Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

‘අපේ බුදුන් අපි වඳින්ඩ’ දොරට වැඞීම දෙසැම්බර් 02 වැනි දා

‘සපරගම ශ‍්‍රද්ධාදීපනී’ සද්ධර්ම සංචරණ වැඩ සටහනේ දෙවැනි වන්දනා නඩය පැරණි සිරිතට අනුව සිරිපා කරුණාවට  පිටත්වීම සහ ශ‍්‍රීපාද වන්දනාව  පිළිබදව ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් ඇතුළු ලේඛක මණ්ඩලයක් විසින් සකස් කළ ‘අපේ බුදුන් අපි වඳින්ඩ’ නව ග‍්‍රන්ථය දොරට වැඞීමේ දහම් හමුව 2017 දෙසැම්බර් මස 02 වැනි සෙනසුරාදා උදෑසන 7.00ට, රත්නපුර සබරගමු මහ සමන් දේවාල භූමියේ දී පැවැත්වේ.
රත්නපුරයේ ‘මිණිදන පදනම’ වැඩසටහන සංවිධානය කරන අතර, දෙවැනි සම්ප‍්‍රදායික වන්දනා නඩයට මෙවර ද වන්දනාකරුවන් 50 දෙනෙක් සහභාගි  වෙති.  එදින උදෑසන ඔවුන් සබරගමු මහ සමන් දේවාල භූමියේ දී ආගමික වතාවත්වලට සහභාගි වන බවත්, ඉන් පසුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන වන්දනාවට පිටත් වන බවත්, ‘සපරගම ශ‍්‍රද්ධාදීපනී’ සද්ධර්ම සංචරණ වැඩ සටහනේ නිර්මාතෘ සහ රත්නපුර ‘මිණිපුර මිණි මියුසියම් ආයතනයේ’ අධිපති, සාමවිනිසුරු කපිල චම්පක අතුරලියගම මහතා පැවසී ය.

 


ශ‍්‍රීපාද වන්දනාව  පිළිබදව මහජනතාව දැනුවත් කිරීම පිණිස ප‍්‍රවීණ මාධ්‍යවේදී ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් ඇතුළු ලේඛක මණ්ඩලයක් විසින් සකස් කළ ‘අපේ බුදුන් අපි ව`දින්ඩ’ නව ග‍්‍රන්ථය ද එහි දී දොරට වැඞීම, මෙවර පින්කමේ විශේෂත්වයයි. ජයන්ත විජේරත්න හේරත්, ධර්මශ‍්‍රී තිලකවර්ධන, රංජිත් ඉලේපෙරුම, බුද්ධික රත්නකුමාර, සරත් වීරවංශ, අජිත්ලාල් ශාන්තඋදය, චන්දන සමරවික‍්‍රම, පියතිස්ස පාදුක්කගේ සහ ප‍්‍රියන්ත බණ්ඩාර යන ලේඛකයන් විසින් නව ග‍්‍රන්ථය සකස්කර ඇත. එය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ රත්නපුර ‘මිණිපුර මිණි මියුසියම්’ ආයතනය මගිනි.
රත්නපුර ප‍්‍රදේශය මුල්කර ගෙන ක‍්‍රියාත්මක කෙරෙන ‘සපරගම ශ‍්‍රද්ධාදීපනී’ සද්ධර්ම සංචරණ වැඩසටහනට, ශ‍්‍රීපාද වන්දනාවට අමතරව, ලබන වෙසක් සමය දක්වා පොහොය දින හයක් පුරාවට කෙරෙන පෙහෙවස් සමාදන් වීමේ පින්කම් මාලාවක්, වන මල් පූජාවක්  සහ චීවර පූජාවක් සහිත දානමය පින්කමක් ද ඇතුළත් වේ.
‘සපරගම ශ‍්‍රද්ධාදීපනී සද්ධර්ම සංචරණ වැඩසටහන’ ක‍්‍රියාත්මක වන්නේ, රත්නපුර, සපරගමු මහ සමන් දේවාලය අසල පිහිටි ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානය මුල්කර ගනිමින්, එහි විහාරාධිපති, පූජ්‍ය කරවිට උපනන්ද නාහිමියන්ගේ මගපෙන්වීම පරිදි ය.
සමාජයෙන් ගිලිහී යමින් තිබෙන පැරණි බෞද්ධ වන්දනා සිරිත් සුරැකීම සහ පින් රැුස්කර ගැනීමට ශක්තියක් නැති අයට ඒ සදහා උපකාරී වීමේ අරමුණින් යුතුව වැඩසටහන පැවැත්වෙන බව, රත්නපුර මිණිදන පදනමේ සභාපති සහ ‘මිණිපුර මිණි මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ අධිපති, සාමවිනිසුරු කපිල චම්පක අතුරලියගම මහතා පවසයි.
සිරිපා වදින්නට යන එම පිරිසට රක්ෂණ ආවරණයක් ද හිමිවේ. එයට අනුග‍්‍රහය දක්වා ඇත්තේ, ‘රත්නපුර ඔර්ලෝසු කණුව ඉදිරිපිට  මැණික් වෙළෙද ව්‍යාපාරික සංගමය’ විසිනි. සිරිපා වන්දනා ගමනෙහි බරපැන, කැපකාර පවුල් 50ක් විසින් ද, මිණිදන පදනම මගින් ද දරන බව, කපිල චම්පක අතුරලියගම මහතා පැවසී ය. වන්දනාකරුවන්ට සත්කාරක සේවා සපයන්නේ පානදුරේ ‘බෙස්ට් ලයිෆ්’ ආයතනය මගිනි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1725

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1741

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1020

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2562

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4020

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10174

Please publish modules in offcanvas position.