Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදය අවුස්සා සංහිඳියාවට බාධා කරනවා

අතීතයේ සිට මේ රටේ ජනතාව සාමයෙන් සංහිඳියාවෙන් ජීවත් වුණත් ඇතැම් දේශපාලනඥයින් පටු අරමුණු සඳහා ජාතිවාදය අවුස්සා මේ රටේ සංහිඳියාවට බාධා එල්ල කරන බව මල්වතු - අස්ගිරි මහානාහිමිවරු ඊයේ (3) සඳහන් කළහ.
ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඊයේ (3) මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක දොළොස් වන දින කොළඹදී පැවැත්වෙන සර්ව ආගමික සමුළුවට සහභාගි වන ලෙස මහානාහිමිවරුන්ට ආරාධනාවක් කළේය.

එහිදී මල්වතු පාර්ශ්වයේ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ මෙසේද කීහ.
අතීතයේ සිට අපේ ජනතාව සංහිඳියාවෙන් ජීවත් වුණා. නමුත් ඇතැම් දේශපාලනඥයන් අද ජාතිවාදය අවුස්සන්න කටයුතු කරනවා. ඒ තුළින් ජනතාව කුපිත වනවා. සමහරු සංහිඳියාවට කටයුතු කරන අතරතුර සමහරු සංහිඳියාව මෙරටින් ගිලිහී යන්න කටයුතු කරනවා. දේශපාලනඥයින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න ජාතිවාදය අවුස්සනවා. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලු ජනතාව අතර දේශපාලන වාසි සඳහා ජාතිවාදය වපුරවමින් සංහිඳියාව නැති කරන්න ඇතැම් දේශපාලනඥයින් කටයුතු කරනවා. මේ සියලු ජාතීන් අතරම අන්තවාදීන් සිටිනවා. අද මුස්ලිම්, ද්‍රවිඩ ජාතීන් පැවිදි වෙනවා. නමුත් ඇතැම් මුස්ලිම් වැඩිහිටියන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මාවනැල්ල පැත්තේ පිරිවෙන් අවසානය දක්වා අධ්‍යාපනය ලැබූ මුස්ලිම් හිමිනමක් සිටියා. එයාගේ පියාට අනෙක් මුස්ලිම් අය සිදුකළ බලපෑම් නිසා එය සිවුරු අරින්නට කටයුතු කළා. මෙවැනි කටයුතු නිසා සංහිඳියාවට බාධාවක් ඇති වනවා යැයිද මහා නාහිමියෝ කීහ.
අස්ගිරි පාර්ශ්වයේ නායක වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් පවසා සිටියේ අතීතයේ සිට අපේ ජනතාව මේ රට තුළ සංහිඳියාවෙන් ජාතීන් අතර සමගියෙන් ජීවත් වුණු බවයි.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ‍ලේඛකාධිකාරී අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ එහිදී මෙසේද පැවැසූහ.
මේ රටට අලුතින් සහජීවනය සංහිඳියාව කියා වචනයක් එක්ව තිබෙනවා. අප එය අගේ කරනවා. මේ රටේ සිංහල බහුතරය සමග ද්‍රවිඩ, මුස්ලිම්, හින්දු, කතෝලික ජනතාව සහජීවනයෙන් සංහිඳියාවෙන් ජීවත් වුණා කියලා අද බොහෝ අය අමතක කරනවා. වෙනත් රටවල ඇතිවන වාර්ගික අර්බුද මේ රටේ ඇති වුණේ නැහැ. ලෝකයේ සහජීවනයට හොඳම නිදසුන මේ රටේ සිංහල ජනතාවයි. සිංහල ජාතිය බහුතරයක් සිටියත් මේ රටේ ජීවත් වන සුළු ජාතීන්ට හිරිහැර කරන්නේ නැහැ. ඒ සඳහා බුදු දහමින් ලැබෙන ශික්ෂණය බොහෝ වැදගත්. එයට හොඳම නිදර්ශනය තමයි අපේ පන්සල් ඉඩම්වලයි බොහෝ අන්‍යාගමික සිද්ධස්ථාන ඉදිකර තිබෙන්නේ. එදා සිට මේ සහජීවනය ඇති වී තිබුණා. අද මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ මේ දේශපාලනඥයන් නිසයි. මේ රටේ බේද නිර්මාණය කළේ දේශපාලනඥයන් බව අප අවංකවම පිළිගත යුතුයි. දේශපාලන වාසි තකා ඇතැම් අය යම් යම් වාර්ගික අර්බුද ගොඩනගා තම දේශපාලන ස්ථාවර හදාගන්නවා. ජනතාව තුළ දේශපාලනඥයන් විසින් ජාතිවාදය ආගම්වාදය වපුරා ඒ ජනතාව තුළ යම් යම් බලා‍පොරොත්තු ඇති කරනවා. ඉන් පසු මේ රටේ සහජීවනය නැති වී යනවා.

අපි පසුගියදා යාපනයේ ගියා. ඒ ජනතාව අපෙන් ඉල්ලන්නේ හරිම සාධාරණ ඉල්ලීම. ඒ අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ විධායක ජනාධිපති ක්‍රමය හෝ වැඩක් නැහැ. ඒ අය ඉල්ලන්නේ තමන්ගේ එදිනෙදා කටයුතු පහසුවෙන් කරගෙන යන්න මූලික අවශ්‍යතා ඉටුකරදෙන්න කියලයි. මේ ප්‍රශ්න උතුරටත් දකුණටත් ‍පොදු ප්‍රශ්නයි. ප්‍රශ්න නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකිරීම නිසා සංහිඳියාව නැති වී වාර්ගික අර්බුද ඇති කරනවා. මේ සඳහා දේශපාලනඥයන් දැනුම්වත් කරන්න. යාපනයේ ද්‍රවිඩ ජනතාව ඉල්ලා සිටියා යාපනයේ සිංහල මහා විද්‍යාලය නැවත පටන් ගන්න කියලා. ඒ අය කියන්නේ යාපනයේ සේවය කරන සිංහල අයගේ දරුවන්ට එහි අධ්‍යාපනය ලබන්න සිංහල පාසලක් නැතිවීම නිසා ඒ නිලධාරීන් එහෙන් පිටව යනවා. ඒ නිසා ඒ අයට අධ්‍යාපනය ලබන්න සිංහල පාසලක් ඇති කරන්න කියලයි ඒ අය ඉල්ලා සිටින්නේ. අද මේ ජනතාව අතර ඇති වැරදි අවබෝධය නිසා මේ ප්‍රශ්න හට ගන්නේ. අද සිංහල මුස්ලිම් - ද්‍රවිඩ කියා කොටස්වලට බෙදී වෙන් වී ඉන්නේ. ඉතින් කොහොමද මේ රටේ සංහිඳියාවක් ඇති කරන්නේ. ජාතික ආගමික වාර්ගික පදනමින් මේ ප්‍රශ්න දෙස බලා ඒවා විසඳන්නට යාමෙන් මේ ප්‍රශ්න පැන නගින බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එහිදී මහා නාහිමිවරුන් හමුවේ අදහස් දැක්වූ මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙසේ කීය.
දෙසැම්බර් 12 වන දින සර්ව ආගමික සමුළුවක් කොළඹදී පැවැත්වෙනවා. එයට ඔබ වහන්සේලාට ආරාධනා කරනවා. අද මේ ආණ්ඩුවේ සහ හිටපු ආණ්ඩුවේ දූෂණ ප්‍රශ්න, උතුරේ ජාතික කොඩිය එසවීමට අකමැත්ත පළ කිරීම, දකුණේ ආගම් අතර ගැටුම්, අතරතුර ඉදිරියේදී මැතිවරණයක්ද එනවා. ඒ නිසා අද ජාතික සමගිය යට යමින් පවතිනවා.  එය රටට හොඳ තත්ත්වයක් නොවෙයි. සමහරු සමාජය කඩනවා. අප එය නැවත හදනවා. බුදුදහමට ප්‍රමුඛ තැන තියෙනවා. එහි අකුරක්වත් අඩුකරන්න දෙන්නේ නැහැ. සමහරු මුදල් දීලා ආගමට හරවන්න යාම වැරදියි. ආගමක් තමන් විසින් අවබෝධ කරගෙන වැළඳගත යුතුයි. අද යුරෝපා රටවල බෞද්ධ සහ හින්දු ආගම අදහන්න විදේශිකයන් විශාල ලෙස පෙළඹෙනවා. ජාතිවාදය ආගම්වාදය ත්‍රස්තවාදය නැති කරන්න අප කටයුතු කළ යුතු අතර ජාතික සංහිඳියාවට ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට ඇති බවද අමාත්‍යවරයා මහනාහිමිවරුන්ට පැවැසීය.

ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1726

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1741

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1020

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2562

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4020

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10174

Please publish modules in offcanvas position.