Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

එක පෙළට සිදුවෙන දළ ඇතුන්ගේ ඝාතනවලට වගකිව යුත්තේ කවුද?

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඛිෙදනීය මරණය ඇති කළ කම්පනයෙන් තවමත් රට මිදී නැත. ඝාතනය කරන ලද අන් හස්තීන්ට මෙන් නොව දළ පූට්ටුවා වෙනුවෙන් කරන පින් පැමිණවීම් මෙන්ම වරද කළ වූවන්ට දඬුවම් ඉල්ලා කරන දේව කන්නලව්ද තවමත් විවිධ පළාත්වලින් වාර්තා වෙයි. ඊට හේතු දෙකකි. ඒ ගල්ගමුවේ දළ පූට්ටුවා මිනිසුන් විසින් කරන ලද අනේක විධ ශාරීරික හිංසාවන් ගෙන් පීඩා විඳිමින් සිටියදී මෙලෙස අකල් මරණයකට පත් වීම සහ අන් වන අලින්ට සාපේක්ෂව මිනිසුන් සමග යම් සහජීවනයක් පවත්වාගෙන යෑම ඒ හේතු දෙකය. කෙසේ වෙතත් දළ පූට්ටුවා වෙනුවෙන් හෙළු කඳුළු වියැකෙන්නටත් පෙර තවත් එවැනිම සාහසික අපරාධ වැලක් වාර්තා වීම වෙනස්ම ආකාරයේ කතිකාවකට මගපාදා තිබේ.
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර සොයා ගත් දින සිට දින හතක් ඉකුත්වන්නට පෙර තවත් දළ ඇතුන් සිව්දෙනකු පුත්තලම, කැකිරාව, තබ්බෝව ආදී ප්‍රදේශවලදී ඝාතනයට ලක්වීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්දැයි මේ වන විටත් සැක පළවන්නට පටන් ගෙන තිබේ.
මෙම සැකය පරිසරවේදීන් තුළ පමණක් නොව වනජීවී විෂය භාර අමාත්‍යවරයා වන ගාමිණී ජයවික්‍රම පෙරේරා තුළද ඇතිව ඇති බව ඔහු විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශවලින් තහවුරු වෙයි. සති දෙකක් තුළ දළ ඇතුන් මේ තරම් ගණනක් මරා දැමීම කුමන්ත්‍රණයක් වියහැකිය. මේ පිළිබඳ වරදකරුවන් වන අයට වහා දඬුවම් පැමිණවිය යුතුයි. දුර්ලභ සතුන් මරණ අයට පවතින නීති රීති වෙනස් කර හෝ දැඩි දඬුවමක් දිය යුතුයි යනුවෙන් වනජීවී විෂයභාර ඇමැතිවරයා ප්‍රකාශ කළ බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
කෙසේ වෙතත් පසුගිය සතියේ වාර්තා වූ ඇතුන්ගේ මරණ සියල්ලම මානව ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල බව ඒ සිදුවීම් ගැන 
පරීක්ෂණ කරන ‍පොලිස් සහ වනජීවී නිලධාරීහු සහතික කරති.
පසුගිය සතියේ මුලින්ම වාර්තා වූ ඇත් මරණ සිදුව තිබුණේ සිරම්බිඅඩි ප්‍රදේශයේදීය. ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන රක්ෂිතයක දිවි ගෙවූ සෙල්ලං කන්දේ තනි දළයා නම් ඒක දන්ත හස්තියාගේ මරණයයි. තනි දළය නිසාම කොයි කාගේත් අවධානයට ලක් වූ මේ හස්තියාගේ මරණයට හේතුව වස ශරීර ගත වීම බව මරණ පරීක්ෂණය සිදුකළ අනුරාධපුර පණ්ඩුල ගම වනජීවී ඒකකයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ පවසන්නේය. අඩි 9කට ආසන්න උසකින් යුත් දැවැන්ත හස්තියෙකුට මරු කැඳ විය හැකි උග්‍ර විෂක් ප්‍රදේශවාසීන් අතර ගැවසීම වනසතුන්ට පමණක් නොව මිනිසුන්ටද තර්ජනයකි. මේ වනතුරුත් මීට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැති අතර පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව දැනගන්නට තිබේ.
සෙල්ලංකන්දේ තනි දළයාට පසු වාර්තා වූ අනෙක් ඝාතනය වූයේ තබ්බෝව ප්‍රදේශයේදී ඇතෙකු වෙඩි තබා මරා දැමීමය. මෙම සිදුවීමට අදාළ එක් පුද්ලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි. ඊළඟ ඇත් මරණ වාර්තා වූයේ කැකිරාව අළගොල්ලා වැව ළඟදීය. එහිදී සිදුව තිබුණේ නීතිවිරෝධීව අදින ලද විදුලි රැහැනක පැටලීමෙන් සද්ධන්ත ඇත් රජෙකු මිය යෑමය.
පිට පිට වාර්තා වූ සිව්වැනි අලි මරණය පසුගිය 12 වැනිදා තිරප්පනෙන් වාර්තා විය. එහිදී මිය ගොස් සිටියේ ගැබ්බර කෙනරකි. එයද වෙඩි වැදීමකින් සිදුවූ බව වාර්තා වන අතර, නවගත්තේගම තම්මැන්නා වැටිය සහ රිටිගල ස්වාභාවික රක්ෂිතය ආශ්‍රිතවද පසුගිය දින 10 තුළ අලි ඇත් මරණ වාර්තා වී ඇත.
මෙම අලි ඇත් මරණවලින් එකක් වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව සතු රක්ෂිතයක ද තවත් එකක් වනජීවී දෙපාර්තමේන්තුව සතු රක්ෂිතයකද සිදුව ඇත. ඉතිරි ඒවා සියල්ල ගම්මාන ආශ්‍රිත හුදකලා බැදි කුට්ටි සහ වැව් පිටි ආශ්‍රිතව වී ඇත. එහෙත් මේ ඇත් මරණ සම්බන්ධව බොහෝ දෙනා සෘජුවම චෝදනා කරනුයේ වනජීවී දෙපාර්තමේන්තුවටය. එහෙත් එලෙස චෝදනා කිරීම සාධාරණ නොවනා බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය (අධ්‍යක්ෂ සෞඛ්‍ය) තාරක ප්‍රසාද් පවසන්නේය. 
ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 14ක් විතර පාලනය වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවෙන්. මේ ප්‍රමාණය රට පුරාම විසිරී තිබෙනවා. ඒ වාගේම දැඩි භූ විෂමතාවක් සහිත කලාපයක් මින් ආවරණය වෙනවා. ඒත් අපට ක්‍ෂේත්‍ර රාජකාරීවලට ඉන්නේ 850ක විතර පිරිසක්. ඇතැම් අයට මාස ගණනක් නිවාඩු ගන්න විදිහක් නෑ. ඒ තරම් අසීරුතා මැද තමයි අපි කටයුතු කරන්නේ. 
වයඹ වනජීවී කලාපය ආශ්‍රිතව සේවය කරනා වනජීවී දෙපාර්තමේන්තු සේවකයකු අප හා පැවැසුවේ මෙවැනි අදහසකි. ඩී.ජී.ගේ අවසරය නැතිව පත්තරවලට කතා කරන්න අපිට බෑ. ඒත් පත්තරවල අය නිතර අපිට මුණගැසෙන්නේ නෑ. ඒ හින්දයි මේ ටිකවත් කියන්නේ. අලි ගම් වදින එක වළකන්න තමයි විදුලි වැටවල් හදලා තියෙන්නේ. ඒවායේ කම්බි කපලා විකුණන්නේ ගම්වලට මිනිස්සු. සමහර අය මේ කම්බිවලින් නීති විරෝධීව විදුලිය අරගෙන වගා බිම්වලට දානවා. තවත් අය පන්දලම් බඳිනවා. අලි වැටේ බැටරි ට්‍රාන්ස්ෆෝමර් ගලවා විකුණනවා. මේවා කරන්නේ ගම්වල මිනිස්සු නැතිව වනජීවී එකේ අපි නොවෙයි. අන්තිමට අලි ගමට පැන්නට පස්සේ බෝඩ් අරං පාරට එනවා උද්ඝෝෂණයට. අලි ගහලා මරපු අයගේ මිනී පෙට්ටි මහ පාරට ගෙනල්ලා මැරිච්ච අයටත් අවනම්බු කරනවා. ඒත් හිතන්නේ නෑ. විදුලි වැට කඩලා අලි ගමට ගෙන්න ගන්නේ අපිමයි කියලා. අනිත් එක දේශපාලන ඇඟිලි ගැසීම්. කිසිම වනජීවී මහත්තයෙකුට වැඩ කරන්න දේශපාලකයෝ දෙන්නේ නෑ. හිටපු ඩී.ජේ. (සුමිත් පිලපිටියට ) යන්න වුනෙත් ඔය දේශපාලන ඇඟිලි ගැසීම් නිසා. 
කෙසේ නමුත් වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ පවසනුයේ අලි හා මිනිසුන් අතර ඇතිව ඇති මේ ගැටුමට මූලික හේතුව අවිධිමත් මානව ක්‍රියාකාරකම් බවයි. අලි මංකඩවල් ආශ්‍රිතව ගොවි බිම් බිහි වීම, වන බිම් එළි කිරීම මෙන්ම වනෝද්‍යානවලට ගවයන් ඇතුළු කිරීම වැනි ක්‍රියා නිසා ආහාර, සහ ජලය සොයා වන අලින් ගම්මාන සමීපයට එනවා ඒකට නිසි විසඳුමක් ඕන. 
ප්‍රකට වනජීවී පර්යේෂකයෙකු වන ආචාර්ය පෘථිවි රාජ් ප්‍රනාන්දු පවසනුයේ අලි මිනිස් ගැටුම 
වළකාලන්නට ඇති හොඳම ක්‍රමය වනාන්තර වටකර නොව ගම වට කර විදුලි වැට ඉදිකිරීම බවයි. එමගින් විදුලි වැට නඩත්තුව පහසුවන බව ඔහුගේ මතයයි. වනජීවී පශු වෛද්‍ය (අධ්‍යක්ෂ සෞඛ්‍ය) තාරක ප්‍රසාද් පවසනුයේ මේ වන විටත් ස්ථාන ගණනාවක එය ක්‍රියාත්මක වන බවයි. 
රටේ වන බිම්වලින් 13ක අයිතිය ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. වනජීවිය  සතුව ඇති බිම් ප්‍රමාණය රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 14 යි. වනජීවීන්ගේ යහ පැවැත්ම ගැන සිතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුවට එකතු කර සමස්ත බිම් ප්‍රමාණය එකට පාලනය කළ හැකි නම් ඉන් වඩාත් ප්‍රතිඵල ලැබෙනු ඇතැයි තවත් පාර්ශ්ව පවසති. 
කෙසේ වෙතත් අලි ඇතුන්ට එල්ලව ඇති තර්ජනය අවම කරන්නට සියලු අලි ඇතුන්ට රේඩියෝ කරපටි පැලඳවිය  යුතු බව වන ජීවි අමාත්‍යවරයා වරක් පවසා තිබුණි. එහෙත් පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන පවසනුයේ එය අනුමත කළ නොහැකි යෝජනාවක් බවය. කරපටි පලඳවන්නට අලි ඇතුන් නිර්වින්දනය කළ යුතු අතර ඒ තුළම සැලකිය යුතු අවදානමක් ගැබ්ව ඇති බව ඔහු පෙන්වා දේ. 
අලින්ට එල්ලව ඇති තර්ජනය වළකාලනු වස් කළ යුතු හොඳම ක්‍රියා මාර්ගය වනබිම් ආරක්ෂා කිරීමයි. ඒ වගේම අලින්ට වනාන්තරයෙන්  වනාන්තරයට සංක්‍රමණය වීමට අවශ්‍ය අලි මංකඩ සකසාදීමයි. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන කොට මේ බිමේ වනජීවීන්ට තිබෙන අයිතිය ගැන බරපතළ ලෙස සිතිය යුතුයි. ජගත් ගුණවර්ධන පවසන්නේය. 
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 37

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 184

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6919

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4538

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6028

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6714

Please publish modules in offcanvas position.

X

Right Click

No right click