Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇත් දළ - ගජමුතුවල ගුප්ත බලයක් තියෙනවාද?

වන අලි හෝ දළ ඇතුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ‘නම් දැරූ උදවිය’ සිටියේ, ලංකාවේ බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී ය. එකල, විසූ ලොකුම අලි ඝාතකයන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් වන්නේ වර්ෂ 1845 දී වැවිලිකරුවෙකු වශයෙන් ලංකාවට පැමිණි ‘සැමුවෙල් බේකර්’ ය. ඔහු විසින් දඩයම් කළ අලි-ඇතුන් සංඛ්‍යාව දහස ඉක්මවූ බව කියැවේ. අනෙකා උප දිසාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ‘මේජර් තෝමස් විලියම් රොජර්ස්’ ය. ඔහු විසින් මරා දැමූ අලි-ඇතුන් සංඛ්‍යාව 1400ක් පමණ වන බව කියැවේ. ලංකාවේ මහා මාර්ග සැලසුම්කර, ඉදි කිරීම් කළ ‘මේජර් තෝමස් ස්කිනර්’ ද අලි-ඇතුන් 700ක් පමණ දඩයම් කළ තැනැත්තෙකි.
බි‍්‍රතාන්‍ය වැවිලිකරුවන් අලි දඩයම සැලකුවේ, ‘මහත්වරුන්ගේ ක‍්‍රීඩාවක්’ වශයෙනි. එකල මරා දැමුණු අලි-ඇතුන් සංඛ්‍යාව 10,000 ද ඉක්මවන බැව් පැරණි වාර්තාවල සදහන් වේ.
බි‍්‍රතාන්‍ය දඩයක්කාරයන්ගේ අලි ඝාතන සම්බන්ධයෙන්, එකල ලාංකේය ජන සමාජය තුළ කෙතරම් ප‍්‍රබල කම්පනයක් හට ගත්තේ ද? යන්න, අපැහැදිලි ය. එසේ වුව ද, අලි-ඇතුන් 1400ක් පමණ මරා දැමු මේජර් තෝමස් විලියම් රොජර්ස් මියගියේ වර්ෂ 1845 දී ‘අකුණු සැරයක්’ (හෙණයක්) වැදීමෙනි. ඔහු අකුණට ගොදුරුවී තිබෙන්නේ, අලි දඩයමේ යන්නට කල්යල් බලමින් හපුතලේ තානායම් අලින්දයේ සිටින මොහොතක ය. ඉන් පසුව නුවරඑළිය දේවස්ථාන භූමියෙහි ඉදි කළ රොජර්ස්ගේ සොහොනට ද අකුණු (හෙණ) වැදුණු බව ප‍්‍රකට කාරණයකි.
මේ දිනවල අපේ රටේ වැසියන් බොහොම දෙනෙක් ද කෝපයට පත්ව, ‘වැහි නැති හෙණ’ ඉල්ලමින් සිටිති. ඒ අනිකෙකුට නොව, ‘ගල්ගමුවේ දළ පූට්ටුවා’ නමින් ප‍්‍රකටව සිටි සද්දන්ත දළ ඇතා අමු අමුවේ මරා දැමූ උදවියට එරෙහිව ය. ඇතුගේ මළ සිරුර 2017 නොවැම්බර් 29 වැනි දා සවස, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාවැවට නුදුරු කහල්ල-පල්ලෙකැලේ වන රක්ෂිතයේ ‘හොරොව් වැව’ අසලින් සොයා ගැණුනි. ඇතු මරා දමා කපාගත් දළ යුවළ, ඊට පෙර පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සොයා ගෙන තිබිණි. ‘ගල්ගමුවේ දළ පූට්ටුවා’ ඇත් දළ ජාවාරම්කරුවන් අතින් කුරිරු ලෙස මියයාම, මෑත කාලයේ  රට වැසියන්ට මහත් කම්පනයක් ගෙන දුන් සිද්ධියක් විය.
අලි-මිනිස් ගැටුම හමුවේ දැඩි ලෙස කෝපයට පත්ව සිටිය ද, ලාංකේය ජන සමාජය වන අලි-ඇතුන් සම්බන්ධයෙන් බොහොම ලැදි ය.  විශේෂයෙන්ම දළ ඇතුන් සම්බන්ධයෙන් ඔවුන් දක්වන්නේ අප‍්‍රමාණ ගෞරවයකි. 
ගෙවී ගිය නොවැම්බර් 29 වැනිදායින් ඇරඹුුණු වකවානුව, ලංකාවට දැඩි සුළං සහ වැසි විපත් රැුගෙන ආවේ ය. ඉන් විශාල පිරිසක් පීඩාවට පත් වූහ. හටගත් අලාභහානි ද විශාල ය. එවේලෙහි රටවැසි වැඩි දෙනෙක් පැවසුවේ, ‘ ඕක නම් අර ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දාපු එකේ සාපේ තමයි’ යනුවෙනි. ‘ගල්ගමුවේ දළ පූට්ටුවා’ මරා දැමීමෙන් රටට හටගත් කම්පනය කොතරම් ද යන්න, එයින්ම පෙනේ!
කුරුණෑගල සහ අනුරාධපුරය යන දිස්ත‍්‍රික්ක වෙන්වන සීමාවේ පිහිටි ‘ගල්ගමුව’, ලංකාවේ සුප‍්‍රකට වන අලි සංක‍්‍රමණ මාර්ගයකට අයත් ය. එහි එක් කෙළවරක්, පුත්තලම දිස්ත‍්‍රික්කය ඔස්සේ රටේ වයඹ දිග මුහුදු සීමාව තෙක් පැතිරෙන, විල්පත්තුව ජාතික වනෝද්‍යානය තෙක් දිවෙයි. අනෙක් කෙළවර, ගල්ගමුව, සියඹලන්ගමුව වැව් ඉස්මත්ත ඔස්සේ, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ‘කලා වැවේ වන රක්ෂිතය’ දක්වා දිවෙයි. එය වත්මනෙහි ‘කහල්ල-පල්ලෙකැලේ වන රක්ෂිතයයි’. සංක‍්‍රමණික වන අලි, සෑම වසරකම ජූලි-අගෝස්තු යන මාසවල විල්පත්තුවේ සිට  කලා ඔය පැන, නවගත්තේගම, ඉගිනිමිටිය, සංගප්පාලය තේක්ක කැලය, අඹන්පොළ සහ ගල්ගමුව ඔස්සේ කලාවැව (කලා-බළලූ වැව) ඉස්මත්තේ වන ගොමු තුළට පැමිණෙති. ඉන් පසුව ඔක්තෝබර් මාසය අග භාගයේ එන ඊසාන දිග මෝසම් වැසි    සමයත් සමගම ආපසු යන්නට ගමන් අරඹති. එය ‘වයඹ වනජීවී කලාපයේ සිදුවන විශාලතම වන අලි සංක‍්‍රමණ කටයුත්තයි. මෑත කාලයේ පටන් එය වන අලි-ඇතුන්ට මාරකයක්වී තිබේ. 
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 2004 වසරේ දී, වයඹ වනජීවී කලාපයෙහි වන අලි පිළිබ`ද සමීක්ෂණයක් කෙරුණි.  එහි දී ගණන් ගැණුනු සමස්ත වන අලි සංඛ්‍යාව 1076කි. උන් අතර සිටි දළ ඇතුන් සංඛ්‍යාව 43ක් විය. සමීක්ෂණයෙන් හෙළිවුණු අන්දමට, ‘කලාඔය අලි කණ්ඩායම’ (කලා ඔය ආශ‍්‍රිතව නිතර ගැවසෙන)  81 දෙනෙක් විය. උන් අතර සිටි දළ ඇතුන් සංඛ්‍යාව හය දෙනෙකි. ඇත් දළ ජාවාරම්කරුවන් අතින් නොබෝදා  ඝාතනය වුණු ‘ගල්ගමුවේ දළ පූට්ටුවා’ ද එකල උන් අතර සිටින්නට ඇත.
ලංකාවේ කැලෑවල වන අලි කොතෙක් සිටිය ද දළ සහිත සතුන් (ඇතුන්) බෙහෙවින් දුර්ලභ ය. වනජීවී නිලධාරීන් පවසන අන්දමට ලංකාවේ ඇත් ප‍්‍රතිශතය සියයට හතරක් තරම් සුළු සංඛ්‍යාවකි. උන් අතර ‘දළ පූට්ටුවන්’ ද ඉතා දුලබ ය. ‘දළ පූට්ටුවන්’ යනු, දළ යුගල එහි අගින් එකිනෙක හරහා කතිරයක් මෙන් පිහිටා තිබෙන හස්තීන්ය.  ඒ අතරින් වඩාත් ප‍්‍රකටව සිටි හස්තියා, 1960 දශකයේ පමණ යාල වනයේ විසූ ‘වලස්කෙම දළ පූට්ටුවා’ ය. වර්ෂ 1970 දී පමණ ඌ ඇත් දළ ජාවාරම්කරුවන් විසින් ඝාතනය කෙරිණි. එය ද අපේ ජන සමාජය මහත් කම්පනයට පත් කළ සිද්ධියක් විය.
2003 වසරේ පෙබරවාරි මාසයේ දී, ශ‍්‍රීපාද වන අඩවියේ රත්නපුර බෑවුමේ දී තවත් හස්තියෙක් දළ කපා ගැනීම පිණිස ඝාතනය කෙරිණි. සිරිපා හිමය පාමුල පිහිටි ගම්මානවල ‘කුරු ඇතා’ නමින් ප‍්‍රකටව සිටි මෙම හස්තියා, කුඩා දළ සහිත (පණු දළ) එකෙකි. ඌ ගැමියන් අතර බොහොම ගෞරවාදරයට පාත‍්‍රව සිටියේ ය. ‘කුරු ඇතා’ මරා දැමීම රත්නපුරයේ ගම්වලට මහත් කම්පනයක් ගෙන දුන්නේ ය. පුද්ගලයන් 500කට අධික පිරිසකට මරු කැඳවමින්, 2003 වසරේ මැයි මාසයේ හටගත් මහා වැසි සහ නායයාම් විපත, සිරිපා හිමයේ ‘කුරු ඇතා’ මරා දැමූ ශාපය නිසා හටගත් එකක් බව රත්නපුරේ බොහෝ මිනිසුන්ගේ අදහස විය. ඇතුන් සේම ඇත් දළය ද අපූර්ව නිර්මිතයකි. අප ‘ඇත් දළ’ යයි හ`දුන්වන්නේ ඇතුන්ගේ (පිරිමි සතුන්ගේ) මුවෙහි ඇති ‘කෘන්තක දත්වලට’ ය. ඒවා සාමාන්‍යයෙන් අඩි හතරක් පහක් හෝ ඊටත් වඩා ටිකක් දිගින් වැඩෙයි. ඇත් දළයක පිටතින් දක්නට ලැබෙන්නේ එහි සමස්ත දිගින් තුනෙන් දෙකක කොටසක් පමණි. ඉතිරි කොටස ඇතුගේ මුවෙහි හනුව ඔස්සේ හිසට සවිවී තිබේ. හිටපු නියෝජ්‍ය වනජීවී අධ්‍යක්ෂකවරයෙකු වන වෛද්‍ය නන්දන අතපත්තු මහතා සිය ‘අලි ඇතුන්ගේ සැඟවුණු ලෝකය’ නම් ග‍්‍රන්ථයෙහි සඳහන් කරන අන්දමට, ඇත් දළයක සංයුතිය මූලික වශයෙන් කැල්සියම් සහ පොස්පරස් යන මූල ද්‍රව්‍යවලින් සමන්විත වේ. එය සාමාන්‍ය අස්ථියක සංයුතියට සමාන ය. ඇතුන්, සිය වන සැරියේ දී ජලය සහ ලවණ ලබා ගැනීම පිණිස පොළොව හෑරීම සඳහා ද, අලි සටන්වල දී අවියක් වශයෙන් ද දළ පාවිච්චි කරති. එසේම ඉන් හොඩවැලට ආරක්ෂාවක් ද සැලසෙයි. වෙහෙසට පත් අවස්ථාවන්හි දී හොඩය දළ මත රඳවා සිටීමට ද උන් කැමැතිය.
හස්තීන් මිනිස් සමාජයෙහි ගරු බුහුමන් ලබන්නේ උන්ට පිහිටන දුර්ලභ ‘දළ’ සම්පත නිසා ය. එය මහාර්ඝ වස්තුවක් බව වැඩි දෙනෙකුගේ ඇදහීමයි. පූජනීය වස්තූන් දෙපස ඇත් දළවලින් සරසා තැබීමට ද මිනිසුන් පුරුදුව සිටිති. එසේම ආභරණ සහ කැටයම් භාණ්ඩ නිපදවීම පිණිස ද අනාදිමත් කාලයක පටන්ම ඇත් දළ භාවිත කෙරේ. ඇත් දළ යනු, ලංකාවේ මෙන්ම ලෝකයේ ද අංක එකේ හොර ජාවාරමකි. ඇත් දළ සහ ඇතුන් මහාර්ඝ වස්තූන් ලෙස සැලකීමේ මනුෂ්‍ය සිරිත උන්ට නම් මාරකයකි.
ඇත් දළ තූළ ඉතා කලාතුරකින් පිහිටන ‘ගජමුතු’ සිතූ පැතූ සම්පත් ගෙන දෙන දෙයක් බව ඇතැමුන් විශ්වාස කරති. එහෙත් ‘ගජමුතු’ යයි කියන්නේ, ඇත් දළයක (කෘන්තක දතෙහි) කල්ක කුහරය තුළට එහි බිත්තියෙන් ගිලිහී වැටෙන ‘ඩෙන්ටීනමය’ දන්ත කොටස් ය. ඇතු හිස සැලීමේ දී හට ගන්නා ඝර්ෂණය නිසා, කලක් ගතවන විට ඒවා ගෝලාකාර හෝ  ඕවලාකාර හැඩයක් ගනියි. විශාල ගජමුතුවක් ඇතැම් විට වෙරළු ගෙඩියක් තරම් විශාල වන්නට ද පුළුවන. දළ ඇතුළත ගජමුතු හට ගන්නේ, ඇතු බොහොම වියපත් තත්ත්වයට පත්වන කාලයේ ය. ගජමුතු අතිශයින්ම දුලබ නිසා, ඒවාට  ‘මහාර්ඝ වටිනාකමක්’ ඇතැයි මිනිස්සු අදහති. එහෙත් ඒවා නිකම්ම නිකම් අස්ථි හෝ දන්ත කොටස් පමණි.
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රවීණ වන අලි පර්යේෂකයෙකු වන වෛද්‍ය පෘථිවිරාජ් ප‍්‍රනාන්දු දැක්වූ අදහසක් බී. බී. සී. පුවත් වෙබ් අඩවියෙහි පළකර තිබිණි.
‘ඇත් දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබා ගත යුතු නැති දෙයක් බව අප තේරුම්ගත යුතුයි. මොකද ඒවා ලේ තැවරුණු දේවල්.’
 
 ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 26

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 166

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6906

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4534

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6023

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6708

Please publish modules in offcanvas position.

X

Right Click

No right click