Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහවැලි නිල්ධාරීන් වගාව විනාශ කළා

අමාරුවෙන් හදාගත් වගාව මහවැලි නිලධාරීන් ඇවිත් විනාශකර දැම්මා. පොල් පැළත් උගුල්ලා දැම්මා. අපි වගා කටයුතු කරන්නේ බොහොම දුෂ්කරතා විදගෙනයි. හැම ගෙවත්තම වගා කරන්න කියලා මහවැලියත් කියනවා. රජයත් නිතරම කියනවා. මට සිදුකළ මේ අලාභයට වග කියන්නේ කවුද?අපි ගෙදර නැති වෙලාවක මේ අලාභය සිදුකර තිබෙනවා. මෙහෙම කළේ ඇයි කියා අහලා බලන්නට මම මහවැලි කාර්යාලයට ගියා. ඔව් මම තමයි එහෙම කළේ පුළුවන් දෙයක් කරන්න කියලා මට තර්ජන කළා. මේ අලාභය පිළිබඳව මම ගිරාදුරුකෝට්ටේ පොලීසියේ පැමිණිල්ලකුත් දැම්මා.
මේ අදෝනාව නගන්නේ ගිරාදුරුකෝට්ටේ මහවැලි බල ප‍්‍රදේශයේ  මිල්ලත්තාව ඒකකයේ පළුගොල්ලේ පදිංචි 56 වියැති තිදරු පියෙක් වන එච්.එම් ඊ.ජී.සෙනේ බණ්ඩා ගොවි මහතාය. තමාට සිදුකළ අලාභ හානිය හා අසාධාරණය පිළිබදව කරුණු පැවැසූ සෙනේ බණ්ඩා මහතා මෙසේද පැවැසීය.
අවුරුදු 20ක පමණ කාලයක සිට මම මේ ඉඩමේ පදිංචිවී සිටිනවා. දැනට නිවසේ ඉන්නේ මමයි බිරිදයි පමණයි. නිවස ඉදිරිපිට ඇති කුඹුරත් ගෙවත්තත් වගා කරගෙන ජීවත් වෙනවා. වන අලින්ගෙන් වගාවන් රැකගන්නේ බොහොම අමාරුවෙන්. මේ ගේ පොඞ්ඩ ටිකෙන් ටික හදා ගත්තෙත් දුව එවාපු සල්ලිවලින්. මුලදී දරුවොත් එක්ක හිටියේ පොඩි පැලක. මේ ඉඩම මේ වන තෙක් නීත්‍යානුකූලව මට පවරා දී නැහැ. ඒ වෙනුවෙන් කාලයක් තිස්සේම ඉල්ලීම් කරනවා. ජනාධිපතිතුමාටත් ලියුම්වලින් දන්වා යැව්වා. ඒ ගැන සොයා බලා කටයුතු කරන්න කියා මහවැලි කාර්යාලයට  දන්වා එවා තිබෙනවා. නමුත් කවුරුවත් සොයන්න බලන්න ආවෙ ගියේ නැහැ. මේ ඉඩමට මම අක්කර බදුත් ගෙවනවා. ගොවි සංවිධානෙටත් බැදිලා ඉන්නවා. කුඹුරට කෙත් ඇළෙන් වතුර ගන්නට කොන්ක‍්‍රීට් බටයකුත් දමා දී තිබෙනවා.
දැන් කියන්නේ මේ ඉඩමෙන් මාව ඉවත් කරන්න කටයුතු කරනවලූ‍. එහෙමනම් ඒක කරන්න තිබුණේ දැන් නෙවෙයි මීට ගොඩාක් කලින්. අනුන්ට අතපාන්නේ නැතුව  යමක් වවා ගෙන අවුරුදු 20ක පමණ කාලයක් දුක් මහන්සියෙන් ජීවත්වන අපිට මෙහෙමකරණ එක හරිම අසාධාරණයි.
දෙසැම්බර් හතර වෙනිදා හවස දෙකට විතර අපි නිවසේ නැති වෙලාවක ගිරාදුරුකෝට්ටේ මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් පස්දෙනෙක් ඇවිත් ගෙවත්තේ වගා කර තිබූ පොල් පැළ හතම උගුල්ලා දැම්මා. කරවිල,බටු,මෑ,බඩ ඉරිගු වගාවනුත් ගලවලා දමලා. අපි මේ වගාවන් හදාගන්නෙත් රැකබලා ගන්නෙත් බොහොම දුක් මහන්සියෙන්. ඇයි මෙහෙම කළේ කියලා අහන්නට පසුවදා මම ගිරාදුරුකෝට්ටේ මහවැලි කාර්යාලයට ගිහින් කොට්ඨාස කළමනාකාර මහත්තයා ගෙන් ඇහුවා. ඔව් මම තමයි ගැලෙව්වේ. පුළුවන් දෙයක් කරන්නෙයි කියලා සැර දැම්මා. මේ මට සිදු වූ අලාභයත් අසාධාරණයත් පිළිබදව මම ගිරාදුරුකෝට්ටේ පොලීසියේ පැමිණිල්ලකුත් දැම්මා.
මේ පිළිබදව  ගිරාදුරුකෝට්ටේ මහවැලි කොට්ඨාස කළමනාකාර කුලසේකර මහතාගෙන් විමසීමේදී හෙතෙම මෙසේ පැවැසීය.
සෙනේ බණ්ඩා මහතා පදිංචිව සිටින්නේ නිත්‍යානුකූලව පවරා නුදුන් ඉඩමකයි. මෙම භූමිය වන සංරක්ෂණ කොටසට අයිතියි. වන වගා වැඩපිළිවෙළ අනුව මහවැලිය මගින්  මී, බුළු, කුඹුක් වැනි පැළ මෙම භූමියෙත් වගා කර තිබුණා. ඒවා කිසිවක් දැන් නැහැ. පොඩි වළවල් හාරා කුඩා පොල් පැළ කිහිපයක් මේ ගෙවත්තේ සිටුවා තිබුණා. ඒවා ගලවා ඉවත්කළා ඒක මගේ රාජකාරියට අයිති දෙයක්. අනවසරව වන රක්ෂිතවල ස්ථිර බෝග  වවන්නට කිසිසේත්ම නීතිමය ඉඩක් නැහැ. එහෙත් එළවළු වැනි තාවකාලික බෝග කිසිවකටවත් කිසිම හානියක් සිදුකළේ නැහැ.
මේ කුඹුර වගා කරන්නට එපා කියා දන්වා තිබියදී තමයි වගාකළේ. කෙත් ඇළ බලහත්කාරයෙන් කඩා බටයක් දමා වතුර  ලබා ගන්නවා. ඒකත් වැරදියි. මොහුගේ බිරිද නමට උල්හිටිය ඞී 7 උතුර බෙදුම් ඇළ කොටසේ ඉඩමක් තිබෙනවා. ඒ ඉඩමට බලපත් ලබාදීමට මේ වන විට කටයුතු යොදමින් සිටිනවා. වන රක්ෂිත, ඇළවේලි, වැව් රක්ෂිත ආරක්ෂාකර සංරක්ෂණය කිරීම අපේ කාර්යයක්. මොහු මෙම ඉඩමේ වසර 20ක් සිටි බව කියනවා. එහෙමනම් මීට කලින් සිටි අදාළ නිලධාරීන් මේ ගැන සොයා නොබැලීම මෙවැනි ගැටලූවලට හේතුවයි.

ගිරාඳුරුකෝට්ටේ එස්.එස්.එස්. ගුණරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1721

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1740

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1019

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2561

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4019

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10172

Please publish modules in offcanvas position.