක වස්ත්‍ර පූජාවක් 17 වැනි ඉරිදා  දින බර්ලින් නුවර ජර්මන් ජාතික බෞද්ධ සංගම් ශාලාවේදී සිදු කෙරිණ.
පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවා මතක වස්ත්‍ර පූජාව බර්ලින් සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති  ශ්‍යාමෝපාලි මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ සද්ධර්ම කීර්ති භාෂාන්තර විශාරද රඹුක්වැල්‍ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්දාභිධාන ජර්මනියේ සමථ බල සම්පන්න ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරන ලදී.
ජර්මනියේ තානාපති ලෙසට පත්ව ආ එතුමා පළමුවෙන්ම ශ්‍රී ලංකාවට සංචාරකයන් ඇදගැනීම සඳහා සුවිසල් ප්‍රචාරක  වැඩ සටහනක් දියත් කළ අතර බුදුදහම ජර්මන් ජාතිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා බර්ලින් නුවර බෞද්ධ  කෞතුකාගාරයක් තුළ වෙසක් උත්සවයක් සිදු කළ බවද ඒ සඳහා  ජර්මන් භාෂාවෙන් බුදුදහම  පිළිබඳව දේශනාවන් සිදු කිරීමට කටයුතු කළ බවද පැවැසූහ. එතුමන් ජාතික නිදහස්  උත්සවය බර්ලින් නුවර  ට්ශේලන්ඩොර්ෆ් නගරශාලාවේදී පැවැත්වීමට කටයුතු කරමින් අප ශ්‍රී ලාංකික අනන්‍යතාවය ජර්මන්  ජාතිකයන් අතරට ගෙනයාමට කටයුතු කළ අතර පසුගිය  වසරේ ශ්‍රී ලංකා  ජනාධිපතිතුමන් ජර්මනියේ කළ නිල සංචාරය සඳහා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවට  යුරෝ මිලියන තුන් හාරසියයක ආධාර මුදලක් ලබාදීමට එතුමන් කටයුතු කළ බවද දේවානන්ද නාහිමිපාණෝ සඳහන් කළහ.


බර්ලින් විහාරවාසී රාජකීය පණ්ඩිත මහගම සුවිනීත හිමියෝද අනුශාසනාවක් කළහ.
ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති, ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හා හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු, තානාපති කාර්යාලයේ පළමු ‍ලේකම් අහමඩ් රාසී, දෙවන ‍ලේකම් තක්ෂිලා අනෝල්ඩා, තෙවන ‍ලේකම් ගාමිණී විජේරත්න මහතා සහ නිලධාරීන් මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
මීට සමගාමීව ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් පසුගිය 20 වැනි දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අභාවප්‍රාප්ත අමුණූගම මහතා වෙනුවෙන් සත් දින දානමය පුණ්‍යකර්මයක්ද සිදු කෙරුණ අතර  ඒ සඳහා බර්ලින් සම්බෝධි විහාරාධීපති සද්ධර්ම කීර්ති භාෂාන්තර විශාරද ජර්මනියේ සමථ බල සම්පන්න ප්‍රධාන සංඝ නායක රඹුක්වැල්‍ලේ ශ්‍රී බුද්ධරක්ෂිත  දේවානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, හැම්බර්ග් නුවර ශ්‍රී ලංකා මහා විහාරාධිපති ජර්මනියේ අධිකරණ සංඝනායක රත්ම‍ලේ පුඤ්ඤරතන  නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ‍පොල්ගහවෙල ශ්‍රී පුෂ්පාරාම රජමහා  විහාරාධිපති ශාස්ත්‍රපති ගුරුදෙණියේ  පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේ, බර්ලින් විහාරවාසී රාජකීය පණ්ඩිත මහගම සුවිනීත හිමි යන හිමිවරු  වැඩම කර සිටියහ.
 

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1491

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1768

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3027

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1615

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1940

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3514

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click