Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අභියෝග හමුවේ නොසැලුණු දිරිය මව

ශ්‍රී ලාංකේය කාන්තා පෞරුෂයේ ආදර්ශමත් චරිතයක් වූද සම්බුද්ධ ශාසනයට හා මහා සංඝරත්නය කෙරෙහි අපරිමිත භක්ති ආදරයකින් ක්‍රියාකළා වූද මිලිනා සුමතිපාල දානපතිනිය අපගෙන් සමුගෙන වසරක් ගත වූවත් ඇය ගැන මතකය අදටත් අප හදවත් තුළ විරාජමානව පවතින්නේය.
මුලු මහත් සමාජයටම ආදර්ශමත් මාතාවක්, දිරිය කාන්තාවක් ලෙස ඇය අප වෙත උරුමකරදුන් මතකයන් ගැන කතා කිරීමද සැමට සෙතක් වනු ඇත.
කොටහේන ප්‍රදේශයේ නමගිය ලී කැටයම් කලා ශිල්පියෙකු වූ සරනේලිස්හාමි මහතා සහ මෙස්සිනාහාමි මහත්මියට දාව පවු‍ලේ පස්වැනි දරුවා ලෙස වර්ෂ 1935 මැයි මස 25 දා උපන් බිළිඳියට ඔවුහු මිලිනා යනුවෙන් නම තැබූහ. තම පවුලට වාසනාව රැගෙන ආ දියණිය ලෙස ඔවුහු පුංචි මිලිනා ගැන කතා කළේ මිලිනා උපන් දා පටන් සරනේලිස්හාමි මහතාගේ ව්‍යාපාර දිනෙන් දින දියුණුවීම නිසාය.
කොටහේන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මිලිනා හට සුමතිපාල නම ලැබෙන්නේ දකුණෙන් කොළඹට පැමිණ ව්‍යාපාර කටයුතු ඇරඹූ යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා සමග විවාහවීමෙන් පසුවය.
සුමතිපාල මහතාගේ ව්‍යාපාර කටයුතු සඳහා බිරිඳක ලෙස සිය දායකත්වය උපරිමයෙන්ම ලබාදුන් මිලිනා සුමතිපාල මහත්මිය දරුවන් හත් දෙනෙකුගේ ආදරණීය මවක් වූවාය.
සන්ධ්‍යා කමනි, උද්‍ය රමණි, ජගත්ප්‍රිය අනුර, අනෝජා කුමුදුනී, ජනප්‍රිය තිලංග, අනුෂා රංගනී සහ ශානිකා නිශානි එම දරුවන්ය. තම දරුවන් කුඩා කාලයේදීම සුමතිපාල මහතාගේ අභාවය සිදු වූ නමුත් මෙම දිරිය කාන්තාවගේ සමාජ ආගමනය සිදුවන්නේ එතැන් පටන්ය. එම ගමනේ අතරමැදදීද ඇය සමාජයට අපරිමිත සේවයක් සලසමින් ආචාර්ය මිලිනා සුමතිපාල නමින් දෙස් විදෙස්වල පවා කීර්තියට පත්වන්නීය.
“බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන දළදා මාලිගාවට රන් සිවිගෙයක් පූජා කරමින් ඇය සිය ජීවිත කාලය තුළ මහානිශංස පින් රැස් කරගෙන තිබෙන අතර ඇය කර ඇති සේවය දෙස බැලීමේදී මිලිනා සුමතිපාල මහත්මිය නූතන විශාඛාව ලෙස හැඳින්වීමේ වරදක් නැති බව සොළොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි මාහිමියෝ ඇයගේ අභාවය සමග සඳහන් කළහ.
හේමමාලා හා දන්ත කුමරු ධාතූන් වහන්සේ වැඩම කරවීම දක්වන ප්‍රතිමාවක් කරවා පූජා කිරීම, දඹදිව දුගී ජනයා වෙත නිවෙස් තනාදීම සඳහා ධන පරිත්‍යාග කිරීම, කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ෙචෙත්‍යයක් ඉදිකිරීම, වෙහෙරහේන විහාරස්ථානයේ අඩි සියයක මල් ආසනයක් කරවා පූජා කිරීම, කොළඹ හුනුපිටියේ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිට අටලොව දහම පිළිබිඹු වන තොරණක් සාදවා දීම, ගම්‍පොළ විහාරයට භික්ෂු විවේකාගාරයක් කරවා දීම, කතරගම ගංගාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන විශ්‍රාම ශාලාවට අංගසම්පූර්ණ කාමරයක් කරවා දීම, බෙල්ලන්විල රජ මහා විහාරයේ ෙචෙත්‍ය වටා ඇති ප්‍රධාන මල් ආසන 4න් එකක් කරවා පූජා කිරීම. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට මුදල් පරිත්‍යාග කිරීම ඇතුළු ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය විසින් කරන ලද ශාසනික සේවාවන් පිළිබඳව වෙනම ග්‍රන්ථයක් වුව ලියා තැබිය හැකිය.
“ධෛර්යයේ ආදර්ශනීය මාතාවක් වුද ශ්‍රී ලාංකේය කාන්තා පෞරුෂයේ නිදර්ශනීය චරිතයක් වූද දානපති මිලිනා සුමතිපාල නමැති සුවඳැති කුසුම මිලිනව යෑම බෞද්ධ ලෝකයාටත් ශ්‍රී ලාංකේය ජනතාවටත් පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරිකර ඇති බව වදාළේ බම්බලපිටිය වජිරාරාමාධිපති අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක තිරිකුණාම‍ලේ ආනන්ද හිමියෝය.
ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය බෞද්ධ මහා උපාසිකාවක ලෙස ප්‍රකට ශාසනික මෙහෙයක් ඉටුකළ අතර ඇය සමාජයීය  ඉටුකළ අනිකුත් සේවාවන් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය ඉටුකර ඇති සේවාවන්ද අප්‍රමාණය.
ඒ අතර කොළඹ මහ රෝහලට ඔක්සිජන් කාමරයක් නිම කරවා දීම, කොළඹ ජාතික රෝහ‍ලේ ස්නායු වෛද්‍ය ඒකකය සෑදීමට මුල්වීම හා ධන පරිත්‍යාග කිරීම, කොළඹ ද සොයිසා කාන්තා රෝහල සඳහා සූතිකාගාරයක් තනවා දීම එම රෝහ‍ලේ කමිටු සභාපතිනිය ලෙස රෝහ‍ලේ රෝගී වාට්ටු අලුත්වැඩියාකරදීම, සොයිසා කාන්තා රෝහලට රෙදි සෝදන හා වේලන යන්ත්‍ර ලබාදීම, කොළඹ අක්ෂි රෝහලට තම ධන පරිත්‍යාගවලින් උපකාර කිරීම ඇතුලු බොහෝ රෝහල් සඳහා කර ඇති උපකාර හා සත්කාර අපමණය.
“සම්ප්‍රදායික ස්ත්‍රී චරිතාපදාන තුළ අපට බොහෝ විට හමුවන්නේ අභියෝගයන්ට අවනතව ඉරණමට සියල්ල පවරා නිහඬ වතින් ජීවිතය දරා සිටින කාන්තාවන්ගේ චරිත වස්තූන්. එහෙත් මිලිනා සුමතිපාල මහත්මියගේ භූමිකාව තුළ හුස්ම ගන්නේ චිරාගත පවුල් සම්ප්‍රදායට අනුගතව සැමියාගේ සාර්ථකත්වය පසුබිමෙහි අභියෝගාත්මක දැවැන්ත කාර්ය භාරයක් සපුරාලු ධෛර්ය සම්පන්න බිරිඳකගේ සහ මවකගේ අධිෂ්ඨානශීලී ප්‍රතිවුර්තියේ පරාවර්තනය බව සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ මහතා මෙම අදහස් සනිටුවන් කර තිබුණේ ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ වියෝව පිළිබඳව නිකුත්කර තිබූ විශේෂ පණිවිඩයේය.
සිංහල බෞද්ධයින්ගේ හද ගැස්ම බදු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යනු මේ රටේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයින්ට සෙවණ දුන් නිවහනය. අධිරාජ්‍යවාදීන්ගේ අණසකින් බැටකමින් සිටි සිංහල බෞද්ධයින්ට එරෙහිව රට පුරා නැගුණු විරෝධතා හමුවේ ගොඩනැගුණු බොදු මහා සමුළුව මුළු ලෝකය පුරාම තම අණසක පතුරවමින් බෞද්ධයින්ගේ අයිතීන් හා වරප්‍රසාද දිනාදීමට ඇපකැපවූහ. එවන් සුවිශේෂී බෞද්ධ සංවිධානයක් අඳුරු යුගයකට ඇදවැටී තිබූ යුගයක නිර්භවය හා එඩිතරව බොදු මහ සමුළුවේ සභාපතිකම ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය විසින් භාරගන්නීය. බොදු මහ සමුළුවේ එකම කාන්තා සභාපතිනිය ලෙස ඇයගේ නම ඉතිහාසයට එකතුවී ඇති අතර ඇය විසින් එම තනතුර දරමින් සකල බොදුනුවන්ගේ උන්නතියට හා සම්බුද්ධ ශාසනයට කළ මෙහෙය සුළුපටු නොවන්නීය.
ත්‍රස්තවාදී උවදුරුවලින් මුළු කොළඹ නගරයම වෙලාගෙන උතුම් වූ වෙසක් මංගල්‍යයටත් මුළු කොළඹ නගරයම ඝන කලුවරින් වැසීගොස් තිබුණි. බොදු මහ සමුළුවේ සභාපතිනිය ලෙස අභීත තීරණ ගනිමින් රට පුරා වෙසෙන බොදුනුවන් වෙසක් ‍පොහොයදාට කොළඹට ගෙන්වීමේ අරමුණින් සහ වෙසක් ‍පොහොයදාට කොළඹ නගරය ඒකාලෝක කිරීමේ අරමුණ මත හිඳිමින් බෞද්ධාලෝක වෙසක් කලාපය 2000 වසරේදී බොදුනුවන් වෙනුවෙන් දායාද කරන්නේ ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය විසිනි.
අද වන විට රට පුරා වෙසක් කලාප කොතෙකුත් පැවැත්වුණත් අග නගරයේ පළමු සහ ප්‍රධානතම වෙසක් කලාපය ලෙස ඉතිහාසගත වී ඇත්තේ බෞද්ධාලෝක වෙසක් කලාපයයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති තනතුරට අමතරව ඇය විසින් ඒකාලෝක කළ තවත් තනතුරු ද බොහෝය. ඒ අතර ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමා පදනමේ අනුශාසක ධුරය, සීමාසහිත ස්නායු වෛද්‍ය ආයතන භාරකාර අරමුද‍ලේ අනුශාසිකා, ජාතික ‍ලේ දීමේ සේවයේ සභාපතිනි, කොළඹ ශාන්ති පදනමේ අනුශාසිකා, අසරණ සරණ කුලඟණ සමිතියේ සභාපතිනි, සම්බෝධි විහාරයේ අනුශාසිකා, ශ්‍රී ජිනරතන භික්ෂු විද්‍යාලයේ උපදේශක, චිත්‍රපට කර්මාන්තකරුවන්ගේ සංවිධානයේ සභාපති, සිරකරු සුබසාධන සංගමයේ අනුශාසක යන තනතුරු කැපී පෙනෙන්නේය. මීට අමතරව ඇය තවත් බොහෝ සමාජ සංවිධාන හා කාන්තා සංවිධානවල ක්‍රියාකාරී මෙන්ම කැපී පෙනෙන සාමාජිකාවක් වූවාය. “කලාවට මෙහෙවරක් කළ සිය දරුවන් යහමගට යොමු කළ ආදර්ශමත් කාන්තාවක්” ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය පිළිබඳව මෙවදන් සනිටුවන් කර තිබුණේ මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මියයි. “ඇය සෑම ක්ෂේත්‍රයකින්ම සාර්ථකත්වය ළඟා කරගත් සුවිශේෂී කාන්තාවක්” ප්‍රවීණ සිනමාවේදී සුමිත්‍රා පීරිස්  මහත්මිය එලෙස සටහන් කර තිබුණාය.
ආචාර්ය මිලිනා සුමතිපාල නැමැති අපගේ කතානායිකාව සැදැහැකාමී උපාසිකාවක් වෙමින් සිංහල සිනමාව අස්වැද්දවීමට කළ මෙහෙයද සුලුපටු නොවේ.
ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂා වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා සිනමා ක්ෂේත්‍රයට මහා මෙහෙයක් කළ සුවිශේෂී චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූයේය.  “උන්නත් දාහයි මළත් දාහයි“ යන සුවිශේෂී සිනමා පටය සුමතිපාල මහතාගේ පළමු නිෂ්පාදනය වූයේය. එතැන් පටන් සුමතිපාලයන් නිෂ්පාදනය කළා වූ සියලු සිනමාපට සඳහා තමන්ගේද සහාය තම සැමියා වෙත ලබාදීමට මිලිනා සුමතිපාල මහත්මිය දක්ෂ වූවාය. ඒ තුළින් එතුමිය කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූවාය.
සුමතිපාල මහතා මියගිය පසු අනිකුත් ව්‍යාපාර කටයුතුවලටද නිසි මගපෙන්වීම ලබාදුන් මිලිනා මැතිනිය, සිනමාපට නිෂ්පාදනයට අත්‍පොත් තබමින් අදටත් මෙරට රසිකයින්ගේ මතකයේ රැඳී ඇති “ගඟ අද්දර” ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන්නට සමත් වූවාය.
ගඟ අද්දර සිනමා පටයෙන් මිලිනා සුමතිපාල මැතිනිය ලැබූ ශුද්ධ ලාභය ලක්ෂ 15 පමණ විය. මෙම මුදල තම පවු‍ලේ පරිහරණයට නොගත යුතු යැයි මිලිනා සුමතිපාල තීරණය කළාය. මෙම චිත්‍රපටය නිෂ්පාදනයට තමාව පෙළඹ වූ තම සැමියා වෙනුවෙන් ඔහුට පින් පිණිස මෙම සම්පූර්ණ මුදලම පුණ්‍ය කටයුතු සඳහා යෙදීමට ඇය ක්‍රියා කළාය.
පුංචි තිරයේ මහා කලා මංගල්‍යය වන සුමති සම්මාන උළෙල පිළිබඳව කලා කරුවන් තුළ මෙන්ම කලාකාමී රසිකයන් තුළ ඇත්තේද ඉමහත් ගෞරවයකි. සුමති සම්මාන උළෙ‍ලේ සුවිශේෂීතම සම්මානය වන්නේ කලාකරුවෙකු සඳහා ජීවිතයේ එක් වතාවකදී පමණක් හිමිවන යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානයයි. මෙම සම්මානය තෝරාගත් කලාකරුවෙකු වෙත තිළිණ කළේ ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ දෑතිනි. ඇය මිය යන තෙක්ම එම ක්‍රියාව සඳහා සම්බන්ධ වූයේ තම ස්වාමියා වෙනුවෙන් කරන උතුම්ම ගෞරවයක් ලෙස සහ කලාකරුවන් වෙත එතුමිය තුළ තිබූ මහා ලෙන්ගතුකම පෙරදැරිවය.
ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය විසින් නිෂ්පාදනය කළ දුවට මවක මිස, උප්පලවණ්ණා, පත්තිනි යන සිනමා පට සඳහාද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිය. ඇය සිය චිත්‍රපට තුළින් බොහෝ සෙයින් උත්සුක වූයේ බෞද්ධ සමාජය හා කාන්තාව ඉස්මතු කරවීමටය.
මෙලෙස තතු එකින් එක පෙළගස්වමින් මිලිනා සුමතිපාලයන්ගේ ජීවන ගමන ලිපියකට පෙළගැස්වීම තරම් අපහසු කාර්යයක් තවත් නැති තරම්ය. ලොවෙන් එකෙකු එක  දෙයකට වෙයි සමත කියූ කියමනද බොරුවක් කළ ඇය අපගෙන් සමුගෙන වසරකට ආසන්න කාලයක් ගෙවුණත් අදටත් අප හදවත් වලට දැණෙනුයේ ආචාර්ය මිලිනා සුමතිපාල මැතිනිය තවමත් අප අතර ජීවත්වනවා කියාය.

සටහන පානුක රාජපක්ෂ

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5251

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3646

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5132

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5748

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6568

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4062

Please publish modules in offcanvas position.

X

Right Click

No right click