Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අමුත්තන් තුටු කරවන ජපානයේ ගේෂාවෝ

ජපන් සංස්කෘතිය ගැන කතා කරන්නේ නම් ගේෂාවන් ගැන කතා නොකරම බැරිය. එහෙත් ගේෂාවන් යැයි කී සැණින් ඔබට සිහිපත් වන්නේ තවත් ගණිකාවන් විශේෂයක් නම් ඔබ වැරදිය. ඇතැම් ගේෂාවක් ගණිකාවක් විය හැකි වුවත් සියලූ ගේෂාවන් ගණිකාවන් නොවේ. මොවුන් ආගන්තුක සත්කාරයේ යෙදෙන කලාශිල්පිනියන් සේ හැඳින්වම වඩා සාධාරණ බව පෙනේ. මේ ඔවුන් ගැන කරුණු කිහිපයකි.
ගේකෝ හා ගේජී යන නම් වලින් හැඳින්වෙන්නේද ගේෂාවන්මය. ජපන් බසින් ගේ (gei) යනු විනෝදාස්වාදය සැපයීමේ නිපුණතාවෙන් යුත් යන අරුත් දෙන පදයකි. Id (sha) යනු පුද්ගලයා හෝ යම් ද්‍රව්‍යයක් බව හගවන පදයයි. කෝ (ko) හි අදහස ළමයා යන්නයි. උත්සව ශාලාවක සිටින පිරිස සම්ප‍්‍රදායික ජපන් සංගීතයෙන් හෝ ගායනයෙන් පිනවන කාන්තාව හැඳින්වමට (gi) යන වදන යෙදේ. මේ පද එක්ව සෑදෙන ගේෂා හෝ ගේජී යනු ගැයුමෙන් වැයුමෙන් අමුත්තන් පිනවන කාන්තාවන් බව වටහා ගත හැකිය. 
අතීතයේ ගේෂා යන පදය යොදන ලද්දේ අමුත්තන් සඳහා විනෝදාස්වාදය සැපයූ පිරිමින් සඳහාය. එය මනා පුහුණුවක් හා දක්ෂතාවක් තිබිය යුතු වෘත්තියක් විය. එම කාර්යයේ යෙදුණු ගැහැනුන් හඳුන්වන ලද්දේ ගෙකෝ නාමයෙනි. ඒ යුගයේ ඔවුන්ගේ ප‍්‍රධාන කර්තව්‍යය වූයේ ගේෂාවරුන්ට උදව් කිරීමයි. ගේෂා යන්න ස්ත‍්‍රීන් සඳහා භාවිත කිරීම ඇරඹී ඇත්තේ ක‍්‍රි. ව. 1750 තරම් පසුකාලීනවයි.
ගේෂා වෘත්තිය සඳහා සංගීතය, නර්තනය හා ආගන්තුකයන් හා සුහද සංවාදයේ යෙදීම ආදී අංශ කිහිපයකින් විශේෂ පුහුණුවක් ලබා තිබිය යුතුය. පුහුණුවන ඒ ඒ අවධි හැඳින්වීමට ඊට අදාළ නම් කිරීම් ඇති අතර අඳිනු ලබන කිමෝනාව හා කොණ්ඩා මෝස්තරය ද අවධිය අනුව වෙනස්වේ.
සම්ප‍්‍රදායික නැටුම් ආදිය පුහුණුවන්නන් හැඳින්වෙන්නේ මෙයිකෝ යනුවෙනි. ඔවුන් ස්වභාවික කොණ්ඩය සරසා ගන්නා අතර ගේෂාවෝ කෘත‍්‍රිම කොණ්ඩා පලඳිති. 
ගේෂා වෘත්තිය සඳහා උත්සව, භෝජන සංග‍්‍රහ ආදී අවස්ථාවලදී ආගන්තුක සත්කාර හා සංගීතාංග පුහුණුව ලබන අවස්ථාවේ ඔවුන් ඔහයාෂි නම්වේ. ඔහයාෂි යනු උත්සවවලදී ඉදිරිපත් කරනු ලබන ජපන් සංගීතාංග විශේෂයකි. එරට වෙසෙන ජාතීන් අතර පවතින විවිධත්වය එයින් නිරූපණය කෙරේ.
කොට්ටයක් නැතිව හෝ ඒ වෙනුවට කුඩා ලී ආධාරකයක් භාවිත කරමින් නිදා ගැනීමට ගේෂා දැරියන් පුහුණු කරනු ලැබේ. ඒ ඔවුන්ගේ කොණ්ඩා මෝස්තරය අවුල් නොව’ වැඩි කාලයක් රැක ගැනීමට හැකිවනු පිණිසයි.
ගේෂාවන් සිය මුහුණ හා බෙල්ලේ ඉදිරිපස හා පසුපස සුදු පැහැති කුඩු වර්ගයකින් ආවරණය කර ගන්නේ ඉටිපන්දම් එළියට මුහුණ වඩා ශෝභාමත්ව දිලෙනු පිණිසයි.  ඕෂිරෝයි නමැති එම පුයරවල එකල ඊයම් අඩංගුව තිබී ඇත. එනිසා ඒවා භාවිත කළ අයට පසුකාලයේ තදබල සෞඛ්‍ය ගැටලූ පැනනැගි බව සඳහන්ය. වියපත් වෙත්ම ඔවුහු ඒවා ගැල්වීම නතර කරති. 
ඇස් වටා කළු පාටින් අඳින ගේෂාවෝ ඇසිපිය අග රතු පාට කරති. තොල් පාට කරන්නේ තද රත් පැහැයෙනි. ආධුනිකයන්ට නම් සිය පුහුණුවේ පළමු වසර තුළ රතුපාට තැවරිය හැක්කේ යටි තොලේ පමණි.
ජපන් කාන්තාවන් අතීතයේ තම දත් කළුපැහැ ගන්වා සිටීම අලංකාරයක් සේ සලකා ඇත. ඔහැගුරෝ නමැති එම සිරිත ගේෂා යුවතියෝ මෙයිකෝ අවධිය සපිරූ පසු තවමත් අනුගමනය කරති.
සියලූ අංගරාගයන්ගෙන් සැරසී අමුත්තන් හමුවට පැමිණීමට ගේෂාවකට අවම වශයෙන් පැය දෙකක්වත් ගතවේ. ඔවුන් බොහෝවිට සැරසෙන්නේ අතින් වියන ලද කිමෝනාවකිනි. ඒවා ඩොලර් සිය දහස් ගණනක් වටිනා අතර වරක් ඇඳි කිමෝනාව නැවත ඇඳීමට ඔවුන් අකමැති බව පැවසේ. මේ කිමෝනාවක් කිලෝ ග‍්‍රෑම් 20ක් පමණ බරැතිය. තම වටිනා ඇඳුමේ වාටි බිම නොගෑවී ඇවිදීමට ඔවුහු පුහුණු වෙති.
බොහෝ භාෂාවන්හි මෙන් යමක් නම් කිරීමේදී වෙනත් වචන යොදා වක්‍රෝක්ති යෙදීම ජපන් භාෂාවේ භාවිත වන අලංකාරෝක්තියකි. ඒ අනුව ඔහැනදායි, ගියෝකුදායි, සෙන්කෞදායි ආදී වශයෙන් ගේෂාවන් ද වර්ග කරනු ලැබ ඇත. දායි යනු මිල වටිනාකමයි. ඔහැනා යනු පුෂ්පයයි. මැණිකක් හැඳින්ව’මට ග්යෝකු යන වදන භාවිත කෙරේ. සෙන්කෞ යන්නෙන් අදහස් වන්නේ කේන්තියයි. ආගන්තුකයන් විනෝදයට පත් කිරීම වෙනුවෙන් ඔවුනු ගෙව’ම් ලබන්නේ මේ වර්ගීකරණ අනුවයි. 
බොහෝ අය ගේෂාවන් ලිංගික සේවා සපයන්නියන් යැයි වරදවා වටහා ගනිති. එවන් අතළොස්සක් සිටිය හැකි වුව ද ඔවුන්ගේ වෘත්තිය වන්නේ ආගන්තුකයන්ට විනෝදාස්වාදය සැපයීමයි. ලිංගික සේවා සපයන කතුන් වෙනම සිටින අතර ඔවුන් හැඳින්වෙන්නේ ‘ඔයිරන්’ යනුවෙනි.
තම සේවාලාභීන් හා කිසිදු බැඳීමක් ඇති කර ගැනීම ගේෂාවන් නොකළ යුත්තකි. ගේෂාවක විවාහ වුවහොත් එතැන් පටන් ඇගේ ගේෂාවෘත්තිය නිමාවට පත්වේ. කිසි ලෙසකින් පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනේ.
ගේෂාවක බවට පත්වීම සිදුවන්නේ ද අපූරු ආකාරයකිනි. දැරියක වයස අවුරුදු 6 සපුරා මාස 6ක් ඉකුත්වූ තැන යෙදෙන 6වන දින ගේෂා පුහුණුව ඇරඹීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි. එහෙත් වර්තමානයේ කනිටු අධ්‍යාපනය නිමවා අවුරුදු 15දී මේ පුහුණුව ඇරඹේ. එය වසර 5කින් නිමා කෙරෙන පුහුණුවකි.
සෑම ගේෂා යුවතියක්ම තම වෘත්තිය ආරම්භ කරන්නේ ගෘහ පාලිකාවක වශයෙනි. ආහාර පිසීම, පිරිසිදු කිරීම, පණිවුඩ ගෙනයාම, නවාතැනේ සිටින සැමට සේවය කිරීම ඇගේ දෛනික කටයුතුවලට අයත්ය. 
ඊළගට එළඹෙන්නේ මිනරායි අවධියයි. එහි තේරුම ආධුනිකයන් ජ්‍යෙෂ්ඨ මයිකෝ තරුණියන් නිරීක්ෂණයෙන් උගන්නා බවයි. අමුත්තන් පිනවීමට යාමට කලින් ඔවුන් මේ පුහුණුව ලද යුතුය. ජපානයේ සම්ප‍්‍රදායික තේ වතාවත, සංගීතය, නර්තනය, සතුටු සාමීචියේ යෙදෙන ආකාරය, ඉලෙක්ට්‍රොනික ක‍්‍රීඩා ආදිය මේ කාලයේදී ඉගැන්වේ. සුදුසුකම් සපිරි ගේෂාවන් වුව ද ඔවුහු පුහුණුවීමේ හා ප‍්‍රායෝගික පාඩම්වලට සහභාගිවීම කිසිදා අත්නොහරිති. 
ගේෂාවක වීම සඳහා ඩොලර් 500,000ක පමණ විශාල මුදලක් හා කාලයක් වැය කිරීමට සිදුවේ. එම මුදල් වැය කරනු ලබන්නේ බොහෝ බලගතු ධනවතකුය. ඔහු හැඳින්වෙන්නේ ‘දන්නා’ නමිනි. ඔහු විසින් වියදම් කර පුහුණු කරගනු ලබන ගේෂාව ඇගේ ජීවිත කාලය පුරා රැුකබලා ගන්නේ ද ඔහුය. එනිසා ‘දන්නා’ යනු මහත් සමාජ කර්තව්‍යයකට උර දෙන්නෙකු ද වේ. එහෙත් මේ භාරකාරත්වය යම් ලිංගික බැඳීමක් නොවන බවයි පැවසෙන්නේ. ගේෂා පුහුණුව ලැබීම සඳහා දැන් විදේශිකයන්ටද අවස්ථාව සැලසී ඇත.
පුහුණු කාලය තුළ හෝ පසුව හෝ ජංගම දුරකතන භාවිත කිරීම මොවුනට තහනම්ය. එහෙත් දිනපතා පුවත්පත් කියවීම අනිවාර්යය. ඒ තම ගනුදෙනුකරුවන් හා සාමීචියේ යෙදීමට යාවත්කාලීන වූ දැනුමක් තිබිය යුතු බැවිනි. ඇතැම් ධනවතුන් හා බලවතුන් පිනවීමට ගේෂාවන්ට සිදුවේ. එබැවින් රහස්‍යභාවය රකිමින් මනා සංයමයක් හා විශ්වාසවන්ත බවක් සහිතව කටයුතු කිරීම ඔවුන්ගේ ආචාර ධර්මයකි. 
ආගන්තුකයන් පිනවමින් සත්කාරයේ යෙදෙන අතරතුර ආහාර ගැනීම මොවුන්ට තහනම්ය.
සෑම ගේෂාවකටම ඔනී සාන් යනුවෙන් හැඳින්වෙන උපාධ්‍යවරියක සිටී. ඔවුනොවුන් සොයුරියන් සේ සිටිය යුතු අතර ඔනී සාන් වැඩිමල් සොයුරිය සේ සැලකේ. එය ගේෂා සංස්කෘතියේ වැදගත් ලක්ෂණයකි. 
ගේෂාවන් සිටින ස්ථාන හැඳින්වෙන්නේ ඔකියා නමිනි. එහි භාරකාරිය ගේෂා මව යන අරුතැති ඔකාසාන්ය. යමෙකුට ගේෂාවක් ලබාගත යුතු නම් ඔහු ඔකියාහි ඔකාසාන් මගින් එය කර ගත යුතුය. ඔකියා හා සම්බන්ධ කෙනෙකු මගින් මිස මුහුණ බලා ගේෂාවක් තෝරා ගැනීමට නොහැකිය. 
මසකට දිනක හෝ දෙකක නිවාඩුව හැර ඉතිරි කාලය මහන්සිවී වැඩ කිරීමට ඔවුන්ට සිදුවේ. තම බාල සොයුරියන්ට ආදර්ශවත් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමයි. 
කිසි විටෙක ගේෂාවෝ තම සැබෑ නම භාවිත නොකරති. ව්‍යාපාරයට සෞභාග්‍යය හා වාසනාව කැන්දන සුබ නම් වලින් ඔවුන් හැඳින්වේ. ගේෂාවකගේ සේවය ලබා ගැනීම සඳහා පැයකට ඩොලර් 500ක් තරම් මිලක් වැය කළ යුතුය. එය සේව්‍ය සේවක දෙපක්ෂයේ විශ්වාසය මත කෙරෙන ගනුදෙනුවකි. ගැහැනු පිරිමි දෙපක්ෂයම ගේෂා සේවය ලබා ගනිති. 
ගනුදෙනුකරුවෙකු සමග මේ සත්කාරක ළඳුන් ගත කරන කාලය මැනෙන ආකාරය ද අපූරුය. දල්වනු ලබන හඳුන්කූරු සංඛ්‍යාව මත එය මැනෙන අතර ඔරලෝසුවක් භාවිත නොකෙරේ.
තමන් ලස්සන බව ඇසීම තරම් ප‍්‍රශංසාවක් ගේෂා ළඳකට තවත් නැත. සැබැවින්ම ඔවුන් ප‍්‍රියමනාපය. ආචාරශීලීය. නැටුමෙන්, ගැයුමෙන්, වැයුමෙන් හා සුහද සංවාදයෙන් අනෙකාට සංග‍්‍රහ කිරීමට හපනියෝය. මෙනිසා අධික මිලක් වැය වුව ද ගේෂාවකගේ සත්කාර විඳිමින් හෝරාවක් හෝ ගතකිරීමට ජපන් ධනවත්තු මැලි නොවෙති.
 
ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1847

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3270

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9037

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4685

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4850

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6577

Please publish modules in offcanvas position.