Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මොහොමඩ්ගේ කදීජා පදනමෙන් අංගසම්පූර්ණ පිළිකා ගම්මානයක්

ඔහු නමින් එම්.එස්.එච්. මොහොමඩ්ය. මේ නම කියූ පමණින් ඔහු හඳුනන්නේ ඔහුගේ ළඟම හිතවතුන් පමණි. එහෙත් මහරගම පිළිකා රෝහලට “ පෙට් ස්කෑන් යන්ත්‍රය” මිලදී ගැනීම සඳහා පූරෝගාමී වූ මොහොමඩ් කීවොත් රටම ඔහු ගැන  දනියි. මොහොමඩ්ගේ එකම පුතු පිළිකා රෝගයෙන් පෙළුණු අතර පුතාගේ සිහිනය වූයේ ඔහු මෙලොවින් සමුගෙන යාමට පෙර මහරගම පිළිකා රෝහ‍ලේ අන්ත අසරණ රෝගීන් වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය යන්නය. මහරගම පිළිකා රෝහ‍ලේ නොමැති පෙට් ස්කෑන් යන්ත්‍රයක් රෝහලට ලබා දීමට පුතු අපේක්ෂා කළේය. ගිලන්ව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින තම පුතුගේ එම ප්‍රාර්ථනය ඉටුකිරීමට මොහොමඩ් තරයේ අධිෂ්ඨාන කර ගත්තේය. ඒ අනුව  මොහොමඩ් මීට වසර ගණනාවකට පෙර පිහිටුවා ගත් “ කදීජා” පදනම හරහා ගොඩනැගුණු “ ෆයිට් කැන්සර් ටීම් “ එක මගින් මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සෙවීම ඇරඹිණි.
ලංකා බැංකුවේ ආරම්භ කළ “පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමේ ගිණුම”ට දෙස් විදෙස් පරිත්‍යාගශීලී විශාල වශයෙන් මුදල් තැන්පත් කළේ  මාධ්‍ය මගින් ලබා දුන් හුදු ප්‍රසිද්ධියත් සමගය.
 “පෙට් ස්කෑන් යන්ත්‍රය” මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් කෝටි 20ක මුදල මාස දෙකක් තුළ රැස් කර ගැනීමට “ෆයිට් කැන්සර් ටීම්” එකට හැකිවිය. ඒත් මේ ලිපිය ලියන මොහොත වන විටත් එය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබි නැත. ලබන ජනවාරියේ එය මහරගම පිළිකා රෝහ‍ලේ ස්ථාපිත කරන බව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවැසුවේ මොහොමඩ්ගේ පුතා මිය ගිය දිනයේය.
වසර ගණනාවක් පුරා පිළිකා රෝගය සමග සටන් කළ පුතු මිය ගියද ඔහුගේ බලා‍පොරොත්තුව තව සති කීපයකින් ඉටුවනු ඇත. පුතුගේ වියෝවින් පසුවද මොහොමඩ් පිළිකා රෝගීන් සඳහා ආරම්භ කළ  සමාජ සත්කාර සේවා   නතර කළේ නැත. ඔහු තමන්ගේ සමාජ මෙහෙවර වඩ වඩාත් ශක්තිමත් කරමින් මහරගම පිළිකා රෝහලට ජාන පර්යේෂණාගාරයක්, එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයක්, අල්ට්‍රාසවුන්ට් ස්කෑන් යන්ත්‍රයක්, එන්ඩස්කොපි, හොරනස්කෝප්, ආදී යන්ත්‍රරැසක් පරිත්‍යාග කිරීමේ භාරදූර්ය කටයුත්තට අත ගැසුවේය.  
එම කටයුතු කරන අතර මොහොමඩ් තවත් දැවැන්ත පියවරක් තැබිමට සිතා සිටින්නේය. ඒ පිළිකා රෝගීන් සඳහාම වෙන්වුණු අංග සම්පූර්ණ රෝහලක් සහිතව සත්කාර ගම්මානයක් ගොඩ නැඟීමය. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ  ආධාර උපකාර ඇතිව මෙම ව්‍යාපෘතිය ගොඩනැංවීම ඔහුගේ එකම අධිෂ්ඨානය වී ඇත්තේය. මෙවැනි සංකල්පයක් සිතට නැගුණේ කෙසේද යන්න පිළිබඳ අප ඔහුගෙන් විමසුවෙමු.
“ මට මේ වගේ අදහසක් පහළ වුණේ මගේ පුතා රෝගියෙකු වී  සිටිය කාලයේදී. මොකද මම පුතා එක්ක මහරගම පිළිකා රෝහ‍ලේ මාස ගණනාවක් නතර වෙලා හිටියා. එතනදී මම දැකපු දෙයක් තමයි රෝගීන්ට බෙහෙත් දුන්නාම ඒ අයට එළියට පහළියට යන්න දෙන්නේ නැහැ. ඒ අයව විෂබිජවලින් ආරක්ෂා කර ගන්න ඕනේ නිසයි වෛද්‍යවරුන් එහෙම උපදෙස් දීලා තියෙන්නේ. මේ නිසා රෝගීන් හැමෝම වගේ ඇඳවල්වලට කොටු වෙලා ඉන්නේ. බිත්ති හතරකට කොටු වෙලා රෝගියෙකුට ප්‍රතිකාර කරන කොට එය ඒ තරම් සාර්ථක නොවන්න පුළුවන්. මොකද මගේ පුතා වුණත් ඇඳෙන් බැස්සේ නානකාමරයට යන්න විතරයි. ඒත් මම දැක්කා හැමදාමත් ව්‍යායාම් කරපු අය පිළිකා රෝගයට ගොදුරු වෙලා ඇඳක් මතට වී ඉන්නවා. ඒ අයගේ මානසික පීඩාව වැඩි වෙනවා. පිටරටවල පිළිකා රෝගීන්ට බෙහෙත් කරන ගමන්ම ඔවුන්ට අවශ්‍ය ව්‍යායාම, විනෝදාස්වාදය සඳහා යම් යම් ක්‍රීඩාවන්  කරන්න පහසුකම් ලබා දීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බව පෙනී ගොස් තිබෙනවා.ඒනිසා රෝගියෙකුට අවශ්‍ය සියලුම පහසුකම්ද සහිතව මේ ගම්මානය ඉදිකරන්න මම  බලා‍පොරොත්තු වෙන්නේ. මේ රෝහල දකුණු ආසියාවේ හොඳම පිළිකා රෝහල් අතරින් එකක් ලෙස ගොඩනැංවීම තමයි  කදීජා පදනමේ එකම අරමුණ.” 
මොහොමඩ් ඉදිකරන පිළිකා රෝගීන් සඳහා වූ ගම්මානය කොළඹ සිට පැය 2ක් තුළදී ළඟා වීමේ හැකියාව පවතින තැනක ඉදිවන්නේය. එය අක්කර 30ක නිස්කලංක  භූමිභාගයක ඉදිකිරීම සඳහා මේ වන විටත් අවිස්සාවේල්ල හෝ හලාවත ප්‍රදේශයෙන් භූමියක් තෝරා ගැනීමට නියමිතය. රුපියල් කෝටි 500ක වියදිමින් ඉදිකිරීමට බලා‍පොරොත්තු වන මෙම නව රෝහල සහිත ගම්මානය වසර 2021 දී ජනතා අයිතියට පැවැරීම එම්.එස්.එච්. මොහොමඩ් ප්‍රමුඛ කදීජා පදනමේ බලා‍පොරොත්තු වන්නේය.
ඉන්දියාවේ  ටාටා රෝහල සහ “සායි “රෝහල පිළිකා රෝගීන් වෙනුවෙන් ඉදිකරන ලද ගම්මානයක් සහිත රෝහල්ය. මොහොමඩ් පවසන්නේ ලංකාවේ ඉදිකරන රෝහලද එම රෝහල්  අනුසාරයෙන් ඉදිකරන බවය. මෙම රෝහල් ගම්මානය තුළ පන්සලක්, පල්ලියක්, හා කෝවිලක්ද ඉදිවෙනු ඇත. රෝගීන්ට තම ආගමික වතාවත්්වල යෙදීමට මෙයින් අවකාශ සැලසෙනු ඇත.
එපමණක් නොව ඇවිදින මංතීරුවක්, පිහිනුම් තටාකයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක්, ක්‍රීඩා පිටියක් ඇතුළු සියලුම අංගයන්ගෙන් සමන්විත වන ලෙස මෙය නිර්මාණය කරන බව මොහොමඩ් මහතා සඳහන් කරන්නේය.
මෙම ගම්මානයේ ඉදිවෙන පිළිකා  රෝහ‍ලේ සේවය කිරීමට සඳහා දෙස් විදෙස් වෛද්‍යවරුන් මේ වන විටත් කැමැත්ත පළ කර තිබේ. රෝගීන්ට නොමි‍ලේ ප්‍රතිකාර කිරීම සඳහා විදෙස් වෛද්‍යවරුන් මෙරටට පැමිණීමට මේ වන විටත් එකඟතාව පළ කර ඇත්තේය. එම වෛද්‍යවරුන් මෙම එකඟතාව පළ කර ඇත්තේ පසුගිය සතියේදී කදීජා පදනමේ “ෆයිට් කැන්සර් ටීම්”හි සාමාජිකයන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.
මෙම සාකච්ඡාව පිළිබඳව මොහොමඩ් මහතා සඳහන් කළේ මෙවන් අදහසකි.
“ලෝකයේ පිළිගත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන සිංගප්පූරුවේ, ජාතික විශ්ව විද්‍යාලයේ  අස්ථි පිළිකා විශේෂඥ වෛද්‍ය කුර්පාර් සිං,  ඉන්දියාවේ බැංගලෝර්හී ඇපලෝ රෝහ‍ලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය එම්. ශ්‍රීනිවාස් හා ඉන්දියාවේ ජාතික පිළිකා රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය එන්. කනගරාසා යන අය ලංකාවට ගෙන්වලා “ෆයිට් කැන්සර් ටීම් “ එකේ විධායක ශේ්‍රණියේ සාමාජිකයන් 15 දෙනෙක් එක්ක අපි සාකච්ඡා කළා. සාකච්ඡා වට දෙකක්ම පැවැත් වුවා. එහිදී වෛද්‍යරුන් තුන් දෙනාම එකඟ වුණා මාස තුනකට වරක් හෝ මාසෙකට වරක් ලංකාවට පැමිණ පිළිකා  රෝගීන්ට අවශ්‍ය සැත්කම් කරන්න. ඒ සියලුම සැත්කම් හා ප්‍රතිකාර නොමි‍ලේ කරන්න ඒ අය ‍පොරොන්දු වුණා. ඒ විතරක් නොවෙයි. ලෝකයේ අනෙක් රටවල සිටින පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු මේ සඳහා යොමු කරන්න කටයුතු කරන බවට ‍පොරොන්දු වුණා. ඒ වගේම ලංකාවේ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් මේ රෝහලට පැමිණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කැමැත්ත පළ කරලත් තියෙනවා.”
පිළිකා රෝගීන් සඳහා ඉදිකරන මෙම රෝහල සඳහා  සහයෝගය ලබා දීමට කැමති   පරිත්‍යාගශීලීන් සිටින්නේ නම් ඔවුන්ට  කදීජා පදනම ආරාධනා කර සිටියි. ඔබට ඉදිරියේදී ඒ සඳහා දායකත්වය ලබාදීමට හැකි වනු ඇත.
 
ශ්‍රියානි විජේසිංහ
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 1487

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 1327

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 1411

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 1575

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7743

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 5130

Please publish modules in offcanvas position.

X

Right Click

No right click