Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දේවානන්ද හිමි ජර්මනියේ සමථබල සම්පන්න ප්‍රධාන සංඝනායක පදවියට

ශ්‍යාමෝපාලී මහා වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේණස්ථානයේ අධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්‍ලේ දේවානන්ද හිමියන් වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ෂිත භාෂාන්තර විශාරද යන ගෞරව නාමය සහිතව ජර්මනියේ සමථ බලසම්පන්න ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. රඹුක්වැල්‍ලේ දේවානන්ද හිමියන් විසින් පුරා වසර විසි පහක් තිස්සේ ජර්මනිය ප්‍රධානකොට යුරෝපය ඇතුළු දේශීය හා විදේශීය වශයෙන්  සිදුකරන ලද ජාතික, ආගමික, සමාජයීය හා ශාස්ත්‍රීය සේවාවට උපහාරයක් වශයෙන් උන්වහන්සේ වෙත මෙකී පදවිය පිරිනමා ඇත.
මහනුවර තෙල්දෙණිය රඹුක්වැල්‍ලේ පදිංචිව සිට (පරලොව සැපත්) දිසානායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර දිසානායක නිලමේතුමාගේ හා කුලසේකර මුදියන්සේලාගේ පුංචි මහත්තයා යන දෙ‍පොළගේ පුත් රුවනක් වූ මේ හිමියන් පැවිදි බිමට පත්වීමට පෙර තෙල්දෙණිය දුම්බර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගම්පහ දොරණෑගොඩ සදානන්දා මහ පරිවේණස්ථානයට ඇතුළත්ව වර්ෂ 1976දී එවකට දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේණාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත රඹුක්වැල්‍ලේ ශ්‍රී බුද්ධරක්ෂිත පඤ්ඤාසාරාභිධාන සීනාදී සිව් කෝරළයේ විශේෂ අධිකරණ සමථ බලසම්පන්න ප්‍රධාන සංඝනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා තත්ශිෂ්‍ය එම විහාරාධිපති හා සදානන්ද මහ පිරිවෙනේ අධ්‍යක්ෂව වැඩ සිට අපවත්වී වදාළ කුරුකොහොගම ශ්‍රී බුද්ධරක්ෂිත ජිනානන්දාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට ඇතුළත් විය.
1984 වර්ෂයේදී ප්‍රාචීන විභාගය සමත් වූ උන්වහන්සේ එම වර්ෂයේදීම අ.‍පො.ස. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් ඉදිරිපත්ව ඉතා උසස් අන්දමින් සමත්ව ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගෙන 1985දී කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූහ. 1985දී මහනුවර මල්වතු මහාවිහාරිය උ‍පොෂථාගාරයේදී උපසම්පදා අධිශීලය ලබාගත් උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල, ජනසන්නිවේදනය සහ බෞද්ධ දර්ශනය යන විෂත්‍රයන්ගෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය හදාරා 1990 වර්ෂයේදී පවත්වනු ලැබූ එම උපාධි පරීක්ෂණයෙන් කලාතුරකින් ලැබිය හැකි (ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථයක්) ට්ඥදඥපචත ජ්ඪපඵබ ඛිතචඵඵ දිනාගත්තේය.
අනතුරව පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් උන්වහන්සේ එවකට කොළඹ ජර්මන් ධර්ම දූත සංගමයේ සභාපති වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති වූද දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ‍ලේකම් වූද, ඇම්.ජේ. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව 1992 ජර්මනියේ බර්ලින් විහාරයට වැඩම කර විදේශීය ධර්මදූත සේවාවට එක්විය. 1994 සිට 1998 දක්වා බර්ලින් විහාරාධිපතිත්වය දැරූ උන්වහන්සේ ජර්මන් ජාතික බෞද්ධයන්ගේ අනුග්‍රහයෙන් ක්‍රි.ව.2000දී බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරය නමින් විහාරස්ථානයක් ආරම්භ කළේය.
සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි හා ජර්මන් භාෂාවන් පිළිබඳ පෘථුල අවබෝධයක් ඇති උන්වහන්සේ ජර්මන් භාෂාව චතුර ලෙස හසුරවමින් එම භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ලිපි ලියන ප්‍රවීණ පුවත්පත් ‍ලේඛකයෙක්ද වෙති. 1994 වර්ෂයේදී යුරෝපා මහා බෞද්ධ සම්මේලනය බර්ලින් නුවර පැවැත්වීම, ජර්මනියේ හිට්ලර් විසින් අරඹන ලද දෙවන ලෝක සංග්‍රාමයේදී ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මියගොස් වසර 50ක් පිරීම නිමිති කරගෙන 1994 වර්ෂයේදී ජර්මනියේ හිටපු ජනාධිපති ආචාර්ය රිචර්ඩ් ෆොන් වෛසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නායකයන්ගේ හා ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බර්ලින්නුවර පිහිටි ජර්මන් පාර්ලිමේන්තුවේදී 1994/05/30 දින පැවැති ගුණානුස්මරණ උත්සවයේදී බුදුදහම වෙනුවෙන් ජර්මන් භාෂාවෙන් දේශනයක් රඹුක්වැල්‍ලේ දේවානන්ද හිමියන් විසින් පැවැත්වීම සුවිශේෂි සිදුවීමක් වූ අතර එය බෞද්ධ භික්ෂුවක් විසින් ජර්මන් පාර්ලිමේන්තුවේ පවත්වනු ලැබූ ප්‍රථම හා එකම දේශනයද වේ.
ජර්මනියේ රාජ්‍ය භාෂා දොර්තමේන්තුවේ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කරන රඹුක්වැල්‍ලේ දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැන උගත් ශිෂ්‍යයන් පිරිසක්ද බිහිකර ඇති අතර එම ශිෂ්‍යයන්ද දෙස් විදෙස් වශයෙන් ධර්ම සේවාවන්හී යෙදී සිටී. පසුගිය වසර 25 තුළ රඹුක්වැල්‍ලේ දේවානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙතින් ථෙරවාදී බෞද්ධයන් බවට පත්වී බුදුදහම, භාවනාව, පාලි හා සිංහල භාෂාවන් ඉගෙනගත් අතිවිශාල ජර්මන් ජාතික පිරිසක්ද වෙති.

මුල්‍ලේගම විමලානන්ද හිමි
බලංගොඩ ප්‍රියදර්ශනාරාමාධිපති

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 1709

මගේ ගීත ගායනා කරන්න එපා වික්ටර්ගෙන් පුතුන්ට නියෝගයක්

IMAGE 2017 Dec 17 11:32
නව පරපුරේ සංගීතවේදියකු වන ඉරාජ් වීරරත්න මීට මාස කිහිපයකට පෙර නිර්මාණය කළ දැණුනා නම්වූ...
Views - 1730

රුපියල් දහසේ නෝට්ටු මවන භූතයෙක්

IMAGE 2017 Dec 17 10:13
නිවෙස්වලට කඩාවැදී ගෙහිමියන්ට වින පමුණුවන භූතයන් ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,...
Views - 1013

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 2555

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 4014

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 10163

Please publish modules in offcanvas position.