Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංකාවේ පළිහපිටියගේ කතාවෙන් ෆේස්බුක් සමාගම කැළඹෙයි

ෆේස්බුක් , ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය මේ වන විට ලෝකයේ ජනප‍්‍රියතම සන්නිවේදන මාධ්‍යය බවට පත්වෙමින් ඇත. මෙම  ජනප‍්‍රියතාව නිසාවෙන්ම විවිධ පිරිස් මෙම සමාජ මාධ්‍ය අවභාවිතාවේ යොදවන  අවස්ථාද මේ වන විට බහුලව දක්නට ඇත . මෙම අවභාවිතාවන් හේතුවෙන් අද වනවිට ලොව පුරා මෙම සමාජ මාධ්‍යට එරෙහි හා සමාජ මාධ්‍ය විරෝධී මතවාදයක්ද මතුවෙමින් පවතී.
මුහුණු පොත හෙවත් ෆෙස් බුක් සමාගමේ හිටපු විධායක නිලධාරියකුද පසුගියදා මෙම සමාජ මාධ්‍යයට එරෙහි දැඩි විවේචනයක් එල්ල කළ අතර එය ලොව පුරා ජනමාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළද මහත්වූ ආන්දෝලනයක් ඇතිකිරීමට සමත්විය.
මෙම සිදුවීම ශ‍්‍රී ලංකාවේ අපට වඩාත් වැදගත් වන්නේ අදාළ විධායක නිලධාරිවරයා, ශ‍්‍රී ලාංකිකයකුද වීම නිසාවෙනි . ඒ අන් කිසිවකු නොව , කලක් ෆෙස්බුක් සමාගමේ පරිශීලක වර්ධන අංශයේ උප සභාපතිව කටයුතු කළ හා මේ වනවිට ලොව ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන චමත් පළිහපිටියයි.
සමාජ මාධ්‍ය ජාල සහ ඒ හා සමාන සේවාවන් ”‍සමාජය කැබලිවලට ඉරා දමන”‍ බව පළිහපිටිය මෙහිදී එල්ල කළ ප‍්‍රධානතම චෝදනාව විය , 
ෆෙස්බුක් සමාගමේ හිටපු විධායක පළිහපිටිය මේ බව පැවැසුවේ පසුගියදා  ”ස්ටැන්ෆොර්ඞ් ග‍්‍රැජුවෙට් ස්කූල් ඔෆ් බිස්නස්” හිදී (Stanford Graduate School of Business) පැවැති වැඩසටහනකදීය.
චමත් පළිහපිටිය විසින් ඉහත කී අදහස පසුගිය  මාසයේ දී පළ කරනු ලැබ තිබූ නමුත් එය සමාජ ජාල තුළ විශාල වශයෙන් සංසරණය වීම ආරම්භවූයේ  පසුගිය සඳුදා දින සිටය. මේ වනවිට එම ප‍්‍රකාශයට සමාජ මාධ්‍ය තුළ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද සුවිශාල ප‍්‍රසිද්ධියක් හිමිවෙම්න් ඇත.
”‍අපි සමාජය කැබලිවලට ඉරා දමන මෙවලම් නිර්මාණය කර ඇතැයි,”‍  පළිහපිටිය මහතා පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබිණ, මෙම ප‍්‍රකාශය සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් පවතින ජනප‍්‍රියතම ”‍පාඨයක්”‍ බවට පත්ව ඇත. පළිහපිටිය මහතා මෙම ප‍්‍රකාශය කර ඇත්තේ පාපොච්චාරණයක ආකාරයකින් බව මේ වනවිට බොහෝ දෙනකුගේ මතය වී ඇත.
සමාජ මාධ්‍ය විසින් ඔබ ආකෘතියකට හිරකෙරෙමින් පවතිනවා,”‍ යනුවෙන්ද මෙහිදී  ඔහු අනතුරු ඇඟවීමක් කළේය. ෆේස් බුක් සමාගමේම හිටපු විධායක නිලධාරියකු එල්ල කරන මෙම විවේචනයන්ට සමාජ මාධ්‍ය තුළ ලැබී තිබුණේ මහත් වූ අවධානයකි.
බිලියන දෙකක පිරිසක් ෆේස් බුක් වෙත  ආකර්ෂණය කරගැනීමට කටයුතු කිරීම ”‍අතිවිශාල වරදක්”‍ යයි තමාට  හැෙඟන බවයි මෙහිදී පළිහපිටිය මහතා   තවදුරටත් ප‍්‍රකාශ කළේ.
සමාජ මාධ්‍ය භාවිතයේ ”‍දැඩි වේගය අවම කිරීමක්”‍ කරන ලෙස ඔහු සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට අවවාදයක් ද කළේය.
කෙසේ වෙතත් මෙලෙස  ෆේස් බුක් සමාගමේ හිටපු නිලධාරියෙකු එය විවේචනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. චමත් පළිහපිටිය හුදෙකලා නොකරමින්, ෆේස්බුක් සමාගමේ පළමු සභාපති සහ එහි වාණිජ වර්ධනයේ මූලික ආකෘතිය සකස් කළ ෂෝන් පාකර් (Sean Parker) ද, මෑතකදී ෆේස්බුක් සමාජ භූමිකාවේ ඉතිහාසය පිළිබඳව කනගාටුව පළ කර තිබිණ.
මෙම ප‍්‍රකාශයන් හා විවේචනයන් හරහා ෆේස් බුක් සමාගමට දැඩි අහිතකර බලපෑමක් එල්ලවෙමින් පවතින බව ලොව පුරා සමාජ මාධ්‍ය විශේෂඥයින් පෙන්වා දෙති.  සමාජ මාධ්‍යයට එරෙහිව මතුවෙමින් ඇති, මතවාදය ශක්තිමත් කරලීමට මෙම ප‍්‍රකාශයන් හේතුසාධක වී ඇති බව ඔවුන් පෙන්වාදේ.
විශේෂයෙන්ම චමත් පළිහපිටිය මහතාගේ ප‍්‍රකාශය හේතුවෙන් ෆේස් බුක් සමාගම මේ වනවිට වඩාත් කලබලයට පත්ව ඇති බවක් පැහැදිලිවම දක්නට ඇත.
පළිහපිටිය මහතාගේ ප‍්‍රකාශයට ෆේස්බුක් සමාගම විසින් වහාම ප‍්‍රතිචාර දක්වනු ලැබුවේ ඒ අනුවය. 
ෆේස් බුක් සමාගම මීට පෙර කිසිදු අවස්ථාවක මෙසේ එල්ලවන විවේචනයන්ට ප‍්‍රතිචාර දක්වන්නට ගොස් නැත. නමුත් පලිහපිටිය මහතාගේ ප‍්‍රකාශයත් සමග  ෆේස්බුක් සමාගම අසාමාන්‍ය පියවරක් තබමින් තම ආයතනය ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්ව ඇත.
ෆේස් බුක් සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවැසුවේ චමත් පළිහපිටිය වසර හයකට වඩා තම සමාගමේ සේවය නොකළ බවය. 
”‍චමත් සේවය කරන විට අප ෆේස්බුක් ලොව පුරා ප‍්‍රවර්ධනය කිරීමේ සහ නව සමාජ මාධ්‍ය අත්දැකීමක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව කටයුතු කළා. එවිට ෆේස්බුක් බොහෝ වෙනස් සමාගමක්. කාලයත් සමග වූ වර්ධනය වීම අනුව අපගේ වගකීම් වර්ධනය විය යුතු ආකාරයත් අපට වැටහුණා,”‍ යනුවෙන් සමාගමේ ප‍්‍රකාශකයා සඳහන් කළේය.
ෆේස් බුක් ආයතනය, පළිහපිටිය චෝදනා ඉදිරියේ අසරණ වී ඇති බවක් එම ප‍්‍රකාශයන් හරහා දක්නට ඇති බව සමාජ මාධ්‍ය විශ්ලේෂකයින්ගේ මතය වී ඇත. 
එසේම, ”‍අපි, අපේ භූමිකාව ඉතා බරපතළ ලෙස සැලකිල්ලට ගන්නවා සහ එය වර්ධනය කිරීමට උත්සාහයෙන් කටයුතු කරනවා,”‍ යනුවෙන් එම ෆේස් බුක් සමාගමේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබීම මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයේ පවා  විශේෂ අවධානයට පාත‍්‍රවී ඇත.
 
පැතුම් වික්‍රමරත්න
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5250

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3645

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5131

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5746

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6566

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4059

Please publish modules in offcanvas position.

X

Right Click

No right click