Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පොහොර හිඟයට විසඳුමක් නැතිනම් 2018 දී කෑම හිඟයක්

පොහොර හිඟයත් සමගම බොහෝ ගොවීහු දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවට මේ දිනවල විටින් විට අසන්නට ලැබෙන්නකි. මේත් සමග ගොවීහු මැසිවිලි නගමින්ද සිටින්නේය. ඇතිවූ ‍පොහොර හිඟය පිළිබඳවත්, ඊට විසඳුම් ලෙස ගොවීන් ඉදිරිපත් කරන යෝජනා පිළිබඳවත් දැනගැනීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරණාරත්න මහතා මෙලෙස සම්බන්ධ කරගත්තෙමු.
පොහොර හිඟයත් සමගම ගොවීහු මුහුණපාමින් සිටින ගැටලු මොනවාද?
මේ වන විට උග්‍ර ‍පොහොර හිඟයක් නිර්මාණය වෙලා ගොවීන් විශාල
දුෂ්කරතාවයන්ට මුහුණපාමින් ඉන්නේ. ඒ වගේම ‍පොහොර සල්ලි ගොවියට කලට වේලාවට දැම්මේ නැහැ. මඩ ‍පොහොර ගහන්න ඕනේ වපුරන්න කලින් ගොයමට. යූරියා ගහන්න සති හතරෙන් පස්සේ දවස් 45 න් බන්ඩි ‍පොහොර ගාන්න ඕනේ. කන්න තුනක්ම ‍පොහොර ප්‍රශ්නෙත් එක්කම ගොවියාට වගා කරන්න බැරි වුණා. ගොවීන්ගේ කණකර ආභරණ පවා උකසට ගිහිං. ගොවියා ‍පොහොර ගන්න ගියාම කඩේ ‍පොහොර නැහැ. ‍පොහොර කඩෙන් ගන්න බැරි තරමට ගිනි ගණන්.
‍පොහොරවල ප්‍රමිතියකුත් නැහැ.
දැනට වෙළෙඳ‍පොළේ පවතින ‍පොහොරවල මිල ගණන් කොපමණද?
කිලෝ ග්‍රෑම් 40 ‍පොහොර පැකට් එකක් රුපියල් 3000කටත් එහාට ගිය මිලකට ගන්න ගොවීන්ට සිද්ධ වෙලා.
මේවනවිට ‍පොහොර නිකුත් කරන සමාගම් සංඛ්‍යාව කොපමණද?
‍පොහොර සමාගම් රජය යටතේ තිබෙන්නේ. ‍පොහොර නිකුත් කරන සමාගම් 64ක් පමණ දැනට අපේ රටේ තියෙනවා.
වසරකට ගොවීන්ට අවශ්‍ය ‍පොහොර ප්‍රමාණය කොපමණද?
2015 සම්පූර්ණයෙන් වී වගා කරලා තියෙන භූමිය හෙක්ටයාර් දොළොස් ලක්ෂ පනස් හතරදහසක්. ඒ සඳහා ‍පොහොර මෙට්‍රික් ටොන් අටලක්ෂ හැත්තෑ තුන්දහසක්. 2016 හෙක්ටයාර්එකොළොස් ලක්ෂ දහහතරදහසක් වගා කළා.  ඒ වෙනුවෙන් ‍පොහොර මෙට්‍රික් ටොන් පන්ලක්ෂ විසි හත්දහසක් ගෙන්වනවා. 2016 මහ කන්නයේ වගා කළ හත්ලක්ෂ පනස්හයදහක්. ඒ වෙනුවෙන් ගෙන්නුවා මෙට්‍රික් ටොන් දෙළක්ෂ පනස්පන්දහක්.
මේ විදිහට ‍පොහොර හිඟයක්  නිර්මාණය වීමට බලපෑ හේතු මොනවාද?
රටට වසරකට අවශ්‍ය වන ‍පොහොර ප්‍රමාණය පිළිබඳව ආණ්ඩුවට අනිවාර්යෙන්ම අදහසක් තියෙන්න ඕනේ. ඒ වගේ යල මහ කියලා කන්න දෙකක් තිබෙන බවත් ආණ්ඩුව දැනගන්න ඕනේ. මාස් කන්න පටන්ගන්නකොට කන්න තුනක් වගා කරගන්න බැරිවෙච්ච වාතාවරණය ඇතුළේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා ගොවියට අවශ්‍ය ‍පොහොර ටික සපයන්න. හැබැයි ආණ්ඩුව නිසි වේලාවට ‍පොහොර ගෙන්වූයේ නැහැ. ඒ වගේම මේ ‍පොහොර හිඟයත් එක්කම ගොවීන් විශාල උද්ඝෝෂණයක් කළා. මේ උද්ඝෝෂණයත් එක්කම ‍පොහොර මෙට්‍රික් ටොන් විසිදහසක් පහුගිය දවස්වල එළියට දැම්මා. අපි චෝදනා කරනවා තියෙන ‍පොහොර ටිකත් හංඟලා ‍පොහොර හිඟයක් නිර්මාණය කළ බවට. ඒ හිඟය ඇතුළේ ‍පොහොර මිල ඉහළ දැම්මා. ගොවියා මේ ‍පොහොර හිඟය ඇතුළේ කොයිතරම් අසරණ වෙලාද කිව්වොත් දැන් ගොවීයා ඉන්නේ රුපියල් 10,000යි කිව්වත් ‍පොහොර මිල දී ගන්න තැන. මොකද තමුන්ගේ ගොයම රැකගන්න ඕන හින්දා.
පොහොර හිඟයට ගොවීන් යෝජනා කරන පිළියම් මොනවාද?
‍පොහොර හිඟයත් එක්කම ගොවියාගේ අස්වැන්න අඩුවෙනවා. මේ විදිහට ගියොත් 2018 වන විට කෑම හිඟයකුත් එන්න පුළුවන්. අඩුවෙන අස්වැන්නවල වගකීම ආණ්ඩුව  භාරගන්න ඕනේ. ඒ නිසා ඒකට  ආණ්ඩුව ගොවියාට වන්දි ගෙවන්න ඕනේ. ඒ වගේම අද බොහෝ තැන්වල  තියෙන්නේ කවලම් කරපු ප්‍රමිතියෙන් තොර ‍පොහොර. ඒ හින්දා මේ ‍පොහොර ප්‍රමිතිගතව ගොවීන්ට ලබාදෙන්නත් රජය වගකීම භාර ගන්න ඕනේ. ඉක්මනින්ම ‍පොහොර ටික ලබාදෙන්න ගොවීන්ට ඉක්මනින් වන්දි ලබා දෙන්න කියලා අපි රජයට අවධාරණය කරනවා.

සමන්මලී නැලිගම

IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1492

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1771

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3031

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1617

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1941

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3515

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click