Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තොරතුරු තාක්‍ෂණය උපාධියක් හිමිකරගත් ළාබාලම දැරිය වශින්‍යා

”ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත” අපේ ජනප‍්‍රිය පැරණි කියමනකි. මෙයින් කියන්නේ මේ ලොව උපන්  ඕනෑම අයෙකුට එක් දෙයකට හෝ ලොකු හැකියාවක් ඇති බවයි. එ්ත් මේ කියමන වෙනස් කළ අයද ඇත්තේය. අපට ඔවුන් ගැන කියන්නට වන්නේ ”ඇතැම් අය බොහෝ දේට වෙයි සමත” වැනි කියමනකි. අද අපි කතා කරන්නට යන්නේද එසේ බොහෝ සමත්කම් ඇති එ් සමත්කම් ලොවට පෙන්වූ දැරියක් ගැනය. ඇය වශින්‍යා පේ‍්‍රමනාන්ද, ගම මහනුවරය. වයස අවුරුද පහළොවයි. වශින්‍යාගේ මව ලක්ෂි පේ‍්‍රමනාන්දය. ඇය තොරතුරු තාක්‍ෂණය පිළිබඳ කථිකාචාර්යවරියකි. පියා එම්. පේ‍්‍රමනාන්ද නඩරාජාය. ව්‍යාපාරිකයෙකි.වයස අවුරුදු එකොළහේදී තොරතුරු තාක්‍ෂණය පිළිබඳ බී.එස්.සී. උපාධිය හිමිකරගත් ලොව පළමු සහ එකම තැනැත්තිය වන්නේ පුංචි වශින්‍යාය.
බි‍්‍රතාන්‍ය පරිගණක සංගමය මගින් ලබාදෙන මෙම උපාධිය සදහා වශින්‍යා අයදුම් කරන්නේ ඇයට වයස අවුරුදු නවයේදීය. එතැන් සිට වසර දෙකකට අධික කාලයක් ඇය මෙම උපාධිය සදහා ඉගෙන ගත්තාය. වශින්‍යා එහි අවසන් විභාගයෙන් ඉතා විශිෂ්ට ලෙස සමත් වී බී.එස්.සී. උපාධිය හිමි කරගන්නේ අඩු වයසින් මෙම උපාධිය හිමිකරගත් ලොව එකම සහ ප‍්‍රථම ශිෂ්‍යාව ලෙසය. මීට අමතරව ඇය නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන Computer skills class 4. Diploma in IT international. Diploma in Web Engineering. International Computer Driving license(ICDL). Softskills traning ආදී පාඨමාලා රැුසක්ද හදාරා ඇත්තීය.
පරිගණක පිළිබදවත් තොරතුරු තාක්ෂණය පිළිබදවත් පුංචි වශින්‍යා පරතෙරට ගියත් ඇගේ එකම බලාපොරොත්තුව වන්නේ අනාගතයේ වෛද්‍යවරියක් වීමය. වෛද්‍ය ක්ෂේත‍්‍රයේද ඇය වඩාත්ම අසා කරන්නේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් වී රට වෙනුවෙන් මහත් සේවයක් කිරීමටය. ඒ සදහා ඇය මේ වන විටත් මංපෙත් හෙළිකර ගෙන අවසන්ය. පුංචි වශින්‍යා මෙරට අපොස (සා.පෙළ) විභාගයේ ඉංග‍්‍රීසි විෂයට පෙනීි සිටියේ වයස අවුරුදු අටේදීය. එහි විශ්මිත බව පෙනෙන්නේ එම වසසේ දරුවෙක් මෙරට තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිසාය. වශින්‍යා එම විභාගයෙන් ‘‘ඒ ’’ සාමාර්ථයක් හිමිකර ගත්තීය. ඇගේ මෙම  විශ්මිත දැනුම කොතරම් දැයි කිවහොත් සිය මවගේ අනුදැනුම මත ඇය ඇයටම කියා තනිවම ඊමේල් ලිපිනයක් තනා ගත්තේ වයස අවුරුදු තුනේදීය. වශින්‍යාට වසර දෙකක් පමණ වනවිට පරිගණකයක් පරිහරණය කිරීමට දස්කම් පෙන්වූ සිගිත්තියක් වූවාය. 
වශින්‍යාගේ දැනුම අති මහත්ය. යමක් එක්වරම මහමෙරක් මෙන් ග‍්‍රහණය කරගැනීමේ හැකියාව ඇයට උපතින්ම හිමිව තිබේ. වශින්‍යා උපතින්ම ගෙනා මෙම අසීමිත බුද්ධිය වටහාගත් ඇගේ දෙමාපියන් ඇයට වයස අවුරුදු තුන සපිරීමත් සමගම ඇය ‘‘යුනික්’’ ජාත්‍යන්තර පෙර පාසලට ඇතුළත් කිරීමට තීරණය කළේය. සාමාන්‍යයෙන් වසර දෙකක පමණ කාලයක් කුඩා දරුවන් පෙරපාසල් යයිි. වශින්‍යා එක් වසරක් තුළ දෙවසරක පෙරපාසල් වැඩ නිම කළේ සියල්ලන්ම මවිතයට පත් කරමිනි. 
ඉන් පසු ඇයට වයස අවුරුදු පහ සම්පූර්ණ වීමත් සමගම ඇය කොළඹ ජාත්‍යන්තර පාසලේ පළමු වසරට ඇතුළත් කළේය.  ඒ වනවිටත් ඇයට දෙවන වසරේ දරුවෙකුගේ දැනුමක් උපතින්ම හිමිව තිබිණි. ඒ නිසා එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය ඇය තුන්වන වසරට උසස් කළේය. අප දන්නා භාෂාවෙන් කීවොත් එය වශින්‍යාට ලැබුණේ ඩබල් ප‍්‍රමෝෂන් එකකි.
ඇය තුන වසරේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ඇය විශ්මිත ලෙස අත්කරගත් අසීමිත දැනුම නිසා විදුහල්පතිවරයා සහ ගුරුවරුන් ඇයට යළිත් ඩබල් ප‍්‍රමෝෂන් එකක් දී ඇය හය වසරට උසස් කළහ. මේ ආකාරයේ සහජ කුසලතා මතුකළ පුංචි වශින්‍යා වයස අවුරුදු දහතුන සම්පූර්ණ වීමත් සමගම ලන්ඩන් (සා.පෙළ) විභාගයට නොබියව මුහුණ දුන්නාය. එම විභාගයෙන් ඉතා විශිෂ්ට ලෙස සමත් ඇය මේ වන විට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානම් වෙමින් සිටින්නීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එම්.බී.ඒ. උපාධියක් හැදෑරීමට පුංචි වශින්‍යා අදහස් කරගෙන සිටින නමුත් මේ වනතෙක් ඇයට එම අවස්ථාව හිමිව නැත්තේ ඒ සදහා ඇගේ වයස සම්පුර්ණ නොවීම නිසාය.
වශින්‍යා දස්කම් දක්වන්නේ අධ්‍යාපනයට පමණක් නොවේ. ඇය විෂය බාහිර ක‍්‍රියාකාරකම් කිරීමටද මහත් සමතෙකි. මේ වන විට පුංචි වශින්‍යා මැලේසිියාවේ ගුවන් නියමු පාඨමාලාවක්ද සාර්ථකව හදාරා තිබේ. එම ගුවන් නියමු පාඨමාලාව සම්පුර්ණ කර ඇය මේ වන විට Cessna 172 ගුවන් යානයක් අඩි 7000ක් ඉහළ අහසේ පියාසර කර ලොව ගුවන් නියමුවන්ටද අභියෝගය එල්ල කරමින් සිටින ගුවන් නියමුවරියකි.
සංගීතයෙහිද මහත් දස්කම් දක්වන ඇය මේ වනවිට පියානෝ සහ  ඕගන් වාදනයෙන් සමස්ත ලංකා ජයග‍්‍රහණ රැසක් අත් පත් කරගෙන ඇත්තීය. ශාස්ත‍්‍රීය වාදනයන්ට මහත් සේ ඇලූම් කරන ඇය ගීත ගායනයටද පි‍්‍රයතාවයක් දක්වන්නීය. භාෂා කීපයක් හදාරා ඇති වශින්‍යාට සිංහල, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ සහ ජර්මන් යන භාෂාද චතුර ලෙස කතා කරන්නටත් ලියන්නටත් හැකියාව පවතී. පසුගිය අපොස (සා.පෙළ) ප‍්‍රංශ භාෂා විභාගයට පෙනීසිට ඇය 'A’ සාමාර්ථයක් ලබාගත්තේ ඉතා පහසුවෙනි.
ඇය සතුන්ටද මහත් සේ ආදරය කරන්නීය. ඇය පණ මෙන් ආදරය කරන්නේ ඇගේ සුරතලා වන ‘ශූර්’ නම් බලූපැටවාටය. ඇගේ අසීමිත හැකියාවන් තුළ ගැබ් වී ඇත්තේ අධ්‍යාපනය දැණුම සහජ කුසලතා පමණක් නොව සත්ව කරුණාව ආදරයද නිහතමානීි බවද ඒ තුළින් විදහා දක්වන්නීය. 
මෙවන් දස්කම් දක්වන්නියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවන්නේ පසුගිය වසරේදීය. වයස අවුරුදු එකොළහේදී තොරතුරු තාක්ෂණ උපාධියක් හිමිකරගත් ලොව ළාබාලම සිසුවිය ලෙසත්, වයස අවුරුදු නවයේදී වෙබ් අඩවියක් නිර්මාණය කළ ලාබාලම සිසුවිය ලෙසත් ඇය ජනාධිපති සම්මාන ලැබූවාය. මීට අමතරව ඇය 2012 වසරේ ‘‘මැදරට අභිමානී’’ සම්මානයෙන්ද, 2014 දී ඇය කදුරට සාහිත්‍ය සහ කලා සංසදයෙන් පිරිනැමුණු ‘‘විශ්ව කීිර්ති’’ සම්මානයෙන්ද පිදුම් ලැබූවාය. මෙවන් දැරියන් රටේ වෙසෙන අනෙක් දරු දැරියන්ටද මහත් ආදර්ශයකි.
 
ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 813

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1498

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 774

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1989

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 649

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4496

Please publish modules in offcanvas position.