Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හබරකඩ නාහිමි ගුණ සමරු පිංකම ප‍්‍රංශයේදී

ශ‍්‍රී ලංකා භික්‍ෂු ශාසනයේ පැවිිදි ආකල්ප වලින් සපිරුණ සිල්වත් ගුණවත් ආදර්ශමත් සඟරුවනක් ලෙස ලෝවැසියන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ දක්‍ෂිණ ලංකාෙවි අධිකරණ සංඝනායක ධූරයෙන් පිදුම් ලත් පූජ්‍ය හබරකඩ ඉන්දරතන නාහිමියන්ගේ අපවත්වීම සැබවින්ම භික්‍ෂු ශාසනයට පිරිමැසිය නොහැකි පාඩුවක් ලෙස සඳහන් කළ යුතුය.
උන්වහන්සේගේ ලෝක සාසන සේවයට උපහාර පිණිස ආනන්ද මහා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය පූජ්‍ය ශාස්ත‍්‍රවේදී වේපතඉර හේමාලෝක නාහිමි,පූජ්‍ය මුරුංගගස්යායේ ඤාණිස්සර නාහිමි, පූජ්‍ය කෝනගස්දෙණියේ ආනන්ද මාහිමි, පූජ්‍ය බොරැුල්ලේ කෝවිධ මාහිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විශේෂ අනුස්මරණ පින්කමක් ඔක්තෝබර් මස 28 වන සෙනසුරාදා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමිගේ අනුශාසනා පරිදි මේ පිංකම පැවැත්වේ.
හබරකඩ විජයානන්ද පිරිවෙන් විහාරස්ථානයේ ආදිකතෘ අතිපූජනීය මාවනානේ පේමානන්ද නාහිමිපාණන් වහන්සේගේ අතිජාත ශිෂ්‍ය රත්නයක් ලෙස, උන් වහන්සේ භික්‍ෂු ශාසනයට ලබාදුන් සිසු පරපුර ඉතා විශාලය.  බුද්ධ සාසනය බැබලවීමට ප‍්‍රමාණවත් වූ සිසු පරපුරක් බිහිකිරීමට උන් වහන්සේට තිබූ හැකියාවම ඉතා අගය කොට සැලකිය යුතුය. හබරකඩ විජයානන්ද ධර්මායතනය අද ලොව පුරා ප‍්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් බවට පත් වීමට අපවත් වී වදාළ නාහිමියන් බිහිකළ සිසු පරපුරට අයත් උගත් වියත් භික්‍ෂුන් නිසා හැකියාව ලැබුණි.  
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්ය වරයකු ලෙස වසර 23ක් හබරකඩ ඉන්දරතන නායක හාමුදුරුවන් වහන්සේට ඉමහත් සේවයක් සිදු කරන්නට ගල්කිස්සේ වටරප්පල පාරේ බෞද්ධ ආයතනාධිපති කොළඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක දිවියාගහ යසස්සි නායක මාහිමිපාණන් වහන්සේ නිසා හැකියාව ලැබීමද සඳහන් කළ යුතුමය.  හබරකඩ නායක හාමුදුරුවන් රෝගාතුර වූ අවස්ථාෙවි පටන් උන් වහන්සේගේ කුදුමහත් කටයුතු වලට සහය දක්වමින් උන්වහන්සේ සුවකර ගැනීමට යසස්සී නායක මාහිමිපාණන් දිවයිනේ උසස්ම වෛද්‍ය වරුන් සම්බන්ධ කරගෙන උත්සාහ ගත්තද ඒවා සියල්ලම බුදුවදන සනාථ කරමින් නිරර්ථක වීම සියළු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍ය භාවය තවදුරටත් පසක්කර දීමක්ම විය.
හබරකඩ ඉන්දරතන නාහිමියන්ගේ ශිෂ්‍යයන් ලෙස දිවයිනේ උසස්ම වෛද්‍යවරුන් පවා උන් වහන්සේගේ ජීවිතය ගලවා ගැනීමට කළහැකි සියළු දේ සිදු කළත් ඔක්තෝබර් මස 01 වන දින උන් වහන්සේ සදහටම දෙනෙත් පියාගත්තේ රට ජාතිය බුද්ධ සාසනය වෙනුවෙන් කරන ලද අපරිමිත සේවයන් අප සිත් තුළ රඳවා තබමිණි.                                                          ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ප‍්‍රථම ප‍්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ සංවිධානය මඟින් ආරම්භ කළ පැරිස් බෞද්ධ විහාරයට පරවාහැර චන්ද්‍රරතන නාහිමිගේ ආරාධනයෙන් සහ ප‍්‍රංශයේ වාසය කරණ විජය ලියනගේ මහතාගේද දැනුවත්කම මත ශ‍්‍රී මහා බෝධි අංකුරයක්ද වැඩමවාගෙන ප‍්‍රථමයෙන්ම වැඩම කළේ පූජ්‍ය හබරකඩ ඉන්දරතන නාහිමිපාණන් වහන්සේය. 1984 වර්ෂයේ පරවාහැර චන්ද්‍රරතන නාහිමිගේ ආරාධනයෙන් ප‍්‍රංශයට වැඩම කළ ප‍්‍රථම භික්‍ෂුන් වහන්සේ ද උන් වහන්සේය. වසරක කාලයක් ප‍්‍රංශයේ වාසය කරමින් ධර්ම ශාස්තී‍්‍රය සේවාවන් සිදුකළ උන්වහන්සේ නැවතත් ආනන්ද මහා විද්‍යාලයේ සේවය සඳහා  ආපසු වැඩම කළේ ධර්ම ශාස්ත‍්‍රීය සේවය සිදුකරන්නට උන්වහන්සේ තුල තිබූ බලවත් කැමැත්ත නිසාමය. උන්වහන්සේගේ ශිෂ්‍යකු ලෙස පරවාහැර චන්ද්‍රරතන නාහිමිගේ ආරාධනයෙන් ප‍්‍රංශයට පැමිණි තවලම ධම්මික හිමියන් ස්විට්සර්ලන්තයේ ප‍්‍රධාන සංඝනායක හිමියන් ලෙස කටයුතු කරමින් බුද්ධ ශාසනයට සේවය සලසන අතර, හබරකඩ නාහිමියන්ගේ තවත් ශිෂ්‍යයකු වූ පූජ්‍ය හල්විටිගල සුජාත හිමියන් ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට බුද්ධ වචනය ඉගැන්වීම සඳහා පරිසරය නිර්මාණය කරගනිමින් වැඩ වසති.
විචිත‍්‍ර ධර්ම කථික හිමිනමක් වශයෙන්් ඉන්දරතන නාහිමියන් විසින් සිදු කරන ලද සේවාවන් කොපමණ ද කියා ප‍්‍රමාණ කිරීමට නොහැකි බව පරවාහැර චන්ද්‍රරතන නාහිමියෝ පැවසූහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 274

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 886

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 987

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1115

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1558

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2518

Please publish modules in offcanvas position.