Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුන්දර වළං තනන්නන්ගේ අසුන්දර කතාව

ඈත අතීතයේ සිටම අපේ රටේ දේශීය මැටි වළං කර්මාන්තය ඈත පිටිසර ගම් දනව්වල ව්‍යාප්තව පවතින කර්මාන්තයකි. සුන්දර මැටි භාණ්ඩ භාවිතය පරිසර හිතකාමී මෙන්ම සෞඛ්‍යාරක්ෂිතය. බලයට පත්වූ හැම රජයක්ම පැවැසුවේ දේශීය මැටි වළං කර්මාන්තයට අත හිත දී එම කර්මාන්ත කරුවන්ගේ දායකත්වය රටේ සංවර්ධනයට යොදා ගන්නා බවකි.
නමුත් කිසිදා එම ‍පොරොන්දු  ඉටු වූ බවක් නම් අසන්නට දකින්නට නැත. බලධාරීන් පැවැසූ එම කතා සුරංගනා කතා ලෙස අතීතයට එක්වූවා පමණි. සිදුවූ යහපතක් නම් නොමැත. දේශීය කර්මාන්තකරුවා සංවර්ධනය කිරීම සඳහා අතහිත දෙන බවට දේශපාලනඥයින් සහ රජයේ බලධාරීන් පැවැසූ කතා අදටත් සුරංගනා කතා පමණි. 
ගල්ගමුව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ කෙළවරක පිහිටි පලුගස්සෑගම ගම්මානය වසර ගණනාවක සිට දේශීය මැටි වළං කර්මාන්තයේ නිරතව සිටින පිරිසක් ජීවත් වන ගම්මානයකි. මේ වනවිටත් පවුල් පනහකට ආසන්න පිරිසක් මැටි වළං කර්මාන්තයේ නිරතව සිටිති. 
මුළු රටක ජනතාවගේ නෙත් සිත් වසඟ කරන අන්දමින් පලුගස්සෑගම ගමේ වළං කරුවන් අපූරු නිර්මාණ බිහි කරති. පාරම්පරිකව උරුම වූ දැනුම උපයෝගී කරගෙන සුන්දර නිර්මාණ බිහි කරති.
සුන්දර වළං නිපදවන ඔවුන්ගේ ජීවිත ඒ තරම් සුන්දර නොවන බව පලුගස්සෑගම ගමේ වළං කර්මාන්තකරුවන්ගේ ජීවන අන්දරය රටට කියන්නට ඔවුන් සොයා ගිය ගමනේදී අත් විඳින්නට සිදුවිය.
වසර තිහක පමණ කාලයක සිට මැටි වළං කර්මාන්තයේ නිරතව සිටින කේ. බි. ඩබ්ලිව්. ඩිංගිරි නයිදේ මහතා මෙසේ පැවසුවේය.
“පලුගස්සෑගම ගමේ ජීවත් වන අපි පාරම්පරිකව වළං කර්මාන්තයේ නිරත පිරිසක්. මුට්ටි, හට්ටි, නෑබිලි, මාළු මූඩි, ඇතිලි වාගේ දේවල් අපි හදනවා. ඒ වළං විකුණලා තමයි අපි ජීවිතේ ගැට ගසා ගන්නේ. ඒත් හම්බ කරන මුදල එදිනෙදා කන්ඩ බොන්ඩ වියදම් වුණාම වෙන වැඩකට ඉතුරු වෙන දෙයක් නැහැ. ගමේ හුඟක් දෙනෙකුට වළං හදන මඩු නැහැ. පදිංචි වෙලා ඉන්න ගෙවල් ඇතුළෙමයි වළං හදන්නේ.”
වළං හදන මඩු නොමැති නිසා ඔව්හු අසරණ වී සිටිති. මඩු සකස් කර ගැනීම සඳහා කවුරුන් හෝ ආධාර උපකාර කරන්නේ නම් ලොකු සහනයකි.
වළං සකස් කිරීම සඳහා අවශ්‍ය මැටි ප්‍රවාහනය කිරීමේදී ඔවුන් විඳින අපහසුතාව ගැන කේ. බි. අප්පූනයිදේ මහතා මෙසේ පැහැදිලි කළේය.
“ගමේ අය වළං හදන්ඩ අවශ්‍ය මැටි ලබා ගන්නේ කිලෝ මීටර් දෙකහමාරක් විතර දුරින් පිහිටි කිවුල්ලෑව වැවෙන්. ට්‍රැක්ටර් වලින් ගේන්ඩ රුපියල් දෙදාහක් විතර යනවා. මැටි ප්‍රවාහනය කිරීමේදී ‍පොලීසියෙන් නිතරම කරදර සිද්ධ වෙනවා. ඒ සඳහා කවුරු හරි මැදිහත් වෙලා බලපත්‍රයක් වැනි නීත්‍යානුකූල ලියවිල්ලක් ලබා දෙනවා නම් ලොකු සහනයක්.”
පිරිමින් සමග හරි හරියට පලුගස්සෑගම ගම්මානයේ කාන්තාවෝද මැටි වළං කර්මානතයේ නිරතව සිටිති. 
“මැටි වළං පුච්චා ගන්ඩ සුදුසු තත්ත්වයේ ‍පෝරණු ගමේ හුඟ දෙනකුට නැහැ. හුඟාක් ‍පෝරණු දිරාපත් වෙලා. වැස්ස කාලෙට ඒ ‍පෝරණුවල වළං පුච්චන්ඩ බැහැ. සුදුසු තත්ත්වයේ ‍පෝරණු නැති එක ලොකු ගැටලුවක්.” යැයි ආර්. බි. රංමැණිකා මහත්මිය  පැවසුවාය.
මීගස්සෑගම ගමේ බොහෝ දෙනෙක් අදටත් මැටි වළං නිර්මාණය කරන්නේ ලී වලින් සකස් කරන ලද සක‍පෝරුවලිනි. ඒ සඳහා පුද්ගලයින් දෙදෙනකු අවශ්‍යවේ.
කේ. බි. ඩබ්ලිව්. ජයවර්ධන මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
“විදුලි සක‍පෝරු තියෙනවා නම් තනියෙම වළං හදන්ඩ පුළුවන්. විශාල වළං ප්‍රමාණයක් හදන්ඩත් පුළුවන්. රජයෙන් විදුලි සක‍පෝරු දෙන්ඩ මැදිහත් වෙනවා නම් ලොකු සහනයක්. අපි විදුලි සක‍පෝරු නිකන් දෙන්ඩ කියලා ඉල්ලන්නේ නැහැ. මොකක් හරි සහනදායි වැඩ පිළිවෙළක් සකස් කරලා දෙන්ඩ කියලයි අපි ඉල්ලා හිටින්නේ.”
පලුගස්සෑගමට අල්ලපු ගම්මානය වන්නේ කපුහේනේගම ගම්මානයයි.
වළං සකස් කිරීමට මැටි තලා ගැනීම සඳහා රජයෙන් දුන් මැෂිමක් එම ගම්මානයේ ගොඩනැගිල්ලක් තුළ සවි කර තිබේ. නමුත් එම උපකරණය වසර දහයකටත් වඩා කාලයක් කිසිම ප්‍රයෝජනයකට නොගෙන දිරාපත් වෙමින් ඇති අයුරු දක්නට ලැබේ.
“ඒ මැටි තලන මැෂිම වැඩකට ගන්නේ නැතුව නිකන් දිරිපත් වෙනවා. ඒ මැෂිම අපේ ගමට දෙන්ඩ කියලා අපි අවුරුදු ගාණක් තිස්සේ ඉල්ලා සිටිනවා. ඒත් කිසිම වගකිව යුතු කෙනෙක් ඒ කටයුත්තට මැදිහත් වෙන්නේ නැහැ.” යැයි කේ. බි. ඩබ්ලිව්. ආරියවතී මහත්මිය පැවසුවාය.
දහසකුත් එකක් අඩුපාඩු තිබුණද පලුගස්සෑගම ගමේ ජනතාව අදටත් මැටි වළං කර්මාන්තය අතහැර නොමැත. මැටි ගොඩවල් සමග ‍පොර බදමින් මැටි වළාං සකස් කිරීම කරති. පාරම්පරිකව දැනුම ඇති මේ කර්මාන්තකරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා දී ඒ දැනුමෙන් රටේ ජාතික නිෂ්පාදිතයට සේවය ලබා ගැනීම රටේ බලධාරීන්ගේ වගකීම නොවන්නේද?
 
දීපිකා පතිරාජ - රාජාංගණය/ චන්ද්‍රරත්න ඉලංගකෝන්
fShare
1
IMAGE

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 1487

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 1762

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 3023

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 1609

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

IMAGE 2018 Jan 15 08:37
සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි...
Views - 1936

හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

IMAGE 2018 Jan 14 13:05
නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර...
Views - 3507

Please publish modules in offcanvas position.

Web Analytics
X

Right Click

No right click